Ads Top

ඌව පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ. මෙන්න අපේ රටේ එක් එක් පළාතේ සුන්දරත්වය ගැන ලියන දෙවැනි ලිපිය.



කලින් අපි ලිවේ සුන්දර දකුණු පළාත ගැනයි. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුළුවන් ඔයාලට.


අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ සුන්දර "ඌව පළාත" ගැන ලියන්නයි. මේ රටේ කොයි පළාත ගැන ලියන්න හිතුවත් ,තියෙන්නෙම අතිශය සුන්දරම ස්ථානමයි. එතරම් මේ රට වාසනාවන්තයි..

ඌව පළාත ගැන කෙටි හැදින්වීමක් මෙන්න. 

                                                 ඌව පළාත දිස්ත්‍රික්ක දෙකකින් මායිම් උන සුන්දරත්වය නො අඩු පළාතකි. බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙක මෙහි අඩන්ගු වන අතර බදුල්ල පළාතේ අගනරය වන අතර ලංකාවේ අඩුම පිරිසක් සිටිනා දිස්ත්‍රික්කයද මෙය වෙයි. විශාලත්වය වර්ග කිලෝමීටර් 8500කි. 

01. රාවනා ඇල්ල

රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) ඌව දිස්ත්‍රික්කයේ අතිශය සුන්දර දියඇල්ලකි. අතීතයේ ජනප්‍රවාද වලට අනුව රාමා හා ලක්ස්මන විසින් රාවණ රජුගේ සහෝදරියගේ නාසය කපා දැමීම හේතුකොටගෙන රාවණා රජු විසින් සිතා දේවිය පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස ගුහාවක රදවා තිබු බව සදහන්ය. මෙහි සිට ඔහු රාවණහැත්ත වාදනය කල බවද පවසයි. දිය ඇල්ලේ උස මීටර 25කි. 


02. කතරගම පුදබිම
මෙය හින්දු හා බෞද්ධ බැතිමතුන්ගේ පුජනිය භූමියකි. කතරගම දෙවියෝ ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු ස්ථානයකි. කරුණාකර මෙහි ඔබ ගියොත් එහි පුජනීයත්ව සුරකින්න වග බලාගන්න.

03. රාවනා ගුහාව
මෙය කුඩා පරිමාණයේ ගුහාවකි. අඩි 50කින් පළල් වූ දිගින් අඩි 150ක්ද උසින් අඩි 60කින් විශාල උවකි..මෙය මුහුදු මට්ටමේ සිට මීටර 1370 ක උසකින් තියෙන්නේ. වර්තමානයේ බොහෝ සංචාරකයින් ඇදෙන ස්ථානයක් බව කිව හැකිය. 

04. බඹර කන්ද දියඇල්ල
හැමෝම දන්නවා වගේ මෙය ලංකාවේ උසම දිය ඇල්ල වන අතර මෙහි උස මීටර 263කි. ලෝකෙන්ම 299 උසම දිය අල්ලයි. මෙය වළවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. 

05.බෝගොඩ ලී පාලම
16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. මෙය දැවයෙන් නිර්මාණය කර ඇති පැරණිතම පාලම ලෙස සැලකේ. මෙය නිමවා ඇත්තේ එක ගසක් යොදාගෙන බවද පැවසේ. දිගින් මීටර 15කින්ද , පළලින් මීටර 1.5කින් ද සමන්විතරයි. 

06. ඇඩිශම් බංගලාව
ක්‍රි.ව. 1931  බ්‍රිතාන්‍යන් විසින් ගොඩනංවන ලද විශාල බංගලාවකි. වර්තමානයේ මෙය රෝමානු කතෝලික බෙනෙඩික්ටයින් තාපසාරාමය පවත්වාගන යයි. 1887 ඩි ලංකාවට පැමිණි තෝමස් ලෙස්ටර් විල්ර්ස් මහතා විසින් මෙය නිමවන ලද්දකි. ඔහු එංගලන්තයේ සිට අනවසරෙන් ලංකාවට පැමිණෙන විට ඔහු සන්තවක තිබී ඇත්තේ පව්ම් 10ක සුළු මුදලකි. පසුව ඔහු වතු වැවිලිකරුවකු ලෙස සේවය කරමින් අවසානයේදී වතු හිමියකු බවට පත්විය. 

07. දුන්හිද දියඇල්ල
මෙම දිය ඇල්ලේ උස මීටර 64ක් වන අතර ලංකාවේ තියෙන අතිශය සුන්දර දිය ඇල්ලකි. මෙම දිය ඇල්ලේ පාමුලපවතින මිදුම හේතුවෙන් (ජලවාෂ්ප) මෙයට එම නම ලැබී ඇතැයි පැවසේ. සිංහලෙන් දුන් යනු දුම යන අර්ථයයි.මෙය නිර්මාණය කරන්නේ බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔයෙන් වේ. 

08. ආරුක්කු 9 පාලම
වර්තමානයේ දේශීය විදේශීය සංචාරකයන්ට නැතුවම බැරි සංචාරක ස්ථානයකි. යටත් විජිත සමයේ නව දුම්රිය මාර්ග යුගයක අරබුමක සටහනක් ලෙස මෙය හදුන්වා දිය හැකිය. මෙය නිර්මාණයට උපදේශ දී ඇත්තේ ලාංකිකයකු වන පි.කේ. අප්පුහාමි මහතා විසින්ය. මෙය දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර මැද පවතින අතිශය මනරම් වටපිටවකින් සමන්විත වුවකි. පාලමේ දිග අඩි 300ක් වන අතර පළල අඩි 25කින්ද උස අඩි 80කිඬ් සමන්විතයි. ඉදිකිරීම් අවසන් කරන ලද්දේ 1921දිය.

09. ඇල්ල
ශ්‍රී ලංකාවේ වර්තමානයේ සංචාරක කර්මාන්තයේ අතිශය ජනප්‍රියම ස්ථානයකි. මෙය බදුලු දිස්ත්‍රික්කයේ තියෙන කුඩා නගරයකි. මුහුදු මට්ටමේ සිට මීටර 1041ක උසකින් පවතී. හරිත පහන් හා මීදුමෙන් පවතින මෙය කදු පන්ති රැසකගේ හා ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය කරන සුන්දරම තැනකි. කාර්යබහුල ඔබ අනිවාර්යෙන්ම යා යුතු සුන්දරම ස්ථානයකි. 

10. Little Adams Peak
ශ්‍රී පාදස්ථානය පිහිටි කන්ද හා සමාන ආකාරයෙන් මෙය තියෙන නිසා මෙයට Little Adams Peak හෙවත් පුංචි සිරිපාදය ලෙස නම් කර ඇත. මෙහි උස මීටර 1141 කි. දේශීය විදේශීය සංචාරකයන් අමතක නොකරන තැනකි. මෙතනට පැමිණෙන ඔබට අවට වට පිටව 360 කෝණයකින් පහසුවෙන්ම දැකිය හැකිය. කාර්යබහුල ඔබගේ මනස සන්සුන් කරන තැනක් බවට සහතිකයි. 



විස්තර හා රුපරමු - අන්තර්ජාලය ඇසුරෙනි 

මේ රට අතිශය සුන්දරයි එහි සුන්දරත්වය අනාගතයට ලබාදිය යුත්තේ ඔබයි. එම නිසා මේ සියලුම ස්ථාන තමන්ගේ සේ සිතා ඒවා ආරක්ෂා කරන්න.නැවතත් අලුත් ලිපියකින් මුණ ගැසෙමු. 


2 comments:

  1. Replies
    1. Thanks. මේවා ගොඩක් වැදගත්

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.