Ads Top

ලෝකයේ විශාලතම වන්දිය ඉල්ලයි






ආයුබෝවන් යාලුවනේ මෙන්න අමුතුම පුවතක්. 







ලෝකයේ විවිධා කර සිදු වීම සිද්ද වෙන බව අපි කවුරුත් දන්නවනේ. ඒ අතරින් සමහර සිදුවීම් පුදුමාකාරයි, හාස්‍යජනකයි, භයානකයි. අද කියන්න යන්නේ අමුතුම පුවතක් මොකක්ද කියලාම බලන්නකෝ...


ඇමරිකාවේ නිවුයෝක් නගරයේ අමුතුම ආකාරයේ චෝදනා පත්‍රයක් එහි අධිකරණයට දීලා තියෙනවා.. ඒ චෝදනාව නම් මේකයි. තමන්ගේ  මද ඇගිල්ල බල්ලකු විසින් සපාකෑම නිසා එයින් සිදු වූ හානියට වන්දියක් ඉල්ලලා තියෙනවා. මේකේ විශේෂත්වය වන්නේ මේ වන්දි මුදල දැනට ඉල්ලා ඇති විශාලතම වන්දි මුදලයි. එය කියාද කිවහොත් ඩොලර් 2 000 000 000 000 000 000 000 000 000 000 000 වේ. ඒ කියන්නේ ඩොලර් අන්ඩේසිලියන 2කි. 



ඇමරිකා අන්ඩේසිලියන කට බින්දු 36 ඇත එහෙන්ම මහාබ්‍රිතානයේ අන්ඩේසිලියන කට බින්දු 66 ඇත. අපේ ලංකාවේ අන්ඩේසිලියන කට බින්දු 264 තියෙනවා. 

මෙය දැනට පෘතුවියේ තියෙන සියලුම රට වල මුදල් එක් කලත් මෙය සපුරන්න බැ කියලයි ආරන්චි වෙන්නේ. 




මේ නඩුවේ වගඋත්තරකාරයන් ලෙස ඔහු චෝදනා පත්‍රයේ දක්වා ඇත්තේ මේ අයවයි. බල්ලාගේ හිමිකරු, ඔහුට ප්‍රතිකාර කල රෝහල, ඔහු බල්ලා සපා කනකොට හිටිය බස් එකේ හිමිකාර ආයතනය වැනි අයවයි. 

ඇගිල්ල සපා කෑමෙන් පසු තමන්ගේ සිවිල් අයිතිවාසීකම් උල්ලංඝණය වීමේ සිදුවීම් වලටද,ඇගිල්ලේ තුවාළයක්ද,තාඩන පීඩන වලටද,වංචාවන්ටද, හසුවීමට සිදුවූයේ යැයි චෝදනා පත‍්‍ර ගොනු කර ඇති 62 හැවිරිදි ඇන්ටන් පුරිසිමා කියයි.
මෙය තමන් මරාදැමිමට කළ උත්සාහයක් ලෙසද හදුන්වාදීමට ඔහු කටයුතු කර ඇත.තවම නඩුවේ තත්වය පිළිබද වාර්තා වී නොමැත..

නියම නඩුවක් නේද.. එහෙනම් අයෙත් මේ වගේ පුවතකින් හමුවෙමු.

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.