Ads Top

ග්‍රීන්ලන්තය ගැන ඔබ දැනගත යුතු දේවල් 20ක්



ආයුබෝවන් යාලුවනේ අද අපි කතා කරන්නේ කව්රුත් වැඩිය කතා නොකරපු එත් හිතාගන්න බැරි ගොඩක් දේවල් තියෙන සුන්දර රටක් වන Greenland ගැනයි.




හොද ආරම්බයක් ගැනීමට නම් Greenland හෙවත් ග්‍රීන්ලන්තයේ නම හදුනා විදිහ කතා කල යුතුමය. ග්‍රීන්ලන්ත භුමියෙන් 80% ක්ම හිමෙන් වැසුණු නමුත් එය කොළ පැහැති දේශයක් ලෙස හදුන්වන්නේ ඇයි. ඒ කතා කලින් අපි කතා කරපු "අයිස්ලන්තය හා ග්‍රීන්ලන්තයේ නම් පටබැදුනේ මෙහෙමයි." යන ලිපිය කියවන්නම වෙනවා.


දැන් අපි කතා කරමු සිතියමක් ඔබ බලන කල්හි ග්‍රීන්ලන්තය කියන්නේ තනිකරම සුදු පැහැති දේශයකි. මන්දයත් එය හිමෙන් වැසි පවතින සොබාදහමේ විශේෂිත වූ දුපතකි. 

01. ලෝකයේ විශාලතම දුපත
ග්‍රීන්ලන්තය යනු ලෝකයේ විශාලතම දුපතයි. නමුත් ඔබට කියන්න පුළුවන් ඔස්ට්‍රේලියාව දුපතක් නේද කියලා. නමුත් ඔස්ට්‍රේලියාව මහාද්වීපයක් වන බැවින් එය විශාලම දුපත නොවේ. ග්‍රීන්ලන්තයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 2.16 වන අතර ජනග්‍රහණය 56,081 (2020 ඇස්තමේන්තුවට අනුව) ක් පමණ වන අතර ලෝකයේ ජනාකීර්ණ අඩුම රටවලින්ද එකකි.

02. ආර්ක්ටික් සාගරයේ වනජීවී ස්වර්ගයයි. 
තල්මසුන්, ඩොල්ෆින්, මුහුදු කුරුල්ලන්ගේ හා තවත් සතුන් ගේද ආක්ටික් හිවලුන්, හිවලුන් හා හිම වලසුන් වැනි සතුන්ගේ නිවහනකි. ඇදහිය නොහැකි සොබාදහම් ආකර්ශනයක් හිමි මේ දේශය ආර්ක්ටික් කලාපයේ වනජීවී ස්වර්ගය බදුය.

03. ඩෙන්මාර්ක් රාජධානිය තුල ඇති ස්වාධින රටකි.

04. වසර 4500ක ඉතිහාසයක් සහිතය.




Photo by Mads Pihl
ඉතිහාසඥයන්ට අනුව ග්‍රීන්ලන්තයේ මුල් පදිංචිකාරයන් පැමිණෙන්නේ ක්‍රි.පු. 2500 පමණ කාලයේදී නමුදු එම සක්රමනිකයන් පිරිස මිය ගොස් ඇත. ඔවුන්ගෙන් පසු උතුරු අමරිකවෙන්ද කණ්ඩායම් කිහිපයක් සංක්‍රමණය වී ඇත. 10 වන සත වර්ෂයේදී අයිස්ලන්තයේ නොර්මන්වරු ග්‍රීන්ලන්තයේ දක්ෂිනත් ප්‍රදේශයේ පදිංචි විය. නමුත් 15 වන සියවසේදී ඔවුන්ද කුමන හෝ හේතුවක් නිසා අතුරුදහන් වී ඇත. ඉන් පසුව Inuit ජන කොට්ටසය මේ සුන්දර දිවයිනට සංක්‍රමණය වී ඇත. එම නිසාම අදත් ග්‍රීන්ලන්තය සතුව Inuit සම්ප්‍රදායන් රැසක් පවතී. අවසානයේ 
ඩෙන්මාර්කය විසින් මෙහි පාලනය සිදු කරන ලදී.

06. මසුන් ඇල්ලීම එහි ප්‍රධාන කර්මාන්තයයි
මසුන් ඇල්ලීම ග්‍රීන්ලන්තයේ ප්‍රධාන ජිවනඋපාය වන අතර, නෙලා ගන්න මාළු, මුහුදු ආහාර හා තල්මසුන් හැර අනිත් සියලුම දේවල් ඔවුන් තමන්ගේ රටට ආනයනය කරනු ලබයි. සෑම පරිපාලන ප්‍රදේශයකටම නිශ්චිත වූ තල්මසුන් හා සීල් මසුන් හා මාළු ප්‍රමාණයක් පවරා ඇති අතර අධික ලෙස මසුන් හෝ සතුන් දඩයම් කිරීම පාලනය කර ඇත. නිල තල්මසුන් ඇල්ලීම සපුරා තහනම් වන අතර තල්මසුන් හා සීල් මස් අපනයනයට අවසර නැත. ඒවා දේශීය පරිභෝජනයට පමණක්ය. 

07. මධ්‍යම රාත්‍රියේදීත් ඉර පායන දේශයකි.
සැම වසරකම මැයි 25 සිට ජුලි 25 දක්වා හිරු බැස නොයන අතර එය මුළු දවස පුරාම හිරු පවතී. ලෝකයේ ජිවත් වෙන හැමෝම එක්වරක් හෝ ඇත විදිය යුතු අතිශය සුන්දරම ස්වභාවික සන්සිද්දියකි. ජුනි 21 ග්‍රීන්ලන්තයේ ජාතික නිවාඩු දිනය වීමට හේතුව වනුයේ වසරේ දිර්ගතම දිනය හා ජාතික දිනය වන බැවිනි. 

08. ග්‍රීන්ලන්ත ධජය හා අර්ථය
ග්‍රීන්ලන්තයේ වර්තමාන ධජය 1985 ජුනි 21 වන දිනයේදී සම්මත කරගත් ඇති අතර එය නිර්මාණය කර ඇත්තේ ග්‍රීන්ලන්තයේ වෙසෙන Thue Christianen විසිනි. එහෙම්ම එය "Erfalasorput" ලෙසද හදුන්වයි. එහි අර්ථය වනුයේ "අපගේ ධජය" යන්නයි. රතු හා සුදු වර්ණ දෙකක් ඇති තිර එයින් ඩෙන්මාර්කය හා ඇති සම්බන්දතාවය නිරුපනය කරයි. තිරස් රේඛාවකින් බෙදී ඇති අතර එහි මැද රවුමක් ඇත. රවුමෙන් නිරුපනය වන්නේ සුර්යා එහි උණුසුම මධ්‍යස්තව නැවත පැමිණි ඇති බවයි.

09. එකම එක අන්තර්ජාල සැපයුම්කරුවෙක් (ISP) සහිත දේශයකි.
ග්‍රීන්ලන්තයේ දුරකථන කේතය +299 වන අතර ඔවුන් සතුව ඇත්තේ එකම එක අන්තර්ජලා සේවා සපනය ආයතනයකි. TELE ලෙස හදුන්වන එය සම්පුර්ණ අයිතිය ග්‍රීන්ලන්තය රජය සතුය. 

10. ග්‍රීන්ලන්ත අයිස්තට්ටුව වසර ලක්ෂ 4-8 අතර කාලයක් පැරණිය.
යුනිස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස "Ilulissat Icefjord" නම් කර ඇත. ග්‍රීන්ලන්තයේ උතුරු කොටසම ග්ලැසියර් වලින් පිරි පවතී. 

11.Northen Light හෙවත් උත්තරාලෝකය නැරබීමට ගැලපෙන හොදම රටක් ලෙසද හදුන්වා දිය හැකිය. 

12. ග්‍රීන්ලන්තයේ තේරුම ලෙස ඔවුන් හදුන්වන්නේ "Land of people" හෙවත් ජනතාවගේ දේශය යන්නයි.
13. ග්‍රීන්ලන්තයේ අගනගරය Nuuk වේ. 
14. පළමු ක්‍රිස්තියානි දේවස්ථානය වන්නේ "The Hvalsey Church"වේ. නමුත් දැන් එය නටබුන් වී ඇත.

15. දෙවන ලෝක යුද්දය තෙක් ග්‍රීන්ලන්තය සතුව සංවෘත හා ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණි.
16. ග්‍රීන්ලන්තයේ මුදල් ඒකකය වන්නේ ඩෙන්මාර්ක් ක්රෝනා වේ.
17. "Igloo" හා "kayak" ග්‍රීන්ලන්ත වචන වන අතර එය අනෙක් භාෂා විසින්ද භාවිතා කරනු ලබයි 
18. වයිකින්වරු 10 වන සතවර්ශයේදී ග්‍රීන්ලන්තයට පැමිණ ඇත 
19. රටේ නිලභාෂාව වන්නේ Greenlandic හා Danish ඒ වගේම බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව ද භාවිතා කරයි. 
20. ග්‍රීන්ලන්තයේ නගර අතර මාර්ග නොමැත. ගමනාගමන පහසුකම් බොහොමයක් සිදු කරන්නේ ගුවනින් හෝ නැව් හෝ බෝට්ටු මගිනි. Air Greenland අයිස්ලන්තය හා ඩෙන්මාර්ක් අතර පියාසර කරන අතර කුඩා ප්‍රමාණයේ අහස්යානා මගින් ගමනාගමනය සිදු කරයි. අයිස්ලන්ත Air මගින්ද ග්‍රීන්ලන්තය හා ගමන් කල හැකිය. 

තොරතුරු මුලාශ්‍ර 


නැවතත් මෙවැනි වැදගත් හා දැනුම සහිත ලිපියකින් මුණ ගැසෙමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.