Ads Top

ඔබත් Facebook ගිණුම් හිමියෙන් නම් අනිවාර්යෙන් කියවන්න




ආයුබෝවන් යාලුවනේ මෙන්න ඔයාලට වැදගත් ලිපියක්.. 







Facebook කියන්නේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වුන සමාජ ජාල අඩවියක්. මිලියන ගණන් මිනිසුන් එක වෙත ඇදී ඇවිත් තියෙනවා. ඒ අයගේ තියෙන පෞද්ගලික තොරතුරු ගැන අවධානයෙන් ඉන්න තවත් කට්ටියක් ඉන්නවා. හැමදේකම හොද වගේම නරකක් තියෙනවා සේම Facebook user ලගේ තොරතුරු රහසේම ලබාගන්න ගොඩක් අය උත්සහා කරනවා. මේ ලදී සිට ඔබේ මුහුණ පොතේ දන්නට ලැබුනද හොල්මන් පින්තුර හෝ වෙනස් අනවශ්‍ය ගනයේ පින්තුර සහිත ලින්ක් ඔබේ ගිණුමේ හෝ ඔබේ මිතුරාගේ ගිණුමේ පල වෙලා තියෙනවා. ඒ හැකර් කරුවාගේ මුලික අඩි තාලමක් කිවොත් මා නිවැරදි.


උදාහරණයක් වශයෙන් ලස්සන කෙල්ලකුගේ ෆොටෝ එකක් Share වෙනවා එක ක්ලික් කරලා ඒ වීඩියෝව බලන්න කියනවා. නමුත් ඔබ දන්නේ නැ ඒ වෙබ් අඩවියේ ඇති අවධානම. හරි කොහොම හරි ඒ ලින්ක් එකට ගිය කියමුකෝ.. ඊට පස්සේ කියනවා මේ වීඩියෝ එක Play කරන්න නම් Flash Player එක Update කරන්න කියලා. එතනම ඒ  Link දෙනවා. ඒ තමා පරිගණක වෛරසය විය හැකිය. එය ඔබ ඔබේ පරිගණකයට එකතු කළහොත් වෙන්නේ ඔබේ පරිගණකයේ සියලුම විස්තර අදාල හැකර් කරුවා වෙත යනවා. සමහර වෙලාවට ඔබේ පරිගණකයේ පාලනයද ඔහුට ලබාගන්න හැකියාව තියෙනවා. Malwarebytes හි Christopher Boyd  අනුව ඇති විශාල කලින් පැවසු ගනයේ වීඩියෝ රාශියක් Facebook  එක හා පැතිරෙනවා. සමහර වීඩියෝ වැදගැම්මකට නැති මාතෘකා වලින් සමන්විතයි.



එවැනි වීඩියෝවක් ඔබ ට Facebook එකේදී හමු වුවහොත් එක Report කර Facebook කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්නේ නම් මෙවැනි අසාදන අඩු කරගන්න පුළුවන් වේවි. එමෙන්ම හොද Antivirus හෝ  Malware Remover මුදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කිරීමෙන්ද මෙම බලපෑම ඉවත් කල හැකිය.



එහෙනම් අපේ තොරතුරු කාටවත් දෙන්නැති විදිහට වැඩ කරමු . අපේ ආරක්ෂාව අපිම සලසා ගනිමු. තවත් වැදගත් ලිපියක් සමගින් මුණ ගසෙන්නම්...

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.