Ads Top

My Traveling Story New Zealand - නවසීලන්තය හා මගේ කතාව

ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් තවත් සුන්දර රටක් ගැන දිග විස්තරයක්. විශේෂ ඉල්ලීමක් මත හදපු.





ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපොළවල් 3ක් පිහිටා ඇත. එනම් Auckland, Wellington & Christchurce වේ. ප්‍රධාන වශයෙන් දුපත් දෙකක් පිහිටා ඇත. උතුරු හා දකුණු ලෙසින්. දැන් බලමු උතුරු දුපතේ තත්වය ගැන. සාමාන්යෙන් Auckland වලට ගුවන් ගමන් ගාස්තුව (oneway) 350-1000USD අතර වෙනවා. ඉක්මනින් යන්න ඕනේ නම් ටිකක් ගණන්. එත් අඩුවට යන්න ඕනේ නම් හොද Rate එකක් එනවා නමුත් කාලය දවසක් විතර යයි. සාමාන්යෙන් ලංකාවේ ඉදන් නවසිත්ලන්තය යද්දී බොහෝ විට Kuala Lumpur(Malaysia) , Gold Coast or Sydney(Australia)නවත්තනවා. සාමාන්යෙන් නවසීලන්තයට යන්න පැය 15 අඩුම ගතවන අතර දවසක් වගේ යයි අඩු Price එකකින් ගියොත්.



Auckland ඉදන් Rotorua කියන නගරයට එන්න නම් පැය 5.30 වගේ යයි කියලයි කියන්නේ වාහනයකින් අවොත්. කෝච්චියෙන් අවොත් පැය 4.30 ටත් ටිකක් වැඩියෙන් යයිලු.
උතුරු දුපතේ තමා නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන්(Wellington) පිහිටලා තියෙන්නේ. නමුත් අගනුවර වෙලින්ටන් උනත් විශාලම නගර වෙන්නේ ඕක්ලන්ඩ්(Auckland) තමයි. මුදල් ඒකකය වෙන්නේ නවසිත්ලන්ත ඩොලරය(NZD). ජනග්‍රහණය 2017 මැයි 16 සංගණන වාර්තාවට අනුව ලෝකයෙන්ම 120 වෙනි තැන ඉන්නේ මිනිස්සු 4,786,060 ප්‍රමාණයක් සිටිමින්න්. භූමිප්‍රමාණය වර්ග කිලෝමීටර 268,021 වේ. ලෝකෙන්ම 75 වන ස්ථානය ලබා ගනී. .දක්ෂිනත් ද්‍රවයට අසන්න නිසා කාලගුණය නම් සිතල බවක් පෙන්නුම් කරයි.
ප්‍රධාන වශයෙන් නවසිතලන්තය ඍතු 4ක් ඇති වෙයි.
  • Spring - September, October, November
  • Summer - December, January, February
  • Autumn - March, April, May.
  • Winter - June, July, August
කිවි කියලා අන්වර්ථ නාමයෙන් හා ගිනිකදු හා හිම කදු තියෙන සාමකාමී දේශයක්. ප්‍රධාන රාජ්‍ය භාෂා 3 ක් තියෙනවා. වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඉංගිසි බසයි. ඒ වගේම මාඕරි(Maori) හා හස්ත භාෂාවද රාජ්‍ය භාෂාවක් කියලා පිලිගනන්ව. එවග්මේ රටේ ජන සන්වුතිය මෙසේය.

  • 74% යුරෝපියන් 
  • 14% මාඕරි ජාතිකයන් 
  • 11% ආසියානුවන් හා අනෙකුත් ජාතින් ඉන්නවා..


ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු දේශපාලනය ක්‍රමවේදයක් තියෙන මේරටේ ප්‍රධාන නායිකාව වන්නේ එංගලන්තයේ දෙවැනි එලිසබෙත් රැජිනයි. නවසිලන්තයේ නාමික නායිකාව ලෙස තවම පිළිගන්නේ එලිසබෙත් රැජිනවයි. 

ඇගේ නියෝජිතයා වන්නේ ආණ්ඩුකාර ජෙරී මටිකෙරි. බිල් ඉන්ගිෂ් නවසීලන්තයේ අගමැතිවරයයි.
(අගමැති බිල් ඉන්ගිෂ් 2016 දෙසෙම්බර් 12 සිට.)

ඔස්ට්‍රලියාවට කිලෝමීටර 1000 නැගෙනහිරෙන් හා නව කැලිඩෝනිය ෆිජි හා දොන්ගා දුපතවලට දකුණු දිගින් මේ රට පිහිටනවා.

කිවි හා පෙන්ගුන් සත්තු රටේ අනන්‍යතාවයක් ලෙස සලකනවා.


  • ලොව දක්ෂිනත් ධ්‍රැවයට ආසන්නයෙන්ම අගනගරය පිහිටි රට. 
  • ලොව කුඩාම ඩොල්ෆින් මසුන් ජිවත් වෙන දේශය. ලොව හොදම සංචාරක ගමනාන්තයක්.
  •  එවරස් කන්ද තරණය කරපු ප්‍රථමයා වූ සර්. එඩ්මන් හිලරි උපන් දේශය. . 
  • ලොව වැඩිම පෙන්ගුයින් සත්ව විශේස දිවි ගෙවන දේශය. 
  • මුළු භූමියෙන් 1/3 ජාතික උද්‍යාන ලෙස නම් කර ඇති දේශය. 
  • නවසිලන්ත ජාතිකයකු වසරකට බටර් කිලෝග්‍රෑම් 100ක් හා චීස් කිලෝග්‍රෑම් 65 ක් අනුභව කරයි.

නොබෙල් ත්‍යාගයකු දිනු න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ පිය වන එර්නස් රදපට්(Ernest Rutherford) උපන් දේශය වුවත්, එහි කිසිදු න්‍යෂ්ටික බලාගාරයක් නැ.
ලොව අවසානයට ජනාවාස වූ භුමිය ලෙස සැලකෙන මෙරට මානව හුදකලාව නිසා ස්වභාවික පරිසරය ඉතා හොදින් හැදිලා තියෙනවා..

ක්‍රි.ව. 1250 දී පමණ පැසිපික් සාගරයේ දුපත්වාසි පොලිමිසියම් ජනතාව මෙහි පැමිණ පදිංචි වූ මුල්ම පදිංචි කරුවන් කියලයි සැලකෙන්නේ. මෙයාලා තමා මාඕරි ජනයන් ලෙස හදුන්වනවා. වර්ෂා 1642 දී ප්‍රකට ලන්දේසි දේශ ගවේෂක අබෙල් ටස්මන් මෙහි පැමිණි පළමු යුරෝපා ජාතිකයා ලෙස සැලකෙනවා.

1893 දී ලොව කාන්තාවන් සදහා ජන්ද බලය හිමි දේශය බවට පත් වුනා.. ඉංගිසි ජාතික ජේම්ස් කුක් මෙය නවසීලන්තය ලෙස නම් කරනු ලැබුවා. මාඕරි වරු මේ රට හදුන්නුවේ අවොටියරෝ ලෙසයි. එඑහි තේරුම සුදු වලකුරින් පිරි දේශයයි.

නවසීලන්තයේ උතුරු හා දකුණු දුපත් දෙකේ පරතරය කිලෝමීටර 22 ක් පමණ වෙයි.

නවසීලන්තයේ ඇති දැවැන්ත කදු රැසක් තියෙනවා මෙන්න මේ ලින්ක් එකෙන් ඒවා ගැන දැනගන්න - Click Here. උසම කන්ද Mount Cook. එය මීටර 3754 උසකි.

රටේ දක්ෂිණ ප්‍රදේශ වල අයිස් ග්රසියර් තියෙනවා. ඒ වගේම ගිනි කදුත් තියෙනවා. එය පිහිටලා තියෙනෙන් කිනිකදු කලාපයක නිසයි.

මීටර් 2797 උස රවුන් Ruapehu ගිනි කන්ද යි.

ලොව වඩාත් සක්රියම ගිනි කන්ද වන කල්දේරා(caldera) ගිනිකන්ද තියෙන්නෙත් මෙහෙ.

මෙහෙ විශාලම විල Lake Taupo විලයි. එය විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 616 වේ.

එක පුද්ගල දළ අදායම මෙන්න මෙහෙම සටහන් වෙනවා ගුගල් එකේ. කවදාවත් මගේ අයිස්ලන්තෙට ලං වෙන්න පුලුවන්ද මෙයාලට..

මානව සංවර්ධන දර්ශකයේ ඉන්නේ 9 වන ස්ථානයේ(2015 වාර්තාවට අනුව) . 2017 ආර්ථික නිදහස දර්ශකයේ 3 වන තැනද හිමිය.

මස් කිරි බැටළු ලොම් හා සංචාරක ව්‍යපරයෙන්ද විශාල ආදායමක් රටේ ආර්ථිකය දායක වේ.

මිදී වගා බිම් තියෙන නිසා නවසිලන්ත වයින් වලට ලෝකයේ හොද ඉල්ලුමක් තියෙනවා..

අර්තිකෙට ඕන ශ්‍රම බලකාය විශේෂ රට වලින් ඔවුන් සපුරා ගන්නවා කියන්නේ.(Tryකරලා බලන්න ඕනේ). ඔවුන්ගේ හකා නැටුම නවසීලන්තයේ මෙන්ම ලෝකෙම ප්‍රසිද්දයි. අර රගර් නැටුම.

කෑම හැදිලා තියෙන්නේ යුරෝප හා ආසියානු හා පැසිපික් කලපවලිනුයි.
නවසීලන්තයේ ජාතික සත්වයා කිවි(Kiwi) වේ.

ජාතික ඇදුම මෙයයි.

හා මාඕ වරුන්ගේ මෙයයි .

මේ සුන්දර රටේ ලෝ පුරා ජනප්‍රිය උන චිත්‍රපට ගණනාවක් සදහා පසුතලඇ සදහා දායක වෙලා තියෙනවා. ඉන් කිහිපයක් මෙන්න.
  • THE LORD OF THE RINGS TRILOGY 
  • THE HOBBIT TRILOGY 
  • THE CHRONICLES OF NARNIA 
  • KING KONG 
  • AVATAR 
  • THE ADVENTURES OF TINTIN: THE SECRET OF THE UNICORN 
  • THE LAST SAMURAI




ඉතින් මේ සුන්දර රටේ අසිරිය විදින්න ඔබත් කම්මැලි නොවන්න. විශේෂ ඉල්ලීමක් මත නිර්මාණය කරපු එකක් මේක. එහෙනම් අයෙත් මුණ ගැසෙමු. දර්ශමාල් දුෂ්මන්ත 2017.05.16

මේක PDF එකක් විදිහට මෙතනින් Download කරගෙන කියවන්න.
Click Here Google Drive

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.