Ads Top

දකුණු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10


ආයුබෝවන් යාලුවනේ. අද සිට විශේෂිත පොස්ට් 9 ක් ඉදිරිපත් කරන්න සුදානම්. මොනව කිදයලා බලන්න.



ශ්‍රී ලංකාව ලෝකේ තියෙන සුන්දරම වගේම වාසනාවන්තම රට කිවොත් මම වැරදි නැ. මොකද එහෙම වෙන්නේ හේතු ගොඩක් තියෙන නිසා. මේ පොස්ට් 9න් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ තියෙන පළාත් 9ට අදාල සුන්දරම ස්ථාන 90ක් ගැන කතා කරන්නයි. එක පළාතකට 10 බැගින්. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ නිවාඩුවකට සංචාරයක් යන්න කැමති ආස අයට මේ පොස්ට් එක නිසා එයාලගේ සංචාරය වඩාත් පලදායි ලෙස ගත කරන්න පුළුවන් වගේම හොදම ස්ථාන නරබිමටත් හැකිවීමයි. එහෙනම් පටන් ගමු.  පිළිවෙලක් ඇතුව පටන් ගත්තොත් පළවෙනියෙන්ම මම තෝරාගත්තේ "දකුණු පළාතයි".


  1. ඌව පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  2. දකුණ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  3. සබරගමු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 1
  4. බස්නාහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  5. මධ්‍යම පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  6. නැගෙනහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  7. උතුරු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  8. උතුරු මැද පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  9. වයඹ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10

දකුණු පළාත ගැන කෙටි හැදින්වීමක්.
                                                         දකුණු පළාත දිස්ත්‍රික්ක 3කින් මායිම් වූ පළාතකි. මාතර, ගාල්ල, හම්බන්තොට ආදී වේ. පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 5444 වේ. ප්‍රධාන නගරය ගාල්ල වේ. 

01. ගාලු කොටුව

1588 දී පෘතුගීසි ජාතිකයින් නිර්මාණය කරන ලද වර්තමානයේදී සංචාරක ආකර්ෂණය දිනාගත් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලින් පිහිටා ඇති අතිශය මනරම් ස්ථානයකි. 

02. රූමස්සල Jungle Beach

නිදහසේ මුහුදු සිසිල විදින්න කැමතිද ? මුහුදේ පිනමින් හරිත පැහැති වටපිටාවක රැදී සිටින්න අස ඔබටමයි මේ. කොරල් පර විවිධ ජලජ ජිවින්ද පහසුවෙන් දැකිය හැකිය.  රූමස්සල  අභයභුමියේ චමත්කාරය අත්දකින්න අනිවාර්යෙන්ම ඔබ යා යුතු තැනක් මේක. 

03. පරවී දුව පන්සල 

මාතර බස් නැවතුමෙන් වෙරල පැත්තට පිහිටි මෙය සංචාරක ආකර්ෂණය නොමදව ලැබෙන ස්ථානයකි. පුංචි දුපතක් හා යා උන සෞන්දර්යෙන් පිරි පන්සලකි. දකුණු පළාතේ සංචාරය කරන ඔබට නැතිවම බැරි සංචාරක ස්ථානයකි. 

04. දික්වැල්ල හුම්මානය

සොබාදහමේ අපුර්වතම නිර්මාණයක් වන දික්වැල්ල හුම්මානය ලෝකයේ හුම්මාන අතරින් විශාලතම දෙවැනි හුම්මානය ලෙස හදුන්වයි. මුහුදු රැල්ලේ පීඩනය නිසා ඇති වන මෙය වාරකන් සමයේදී ආදී 40-50 උසට ජලධාරාවක් විහිදුවයි.

05. Rekawa කැස්බෑවුන් නැරබීම හා අභිජනන මධ්‍යස්ථානය  

තවත් සුන්දර තැනක්. කැස්බෑවුන් නරබන්නත් හා අභිජනන මධ්‍යස්ථානයේ සංචරය කරන්නත් පුළුවන් මෙහෙදී. ගොඩක් දේවල් ඉගෙනගන්න හැකි මේ ස්ථානය විදෙස් සංචාරකයින් බොහෝ ප්‍රිය කරන ස්ථානයකි.

06. යාල ජාතික වනෝද්‍යානය 
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය මෙය වන අතර ලෝකයේ විශාලතම දිවි ග්‍රහන්යෙන්ද සමන්විතයි. එහෙන්ම ලංකාවේ පැරණිතම වනෝද්‍යාන දෙක අතරින් එකකි. විශාලත්වය හෙක්ටයාර් 97.880.7කි ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා වැනි සතුන්ගේ වාසස්ථානයකි.

07. සීනිගම දේවාලය
හින්දු හා බෞද්ධ බැතිමතුන්ගේ පුජනිය භූමියවන මෙය වන්දනා ස්ථානයකි. පුංචි දුපතකින් නිර්මාණය කරන ලද අතීතයේ ධිවර රැකියාවේ නියතු ධීවරයන් හා ඔවුන්ගේ අම්පන්න ආරක්ෂා උදෙසා ධීවරයන් පුජ පුජා කරන ලදී.

08. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවාස හා ගැමි කෞතුකාගාරය

හෙළයේ කොග්ගල ප්‍රාඥයා ලෙස හැදුවන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පැරණි නිවාස හා සිංහල ගැමි කෞතුකාගාරයකින් සමවිත මෙම ඉඩම අපේකම ගැන මනා ලෙස ඉගනගත හැකි ස්ථානයකි. සිංහල සාහිත්‍යට විශාල සේවයක් කල මෙතුමාගේ බොහෝ ආම්පන්න ද මෙහිදී දැකගත හැකිය.

09. තල්මසුන් නැරබීම
ඔබ දකුණු පළාතට සංචාරය උදෙසා එන අයෙක් නම් තල්මසුන් නොලබා ඔබට ගෙදර යා නොහැකිය. ඒ තරම් සුන්දර දර්ශනය විදින් නැතුව ගෙදර යන්න එපා. ගාල්ල, මිරිස්ස, උණවටුන වගේ ස්ථාන වලදී මේ අවස්ථාව ඔබට පහසුන් ලබාගත හැකිය.

10. මාදු ගගේ මාළුන්ගෙන් දෙපා සම්භාහනය 
මාදු ගගේ සංචාරය කරලා මාළුන්ගෙන් දෙපා සම්භානයක් කරගත්තොත් කොහොමද. වෙනස්ම අත්දැකීමක් විදින්න ඕනේ නම් එන්න ඕනේ මෙහෙට තමා..


අපේ කොල්ලෝ ටිකක් කරපු වැඩක්. ඒවත් බැලුවම තේරෙයි කොයි තරම් මේ රට ලස්සනද කියලා..




Video අනුග්‍රහය  - Infinity Sri Lanka - Lasith Weerakoon

ඔන්න එහෙනම් මගේ රටේ දකුණු පළාතේ සුන්දරම ස්ථාන 10ක් ගැන මන් අද කිව. ඔයලත් දන්නවා ඇතිනේ දකුණු පළාතට අවේනික සුන්දරම ස්ථාන ගැන. පහතින් කොමෙන්ට් කරන්න. අපි කතා කරමු. 

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.