Ads Top

වයඹ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ අද අපි කතා කරන්නේ ලංකාවේ පළාත් නවයෙන් අපි කතා කරන අවසාන පළාත.



පොල් ත්‍රිකෝණයෙන් වැඩි කොටසක් හිමි දිස්ත්‍රික්ක දෙකක් පමණක් ඇති තවත් සුන්දරම පළාතක් වන "වයඹ පලාත" ගැනයි මේ.  අනිත් පළාත් ගැන දැනගන්න මේක පහල ලින්ක් බලන්න


  1. ඌව පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  2. දකුණ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  3. සබරගමු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 1
  4. බස්නාහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  5. මධ්‍යම පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  6. නැගෙනහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  7. උතුරු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  8. උතුරු මැද පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  9. වයඹ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
වයඹ පළාත ගැන කෙටි විස්තරයක් මෙන්න. 
                                                                 වයඹ පළාත දිස්ත්‍රික්ක දෙකින් සමන්විත සුන්දර මුහුදු තීරයක්ද කදු සහිතව ඇති පළාතකි. කුරුණෑගල හා පුට්ටලම එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 7,888 කි.

01. යාපහුව රාජධානිය
Instagram -visitussrilanka
ශ්‍රී ලංකා රාජ්‍ය ඉතිහාසයේ තවත්ව් ඇදගත් ස්ථානයක් වන්නේ යාපහුව බලකොටුවයි. විවිධ ආක්‍රමණ හා අපදා හේතුවෙන් රාජධානිය සංක්‍රමණය වීම නිසා හතවරවන රාජධානිය නිර්මාණය වීම මෙහිදී සිදු විය. කුරුණෑගල මහව ප්‍රාදේශීය ලේකම් කොට්ටසයට හිමි ස්ථානයකි. වැඩි විස්තර සදහා - Wikipedia

02. ආනවිලුන්දාව කුරුළු අභය භුමිය
කුරුළු පාරාදීසයක් වන මෙය පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිට ඇත. විශාලත්වයෙන් හෙක්ටයාර් 1,397කින් විශාලත්වයෙන් යුතු මේ අභයභුමිය සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත වේ.

03. මුන්නේශ්වරම් කෝවිල - හලාවත
Instagram  - asanka_nirmani
ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි හින්දු බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් අයගේද ගෞරවයට පාත් වූ රාම රජු හා බැදී කෝවිලකි. ක්‍රි.පු. 1000 දක්වා අතීතයකට දිවයන මෙම කෝවිල දිගු ඉතිහාසයක් හිමි මෙන්ම මෙහි නිමානය කිරීම් කර අත්තේ මහනුවර කිර්ති ශ්‍රී රාජසිංහ රජුය.
04. ඇතුගල - කුරුණෑගල

Instagram  - asanka_nirmani
ඔබ කුරුණෑගල කිසියම් හෝ දිනක සංචාරය කර ඇති අයකු නම්, මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව අනිවාර්යෙන්ම දැක තිබෙනවා නොඅනුමානයි. රාත්‍රියට ආලෝකකරණය නිසා බැබලෙන මෙය ආගමික හා සොබාවික ආකර්ශනයක් හිමි වේ. මීටර 316 කින් උසින් යුතු හස්තියකුගේ හැඩය ගත් නිසා මෙයට ඇතුගල ලෙස හදුන්වා තිබේ. 


05. සා. ආනා ජාතික සිද්ධස්ථානය - තලවිල
ශ්‍රී ලංකාවේ තිබෙන තවත් ජාතික දේවස්ථානයක් ලෙස හදුන්වන මෙය කතෝලික මෙන්ම අනෙකුත් බැතිමතින්ගේද නොමද ගෞරවය හිමි දේවස්ථානයකි. වැඩි විස්තර සදහා - kataragama.org

06.  වදාකඩ ඇල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මෙය මීටර 6 ක පමණ උස දිය ඇල්ලකි. සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත මෙයට විවිධ රජවරුන් හා බැදී කතා රැසක්ද පවතී. එනම් වළගම්බා රජුගේ බිසෝවරුද මෙහි ස්ථානය සදහා පැමිණ ඇති බව එක් කතාවකි.  වැඩි විස්තර සදහා amazinglanka.com


07. කල්පිටිය බලකොටුව
Instagram  - fjordsandbeaches

ක්‍රි.ව. 1667-1676 කාලයේදී ලන්දේසින් විසින් නිර්මාණය කරන ලද්දකි. පුත්තලම් කලපුවට යාබදව පිහිටි මෙය පුත්තලම් ප්‍රදේශයේ කුරුදු ප්‍රහාණය සදහා භාවිතා කරන ලද්දකි. කල්පිටිය අතීත දෙමල ජනයා විසින් කව්පුට්ටි නමින් හදුන්වූ අතර අරාබි වෙළදුන්ගේ ජනප්‍රිය වෙළෙද මධ්‍යස්ථානයකි. 

08. පඩුවස්නුවර රාජධානිය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මෙය හෙක්ටයාර් 20ක් පුරා පැතිරුණ පෞරාණික භූමියකි. පළමුවන පරාක්‍රමබාහු රජු අදිපද තනතුර දරු අවධියේදී ඔහු මේ ස්ථානයේ සිට දක්ෂිණ දේශය පාලනය කළා යයි සැලකෙන අතර එම නිසාම පඩුවස්නුවර ලෙස ප්‍රසිද්ද වී ඇත. Wikipedia

09. දැදුරු ඔය ජලාශය 
දැදුරු ඔය ජලාශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටන ලද්දකි. දැදුරු ඔය ලංකාව හයවන විශාලතම ගග ලෙසද හදුන්වන අතර කිලෝමීටර 142ක දිගකින් සමන්විතය. 

10.  තබ්බෝව වැව
හෙක්ටයාර් 461 ක් පමණ විශාල වූ මෙය නිර්මාණය කලේ යයි සැලකෙන්නේ කාවන්තිස්ස රජුවිසිනි. 

පළාත් 9 සුන්දරම ස්ථාන ගැන ලියු ලිපි මාලාව අදින් අවසන් වන අතර, ඉදිරියේදීත් මෙවැනි සංචාරක ලිපි එකතු කිරීමටද බලාපොරොත්තු වෙමි. එහෙනම් අයෙමැහැ මුණ ගැසෙමු. 

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.