Ads Top



ආයුබෝවන් යාලුවනේ දැන් මම දෙන්න අවේ ඔයාලා පුදුම වන පුවතක්.  




සාමාන්යෙන් ඔයාලා පාවිච්චි කරන දත් බුරුසුවේ වටිනාකම කියක් වගේ වෙනවා. රු 50 වගේ වේවි නේ. නමුත් ඔයාලා දන්නවා දැනට ලෝකේ මිල අධිකම දත් බුරුසුවේ වටිනාකම කියද කියලා . එක  $4,272.96 වෙනවා. අම්මෝ කොහොමද ගණන්. ඇයි මේක මෙච්චර ගණන් මෙන්න මේ හේතුන් නිසයි ඒ.




මේ දත් බුරුසුව හදලා තියෙන්නේ ටයිටේනියම් ලෝහයෙන් ටයිටේනියම් වල බැක්ටේරියා නාශක ගුණය ඉහල මට්ටමක පවතිනවා. ඕනෑම වෙනවද බුරුසුවේ හිස වෙනස් කිරීමේ හැකියාවද තියෙනවා මේකට මේ සදහා ජිවිත කාලයක වගකීම් සහතිකයක්ද ලබා දීලා තියෙනවා.






මේක මේ වන විට ලෝකේ මිල අධිකම දත් බුරුසුව වන අතර මෙය නිපදවා ඇත්තේ ජර්මානු සමාගමක් විසිනි. ඇත්තම කිවොත් මේකට එයාල නමකුත් දාලා. “රෙයිනස්ට්” තමා ඒ නම. මේ දත් බුරුසුවේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියක් හයලක්ෂ හැත්තෑ හයදහසක් පමණ වෙනවා



ඉතින් කවදාහරි මේ වගේ දත් බුරුසුවක් ගන්න ඕනි නම් දැන් ඉදන්ම සල්ලි එකතු කරන්න වේවි නේද අපිට. එහෙනම් තවත් වැදගත් ලිපියක් සමගින් හමුවෙමු.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.