Ads Top

ආයුබෝවන් යාලුවනේ කොහොමා ඉතින් හුග දවසකින් තමා මගේ බ්ලොග් එක ලියන්න හිතුනේ.. මේ ටිකේ කට්ටියම පාලුවෙන් ඇතිනේ.. අනිද්දා ගිට්(GIT) විභාගෙනෙ.. ඔන්න ඉතින් අද මම කියල දෙන්න යන්නේ ගොඩක් අය නොදන්නා නමුත් දැනගත යුතු දෙයක් පිලිබදවයි.. අපේ පරිගණක වල හාඩ්වෙයාර් හෙවත් දෘඩාංග හි අයිඩි (Hardware ID) පිලිබදවයි.. ඒවා හොයා ගන්න ආකාරය පිළිබද වැටහීමක් ලබා දෙන්නයි.. ඇයි අපිට එක උවමන වෙන්නේ.. ඒ මේ සදහායි.. අපේ පරිගණක වල ඩ්‍රයිවර්ස්(Drivers) ලබා ගැනීමට මෙය බෙහෙවින් උපකාරී වෙනවා..මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ..


 එකටම කරන්න ඕනේ මෙහෙමයි..

 එක My Computer වලට ගොස් එහි Properties තෝරාගෙන Device Manager වෙත යාම 




Device Manager ගිය පසු අපට අවශ්‍ය හාඩ්වෙයා එකේ අයිඩි එක සොයා ගැනීමට අවශ්‍ය කරන ස්ථානය පෙන්වීම(මෙහි පෙන්වා ඇත්තේ Sound සදහා වෙන් වූ කොටස පිලිබදවයි )

දැන් අපි එහි හාඩ්වෙයාර් අයිඩි එක සොයා බලමු 

 තෝරාගත් කොටසේ Properties තෝරාගත යුතුය.. ඉන් පසු එහි Detail තෝරාගෙන Property හි Hardware IDs තෝරාගැනීමෙන් ඔබට අදාල කොටසේ හාඩ්වෙයාර් අයිඩි එක දිස් වේ..



දැන් අපි අපට අවශ්‍ය කරන හාඩ්වෙයාර් අයිඩි එක සොයා ගන්න ආකාරය දැනගත්තානේ.. දැන් බලමු එක උපකාරී කරගෙන  හොයාගන්නේ කොහොමද කියලා

දැන් පළමුව ගුගල් වෙත පිවිසෙන්න 

 පහත රුපයේ නිල පාටින් වර්ණ කර ඇති කොටස දෙවරක් ඔබ කොපි කරගන්න.. ඉන් පසේ එය ගුගල් වෙත ගොස් පේස්ට් කර සර්ච් කරන්න.. එවිට ඔබට පෙනේවි අදාල එකට අවශ්‍ය කරන මුදුකාංගය බා ගත හැකි වෙබ් අඩවි-....



මම හිතන අද ඔයාලා අලුත් මෙයින් යමක් ඉගෙන ගත්තා කියල මොන හරි අවුලක් තිබ්බොත් කියන්න.. එහෙනම් ආයේ  හම්බ වෙමු...

5 comments:

  1. www.හරි_හොදා.lk

    ReplyDelete
  2. මට නම් පෝස්ට් එක මාරම මාර වැදගත්... දැන් නෙවෙයි... වැදගත් වුණ දවසක් ආවා... මගේ පළවෙනි කම්පියුටරේට ඩ්‍රයිවර් සීඩී එකක් දුන්නේ නෑ... ඒ දවස්වල එහෙම එකක් ගැන දැනගෙන හිටියෙත් නෑ... ඉතින් රට වටේ හොයලා තමා ඒකේ සවුන්ඩ් හදා ගත්තේ... එදා මේ දේ දැනගෙන හිටියනම් කාපු කට්ටෙන් දශමයක්වත් කන්න වෙන්නේ නෑ කියලා හිතුනේ පෝස්ට් එක කියෙව්වට පස්සේ... බොහොම ස්තූතියි...

    කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරා නම් හොදයි වගේ...

    ReplyDelete
  3. යමක් ඉගෙන ගත්තට ගොඩක් ස්තුතියි.. ඔබව සාදරයෙන් පිලිගන්නවා...!!!

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.