Ads Top

අන්තර්ජාලයෙන් පොලිස් වාර්තාවක් ලබාගන්න ආකාරය - How to apply Online Police report in Sri lanka Part 1


ආයුබෝවන් යාලුවනේ. අද  අපි කතා කරන්නේ අපි කාටත් වැදගත් වෙන. රට යන අයට අත්‍යවශ්‍ය වන වාර්තාවක් ගැනයි. හැමෝටම වැදගත් නිසා වැඩි කතා නැතුව වැඩේට බහිමු. එහෙනම් ඔන්න අද කතාව. 


"පොලිස් වාර්තාව" රට යන්න ඉන්න ඔබට හෝ වෙනත් රැකියා හෝ අනෙකුත් සිදුවීම් සදහා ඔබට අත්‍යවශ්‍ය වන ලිපියක් බව අපි හැමෝම දන්නවා. කොහොමද මේ පොලිස් වාර්තාවක් අන්තර්ජාලය භාවිතා කරලා ඉල්ලුම් කරන්නේ(How to apply Online Police report in Sri lanka) ? 

අද ලිපියෙන් කියලා දෙන්නේ එක ගැනයි. කෙටියෙන් කිවොත් හරිම සරල දෙයක් මේක. බය වෙන්න කිසිම හේතුවක් නැ. දැන් අපි ලෑස්ති වෙමු පොලිස් වාර්තාවක් Online හෙවත් අන්තර්ජාලය භාවිතා කරලා ඉල්ලුම්(Apply) කරන්න. 

පොලිස් වාර්තාවක් ගණන් ගන්න ඔබ සුදානම් වනවිට. පහත සදහන් දේවල් ඔබ සතුව තිබීම අනිවාර්යයි.

  1. ඔබගේ උප්පැන්න සහතිකයේ ඉදිරිපස හා පිටුපස Scan පිටපත් දෙකක්. 
  2. ඔබගේ ජාතික හැදුනුම්පතෙහි ද ඉදිරිපස හා පිටුපස Scan පිටපත් දෙකක්.
  3. ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ඔබගේ විස්තර අඩංගු පිටුවෙහි Scan පිටපතක් හා ඒ පිටුවටම එහා පට්ටේ තියෙන පිටුවේ ඔබට යා හැකි රටවල් ගැන අදාල පිටුවේ Scan පිට පතක්.
  4.  Credit හෝ Debit Card පතක් ගෙවීම් සදහා.
විශේෂයි - මේ හැම Scan එකක්ම JPG රුප Format එකෙන් තිබිය යුතු අතර, සියලුම Files කිලෝබයිට් 250KB ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් විය යුතුමය. 

එසේම මෙම රිපෝර්ට් එක සදහා රුපියල් 1500ක මුදලක් වැය වන අතර, අමතර ගනුදෙනු ගාස්තුවක් වශයෙන් රුපියල් 30ක්ද වැය වේ. එම නිසා ඔබගේ ගිණුමේ රුපියල් 1530ක් තිබීමද අනිවාර්යයි. 

Online Police Report එකක් Apply කල හැක්කේ ඔබට වැඩ කරන සතියේ දින වල උදේ 9 සිට හවස 4 දක්වා පමණයි. 

එසේ නම් දැන් පටන් ගමු Police report එක ගන්න විදිහ.

01 -  මෙන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න - Click Here 
ඉන් පසු ඔබට මේ ආකාරයේ වෙබ් පිටුවක් විවර්ත වනු ඇත. රුපයේ පෙන්වා දී ඇති පරිදි "Proceed" බටනය ඔබන්න.



02 - ඉන් පසුව ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් Open වේ.  එයින් ඔබ කැමති ඔබගේ ගිණුමකින් ලොග් වන්න. 



03 - පසුව මෙවැනි ආකාරයේ වෙබ් පිටුවක් විවර්ත වේ. එහිදී පහත විස්තර පුරවන්න.

i. Nationality -  පුරවැසිබව
ii. Date of Birth - උපන්දිනය
iii. Did you leave Sri Lanka before the age 16 ?- අවුරුදු 16 ට කලින් විදේශ ගත විද යන්න. එසේ උවහොත් තව විස්තර ටිකක් එකතු කරන්න සිදුවේ.
iv. Age in years - වයස 
v. NIC No - ජාතික හැදුනුම්පත් අංකය (Confirm NIC එකට එයම හරියට දෙන්න)
vi. New NIC No - අලුත් ජාතික හැදුනුම්පතක් ඇත්නම් එයත් නිවැරදිව ලබා දෙන්න. එසේ නැත්නම් මග හරින්න.
vii. Passport No - විදේශ ගමන් බලපත්‍රයේ අංකය. 
viii. Country - ඔබ යන රට.
ix. Reference high Commission/Embassy/ Consulate - ඔබ මෙම පොලිස් වාර්තාවේ යොමුව ලබා දිය යුත්තේ කාටද යන්න. අදාල රටේ එම්බසි එකට හෝ අදාල පුද්ගලයට. ඉන් පසු එහි ලිපිනයට Auto Fillවනු ඇත. 
x. Captcha Text - ඊට එහා පැත්තේ තියෙන Code එක නිවැරදිව Type කරන්න.

ඉන් පසු "Verify" කරන්න. 


04. ඉන් පසු එම පිටුවේම තවත් විස්තර ඇතුලත් කරන්න ඒවි. පහත අයුරින්. 

මෙතැනදී නිවැරදිව ඔබේ NIC එකට අදාලව ඔබ ලියන නමයි, Passport එකේ තියෙන නමයි ටයිප් කරන්න. ඉන් පසුව පොලිස් වාර්තාව ප්‍රින්ට් විය යුත්තේ කුමන නමක් යටතේද අහනවා (which name should be printed in certificate) එතැනදී ඔබේ නම වෙනස් කමක් නැත්නම් NIC එක දෙන්න නැත්නම් ඔබට දිව්රුම් පෙත්සමක් ද Attached කරන්න සිදුවේවි.

ඉන් පසුව ඔබ ජිවත් වන පොලිස් කොට්ටසය හා ඔබේ ලිපිනයද ඇතුලත් කිරීමට සිදු වේ. ඔබ පොලිස් කොට්ටාස කීපයක සිටි ඇත්නම් ඒ අදාල කල වකවානුව හා ලිපිනයද නිවැරදිව ලබා දෙන්න. උපන් දා සිට එකම පොලිස් කොට්ටාසයේ කෙනෙක් නම් උපන්දා සිට අද දක්වා තෝරන්න. (Add භාවිතා කරන්න)

පසුව ඇත්තේ ඔබගේ පොලිස් වාර්තාව එවන්න ඕන ලිපිනය ගැන විස්තර. එයත් සම්පුර්ණ කරන්න.


05. ඉන් පසුව ඇත්තේ ඔබගේ බිරිද හෝ ස්වාමිපුරුෂය ගැන විස්තර සම්පුර්ණ කරන්න. පසුව අදාල Documents attached කරන්න Choose file ගිහින් අදාල ෆයිල් එක තෝරලා. 

  • Passport Details Page
  • Passport Country Allowed
  • NIC Front Side
  • NIC Back Side

  • New NIC Front Side (නව ජාතික හැදුනුම්පතක් ඇත්නම් පමණයි)
  • New NIC Back Side (නව ජාතික හැදුනුම්පතක් ඇත්නම් පමණයි)

  • Birth Certificate Front
  • Birth Certificate Back

  • Affidavit - NIC එකේ ඇති නම print වෙන්න Select කළහොත් මෙය එන්නේ නැත. නමුත් Passport එක තේරුවොත් ඔබා දිව්රුම් පෙත්සමක්ද Upload කිරීමට සිදු වේ.


06. ඔබ නිවැරදිව Documents upload කල පසු හරි ලකුණක් සලකුණු වේ. පසුව පහත තිබෙන ඔබ ලබාදුන් විස්තර සත්‍ය බවට තහවුරු කරන හරි සලකුණ දමා Submit කරන්න. 



ඉතින් යාලුවනේ පොස්ට් එක ටිකක් දිගට ගියා වැඩි. මේකේ ඉතුරු කොටස දෙවැනි ලිපියෙන් බලාපොරොත්තුවන්න. එකේ තියෙන්නේ ගෙවීම් සිදුකරන ආකාරය ගැනයි. එහෙනම් අයෙමත් ඉක්මනින් මුණ ගැසෙමු. 

දෙවන ලිපිය සදහා පිවිසෙන්න. 






1 comment:

  1. Playtech casino review 2020 - Dr. MD
    Playtech casino 광주 출장샵 review 2020, including real-time and 창원 출장마사지 online banking 오산 출장샵 options Playtech gaming software: online gaming 포항 출장마사지 platform, software provider 과천 출장마사지 and casino software

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.