Ads Top

ඔයාගේ ස්මාර්ට් දුරකථනය ආරක්ෂා කරගැනීමට වැදගත් කරුණු 13ක්.


ආයුබෝවන් යාලුවනේ. මෙන්න ඔයාලගේ දුරකථනය ගැන දැනගන්න ඕන කරන දේවල් ටිකක්.. දැන් නම් ගොඩක් අය ගාව තියෙන්නේ Android ස්මාර්ට් ෆෝන් නේ. ඉතින් මම හිතුවා එක ගැන වැදගත් ලිපියක් ලියන්න.

Android හෝ ස්මාර්ට් දුරකථන යනු අද ලෝකයේ වේගයෙන්ම නිෂ්පාදනය වන හා Develop වෙන දේවල්. කොච්චර නිෂ්පාදනය කලත් එකේ ආරක්ෂාව ගැන අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්නම ඕනේ. මේ ලිපියෙන් කියන්නේ ඔයාලගේ ස්මාර්ට් දුරකථනය ආරක්ෂා කරගැනීමට දැනගත යුතු දේවල් ටිකක්...  

ඔබගේ ජංගම දුරකථනය රැකගන්න උපදෙස් 13ක්.

01. ඔබගේ ජංගම දුරකතනයට ඔබට පමණක් ප්‍රවේශ විය හැකි වන අයුරින් ශක්තිමත් රහස් පදයක් හෝ රටාවක් ඇතුලත් කරගන්න.

02. Apps Download කරගැනීමේදී Goog Play වැනි විශ්වෂනිය ඇප් ගබඩා පමණක් භාවිතා කරන්න. 

03. ඇප් එකක් ඔබේ දුරකතනයට ස්ථාපනය කරගැනීමේදී පෙර භාවිතා කල අයගේ ගුණ දොස් හා තක්සේරු කිරීම් සසදා බලන්න. 

04. නොදන්නා මුලාශ්‍ර වලින් ඇප් ස්ථාපනය කිරීම වැලක්වීමට Application Setting භාවිතා කරන්න.

05. ඔබගේ තොරතුරුවල ආරක්ෂක පිටපතක් හෙවත් Backup එකක් තබාගන්න. 

06. ඔබගේ පින්තුර, සින්දු, ලිපිගොනු හා වෙනත් වැදගත් දෑ අන්තර්ජාලය තුල(Cloud සේවාවක) හෝ පරිගනකයක පිටපත් කර තබන්න(හදිස්සියෙවත් දුරකථනය නැතිවුවහොත් මෙම ක්‍රියාව නිසා ඔබේ තොරතුරු නැවත ලබාගත හැකි වේ.)



07. හැකි සැමඅවශ්තවකම ඔබ භාවිතා  කරන Apps යාවත්කාලින (Update) කරගන්න.

08. අලුත් Updates තුලින් දෝෂ නිරාකරණය වී ආරක්ෂක පද්ධති වැඩිදියුණු වී ඔබේ දුරකතනය ආරක්ෂා සහිත වේ.

09. බැංකු හා මිලදී ගැනීම් කටයුතු නිම වූ විට ඒ Account එකෙන් Sign Out වීමට වග බලාගන්න.

10. පොදු ස්ථානවල WiFi භාවිතා කරන විට අන්තර්ජාල ගෙවීම් හා මිලදීම් කටයුතු සිදු නොකරන්න.

11. WiFi හා Bluetooth  භාවිතා නොකරන සැම විටකම ඒවා ක්‍රියා විරහිත කර තබන්න. 

12. ඔබේ පෞද්ගලික තොරතුරු අන්අයට දීමෙන් වැලකි සිටින්න. ඉ-මේල් හෝ වෙනත් ආකාරයෙන් ඔබගේ Credit Card හෝ වෙනත් වැදගත් තොරතුරු ඉල්ලන්නේ නම් ඒ පිළිබද සැලකිලිමත් වන්න.

13. ජංගම දුරකතනයට ආරක්ෂක App ස්ථාපනය කර තබා ගන්න. එමගින් වෛරස හා අනිෂ්ට මුදුකාංග හා වෙබ් අඩවි පිළිබද ආරක්ෂක App එක මගින් ඔබ දැනුවත් කරනු ඇත.

මේ ලිපිය ඔබට වගේම ඔබේ මිතුරන්ටත් වැදගත් වේවි. ඒ නිශා කරුණාකර මෙය Share කරන්න. ඔවුන්ටත් මේ ගැන දැනගන්න අවස්ථාවක් උදා කරන්න. 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.