Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 7



ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් මගෙන් තවත් ඔබේ දැනුමට යමක්..




ආයෙමත් ආදරෙන්.. 


නෝර්වීජියානු, අයර්ලන්ත, ස්කොට්ලන්තය හා ස්විස්ලන්තයේ ජනයාගෙන් පැවතගෙන එන අයිස්ලන්තය පිට පිට 10 වෙනි වතාවටත් ලෝකයේ සාමකාමීම දේශය ලෙස පසුගිය දා එළිදැක්වූ "2017 ලෝක සාම දර්ශකයට" අනුව යලිත් සනාථ වී තියෙනවා. ඇයි ඒ? ප්‍රශ්නාර්ථයක් ඉදිරියෙන් තියෙනවා. ඒ ගැන හොයන්න හිතුනා ඔන්න මට.. ලෝකයේ තියෙන රටවල් 163ක් අතරින් රටවල් 77ක් හොද සාමයන් සහිත රටවල් ලෙස ඒ දර්ශකයට අනුව නිරුපනය වෙනවා. 


එත් ඇයි අයිස්ලන්තය එම දර්ශකයේ ඉහලම තැන ඉන්නේ. ඔබ දන්නවද ලෝකයේ පිළිගත් බොහෝ Traveling වෙබ් අඩවි වල වඩාත් ආරක්ෂාකාරීම Traveling විදිහට තියෙන රටක් තමා අයිස්ලන්තය. ඒ වගේම සමහර දර්ශකයන් වලට අනුවත් එක එහෙමයි. මිට අමතරව නවසීලන්තය, ජපානය හා කැනඩාව ද මේ ආරක්ෂාකාරී සංචාරක කාණ්ඩයට අයිති වෙනවා.




මන් කලින් සදහන් කළා වගේම අයිස්ලන්තයේ හමුදාවක් නැ. ඔවුන්ට ඉන්නේ පොලිසියක්. එත් ඔව්න්ට ගිනි අවි භාවිතයක් නැ. ඒ වගේම තමා ඔවුන්ගේ රටේ ආර්ථික නිදහස වගේම කාන්තා සමානාත්මකතාව වැනි බොහෝ කරුණු මේ දේවල් වලට බලපානවා. පිරිමියාට ලැබෙන වරප්‍රසාද වගේ ප්‍රමාණයක් ගහනියටද උරුමයි. කෙසේ හෝ දැන් අයිස්ලන්තය ලෝකයේ පළමු තැන රැදී ඉන්නවා. තාක්ෂනය, මානව සංවර්ධන, ආර්ථික සංවර්ධන වැනි ප්‍රධාන පෙලේ දර්ශක වල ඉහලින්ම ඉන්නවා.. 

ඇයි දැන් ලංකාව එහෙම නැද්ද ? අපනැ.. දුකයි කියන්න ලංකාව දේශපාලනය නමැති කුණු ගොඩෙන් ජරජිර්ණය වෙමින් පවතින රටක්. එත් තාම මිනිස්සුන්ගේ මනුස්සකම තියෙනවා කියන ඩේ පහුගිය ගන්වතුරේදී අපි හැමෝම දැක්කා.. අපේ රටට ඕනේ වෙනස්ම විදිහේ පාලන තන්ත්‍රයක්.. මොන පක්ෂය මොන එකා ආවත් වැඩක් නැ. ඒ නිසා ලංකාව ගැන කතා කරලා වැඩක් නැ. එත් මේක කියන්න ඕනේ. ලංකාව තමා මේ ලෝකේ සුන්දරම රට. අපේ රටේ තියෙන සම්පත් වෙන කොහෙවත් නැ. හරිහමන් විදිහට ඒවා ප්‍රයෝජනයට ගත්තා නම් අයිස්ලන්තය උනත් අභිබවා යන එක ඒ හැටි ගේම් එකක් නෙවේ. එත් අනිවා අලුත් පාලන ක්‍රමයක් අනිවාර්යයි. එහෙම නොවෙන තැත් කවදාවත් මගේ මව්රට ගොඩ එන්නෙම නැ...





No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.