Ads Top

Dual Carrier High Speed Packet Access(DC-HSPDA) ගැන දැනගමු.....




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක් මගෙන්.. 



හැමෝම අන්තර්ජාලය භාවිත කරනවනේ වර්තමානයේදී.. නැති අයත් ඉන්නවනේ.. එත් අද මං කියලා දෙන්නේ මොකක්ද මේ ඩුවල් කැරියර් ඉන්ටර්නෙට් සේවාව කියන්නේ කියලා... මොකක්ද කියලා බලන්න පහත කරුණු කියවන්න

01. ලංකාවේ වැඩියෙන්ම භාවිතා කරන ඉන්ටර්නෙට් තාක්ෂනය මොකක්ද ?

ඒ තමා කවුරුත් දන්න එච්එස්ඩිපිඒ (HSPDA- High Speed Down Link Packet Access) කියන අන්තර්ජාල තාක්ෂණයයි...මෙහිදී ජංගම දුරකථන සේවා සපයන තරංග සන්කයතය ඔස්සේම දත්ත සම්ප්‍රේක්ෂණය කරයි.ඒ සදහා අපි HSPDA ඩොන්ගල භාවිතා කරයි.



02.Dual Carrier High Speed Packet Access(DC-HSPDA) කියන්නේ මොකක්ද ?

HSPDA තාක්ෂනය තව දුරටත් දියුණු කරමින් සකස් කර ඇති තාක්ෂණයකි මෙය.මෙය ඩුවල් කැරියර් සේවාව ලෙස හදුන්වන්නේ කෙටි නම ලෙසින්ය. වර්තමානයේ 3.75G ලෙස හදුන්වන්නේ මෙයයි.



03.DC- HSPDA හි වාසිය මොකක්ද ?

මෙහි ඇති ප්‍රධානම වාසිය වනුයේ HSPDA තාක්ෂණයට වඩා මෙහි වේගය ඉහලය.HSPDA හි අන්තරජාල සම්භන්දතා වේගය වනුයේ 8-10 MbpS(Megabits per Second) වේ. එය හදුන්වන්නේ 3.5G ලෙසින්ය.. නමුත් DC- HSPDA  හි අන්තර්ජාල වේගය වන්නේ 42MbpS වේ. එම නිසා HD Videos අපට පහසුවෙන් නැරබිය හැකිය...

04.DC- HSPDA  භාවිතා කරන්නේ කොහොමද ?

මෙය සාමාන්‍ය HSPDA Dongleg එකක් භාවිතා කරමින් මෙම සේවාව ලබා ගත නොහැකිය.. ඒ සදහා විශේෂ ඩොන්ගලයක් උවමනා වේ...



එහෙනම් .DC- HSPD තාක්ෂනා පිළිබද ඔබට වැටහීමක් ඇති වූවායයි හිතනවා.. එහෙනම් නැවත හමුවෙමු...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.