Ads Top

ආයුබෝවන් යාලුවනේ අද මගේ බ්ලොග් දෙකේම ලිපි ලිව්වා.. ඇති වෙන්න.. මේ තියෙන්නේ මගේ අනිත් බ්ලොග් අඩවිය "ලංකාවේ අපේ අදහස් සහයකයා" එකෙන් ඔයාලට මුදුකන්ගවල සිරියල් නම්බර් හොයාගන්න පුළුවන්.. දැන් මම තවත් දැනුවත් විය යුතු දෙයක් ගැන තමා කියලා දෙන්නේ.. දැනුම කියන්නේ බෙදා ගන්න ඕන දෙයක් නේ.. මෙන්න එහෙනම් එකත්...



ඔන්න දැන් කියලා දෙන්නේ අපි කවුරුත් හදුනන, දන්නා පරිගණකයට වඩාත් වුවමනා වන RAM කාඩ් ගැන තමා (Random Access Memory).. 


RAM කියන්නේ අපේ පරිගණක වලා වඩාත් අත්‍යවශ්‍ය දෙයක් බව ඔයාලා හොදටම දන්නවනේ.. එකෙන් වෙන්නේ තවකාලිකව පයිල්ස් මතක තියාගෙන පාලන ඒකකයට සහයෝගය දෙන එකනේ.. එක හරියට අපේ කෙටි කාලින මතකය වගේ නේද..

ඉතින් දැන් මම කියලා දෙන්නේ  RAM වර්ග 3 ගැන ක්‍රියාකාරිත්වය ගැනයි....එනම් 

01.SDRAM
02.DRAM
03.RERAM

මොකක්ද මේ SDRAM කියන්නේ 

Static Ram කියන්නේ මෙයයි. මෙයට රදවන මතකයක් පරිගණකයේ විදුලිය ඇති තෙක් පවතී.විදුලිය විසඳි වූ පසු මෙහි මතකය නැති වෙයි. මේවා DRAm වලට වඩා මිලෙන් අධිකය. එමෙන්ම මෙහි දත්ත හුවමාරු වේගය DRAM වලට සාපේක්ෂව ඉතාමත් වැඩිය. SRAM භාවිතා කරන්නේ ප්‍රොසෙසර් හා මදර්බෝඩ්වල ඇති කෑෂ් මෙමරි සදහාය. 



මොකක්ද මේ DRAM  කියන්නේ 

D RAM  කියන්නේ ඩයිනමික් RAM (Dynamic RAM)ය. මේවයේ මතකයේ රැදෙන්නේ ඉතා සුළු කාලයකි. මේ නිසා දීර්ඝ කාලයක් මෙම Ram වල දත්ත රදවා තබා ගැනීමට අවශ්‍ය නම් ඒවා නිතර නිතර අලුත් කල යුතු වේ.පරිගණකවල භාවිතා වන SD, DDR, DDR2. DDR3 මොඩියුල් වල භාවිතා වන්නේ DRAM ය. මේවයේ මිල අඩු නිසා වැඩි ධාරිතාවයකින් යජි Ram මිලදී ගත හැකිය.


මොකක්ද මේ RERAM කියන්නේ 

අනාගතයේදී ජනප්‍රිය විය හැකි Ram  විෂයක් බවට මෙය හදුන්වා දිය හැකිය. රි රැම්(RE RAM) හෙවත් රෙසිස්ටිව් රැම් (Resistive RAM) වේ. RRAM හා  RE RAM ලෙසද හදුන්වයි. විදුලි බලය නොමැති වුවද මේවා තුලා දත්ත ගබඩා කිරීමේ හැකියාවද  ඇත.මෙය සාමාන්‍ය ඩි රැම් තරම් වේගවත්ය.


වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු...


1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.