Ads Top

ආයුබෝවන් යාලුවනේ... මම දැන් ඔයාලට කියන්න යන්නේ....අලුත්ම දෙයක් ගැන...


 RAM(Read Access Memory)  යන උපාංගය ගැන කිව්වොත් එක පරිගණකයකට නැතිවම බැරිම උපාංගයක් නේ.. එක අනිවාර්යෙන් පරිගණකයකට අවශ්‍ය වේ... 






 RAM(Read Access Memory) එකෙන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වන විටත් වැඩ කරන විටත් ඒවායේ විස්තර මතක තියාගන්නේ එකෙන්නේ...එකට කියන්නේ සසම්භාවී ප්‍රවේශ මතකය කියල තමා..  RAM(Read Access Memory)  එකක් පවතින්නේ විදුලිය පවතින තාක්පමණි... මෙයට 
  1. වොලටයිල්(Volatile-විදුලිය මත රද පවතින නිසා) මෙමරි
  2. නෂ්‍ය මතකය 
නමුත් විදුලිය කපාහැරී ගිය විටත් මතකයේ රැදෙන තාලයේ උපාංගයක් මේවන විට නිපදවා තියෙනවා.. එය හදුන්වන්නේ 
රීරැම්(ReRam-resistance RAM).. එය හදුන්ව දී ඇත්තේ ජපානයේ එල්පීඩා(Elpida) සමාගමයි.. 

වර්තමානයේ ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක වල ඇත්තේ ඩිරැම්(DRam-Dynamic RAM) උපාංගය...මෙහි ඇති විශේෂතාවය වන්නේ තොරතුරු ලබා දීම හා ලබාගැනීම වේගයෙන් කිරීමට හැකි වීමයි.. එවැනි හුවමාරුවකට ගත වන්නේ නැනෝ තප්පර හෙවත් තප්පර සිය කොටියෙන් පංගු 10 තරම් කුඩා කලයාකදීය..ඩිරැම් වෙනුවට රීරැම් භාවිතා කිරීමෙහි බාධාවක් නැත..


විදුලිය විසන්දි වූ විට නැති වී යන මතකය ලබා ගැනීමට ෆ්ලෑෂ් මෙමරිය(Flash Memory) භාවිතයෙන් ගත නොහැකිය..  ඒ මන්දයත් එහි තොරතුරු හුවමාරු කරගන්නේ මන්දගමිවය.. 

දැන් සොයා ගෙන තිබෙන රැම් තාක්ෂනය බොහෝ පර්යේෂණවල ප්‍රතිපලයක් තමා..

  1. එවර්ස්පින්(Everspin) සමාගම සොයා ගත් එම්රැම්(MRAM-magneto resistive RAM) 
  2. මයික්‍රෝන්(Micron) සමාගම විසින් සොයාගත් පිසිඑම්(PCM-phase change memory) තාක්ෂනය 
  3. සැම්සුන් සමාගම විසින් නෂ්‍ය(non-volatile) නොවන තාක්ෂණයක් සොයාගෙන තියෙනවා.. එය එස්ටිටි රැම්(STTRAM-spin transfer torque RAM)
  4. යුනිටි සමාගමේ(Unity) සොයාගැනීම නම් කර ඇත්තේ සීඑම්ඩිඑක්ස්(CMDX-complementary metal oxide) කියාය..
  5. ඇඩේස්ටො(Adesto) සමාගම විසින් සිබිරැම්(CBRAM-conductive bridging RAM) නම් තාක්ෂනය සොයා ගෙන ඇත..
  6. එමෙන්ම රේස්රැක්(Racetrack) යනු Intel සමාගමේ තාක්ෂණයකි..


මේ සියළුවම තාක්ෂණ එක්කෝ වේගයෙන් අඩුයි.. එමෙන්ම සමහරක් මිලෙන් ඉතා අධිකයි.. නමුත් රීරැම් තාක්ෂනය එසේ නොවේ.. එය වේගවත්ය.. එය නිෂ්පාදනය යන සදහා යන වියදමද අඩුය..
අද බොහෝ විද්වතුන් බලාපොරොත්තු වන්නේ මීලග රැම් පරම්පරාවේ තාක්ෂනය රීරැම් ලෙසය..







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.