Ads Top

මධ්‍යම පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ. අපේ මවුබිමේ සුන්දරත්වය ගැන ලියන පස්වන ලිපිය මෙන්න 


ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ තියෙන ස්වර්ගය බදු රටක්. ඇයි මම එහෙම කිවේ. අපිට හැකියාවක් තියෙනවා පරිසර තත්ත්ව කීපයක් යටතේ පැය කීපයක් ඇතුලට එහාට මෙහාට යන්න. ඔබට ඕනේ සිතල පරිසරයක්ද, එන්න එන්න උඩරට රාජධානියට, නැති නම් ඔබට ඕනේ මධ්‍යම කලයගුනයක් සහිත පරිසරයක්ද එහෙම නැත්නම් ඔබ ආසා රස්නේ පරිසරයකටද , මේ හැමදේම විදින්න නම් ඔබ එන්න ඕන එකම රට "ශ්‍රී ලංකාවයි" (මේ පරිසර තත්ත්ව කීපයම ඕනෑම කෙනෙක්ට පැය කීපයකින් විදින්න පුළුවන් ලේසියෙන්ම.) 

මන් අපේ රට ගැන කලින් ලිව පොස්ට් මෙන්න බලන්න


අද කතා කරන්නේ අපේ රටේ තියෙන සුන්දරම පළාතක් වන හා මගේ ආසම පළාත වන "මධ්‍යම පළාතටයි."

"නුවර අහසට පෙම් බදිනා මම"


මධ්‍යම පළාත පිළිබද කෙටි හැදින්වීමක්. 
                                   මධ්‍යම පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත ආකර්ශනීය ස්ථාන රැසකින් සමන්විත පළාතකි. මහනුවර, මාතලේ හා නුවර එලිය එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ මහනුවරයි.. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 5674 කි. 

01. දළදා මාලිගාව


ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයක් ලෙසද හැදින්විය හැකි මෙය අපි සැවොම දන්නා පරිදි බුදුන්වහන්සේගේ වම් දන්තධාතූන් තැම්පත් කර ඇති ස්ථානයයි. මෙය මුල්වරට ගොඩ නගා ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජු විසිනි. මෙය පිළිබද කදිම විස්තරයක් ලබන්න - click here

02. සෙම්බුවත්ත වැව 


වර්තමානයේ සංචාරක ආකර්ෂණය නොමදව ලබාගත් මෙම ස්ථානය එක පුද්ගලයකුගේ සිතුවිල්ලක් තුලින් ගොඩ නැගුන දෙයකි. අතිශය සොබෝදහම හා මුසු වූ මෙම නිර්මාණය නෙතට මනා ආශ්වාදයක් උරුම කර දෙයි. මෙය පිළිබද මා කලින් ලියු ලිපි කියවන්න.


03. හෝර්ටන් තැන්න 


සොබාදහමට ආදරය කරන ඔබටම සුවිසේසි ස්ථානයකි. 1992 සිදු කරන ලද පර්යේෂණයකදී මෙහි ශාක විශේෂ 101 හදුනාගෙන ඇත එහිත් විශේෂත්වය වන්නේ 49ක්ම ලංකාවටම අවේනික ශාක වීමයි. එතනත් විශේෂත්වය වන්නේ එ ශාක බොහොමත් හොර්ටන්ට් තැන්නට අවෙනිකයි. තව විස්තර සදහා - click here

04. අඹේවෙල කිරි ගොවිපොළ

නුවර එළියේ තියෙන අඹේවෙල නගරය "කුඩා නවසීලන්තය" ලෙසද වර්තමානයේ හදුන්වන අතර "අපේ දේ " අගයන ඔබට මෙය කදිම ස්ථානයකි. මන්දයත් ඔබට එහි නිෂ්පාදන සිදු කරන විදිහ සජීවීව බලාගැනීමේ හැකියාව පහසුවෙන් ලැබෙන නිසා. පුරුදු වෙමු අපේ දේ අරගන්න. 

05. තේ හා ස්ටෝබෙරි වතු


ඔබ නුවර එළියේ සංචාරය කරන්නට කැමති අයෙක් නම් ඔබට අනිවාර්යෙන්ම දැකිය හැකි දෙයක් තමා තේ වගාවන් වගේම ස්ටෝබෙරි වගාවන්. අනිවාර්යෙන්ම ඔබ නැරබිය යා යුතුම දෙයක්. සුන්දර දසුනක් සේම රස පිනනා දේවල් මග හැරියන්නට ඉඩ දෙන්න එපා. 


06. හග්ගල උද්භිත උද්‍යානය


ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. 

රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය තුලයි. එම පුරාවෘත්තය සිහිකරමින් ඉදිකෙරුණු සීතා අම්මාන් කෝවිලද, උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.

වර්තමානයේ දේශීය විදේශීය සංචාරකයින්ගේ ඇස් ඇද බැද තබා ගන්න ස්ථානයකි,

07. සිගිරිය හා පිදුරංගල


දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය තියෙන මෙය රාවණා යුගයට තරම් ඈත අතීතයක් තිබේ. ක්ෂයප රජුගේ බලකොටුව කරගත් මෙය වර්තමානයේ සංචාරකයින් පැමිණෙම ස්ථාන අතරින් ප්‍රමුකතම තැනක් ගනී. ඔබත් ශ්‍රී ලාංකිකයෙකු නම් අනිවාර්යෙන්ම යා යුතුම ස්ථානයකි. තව විස්තර  - click here 



පසුගිය කාලයේ බෙහෙවින් කතා බහට ලක් වූ මෙය. සීගිරියට යාබදව පිහිටයි. මෙය එතිහාසික බෞද්ධ පුදබිමකි. ජනප්‍රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ. 
තවත් ජනප්‍රවාදයකට අනූව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලට, පිදූ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බවත්, පසුකාලීනව එය පිදුරංගල වූ බවත් පැවසෙයි.

ආගමික ස්ථානයක් බැවින් එහි ගරුත්වය රැකීම ඔබගේ වගකීමකි.

08. වික්ටෝරියා වේල්ල


තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. වාරි සම්පාදනය හා ජාල විදුලිය මුලික කරගත් ලංකාවේ තියෙන උසම වේල්ල මෙයයි. මෙය ඉදිකිරීම් කර ඇත්තේ 1978 ඩි වන අතර නිමවා අවසන් කර ඇත්තේ 1985 අප්‍රියල් මාසයේදීය. වැඩි විස්තර - click here

09.ලෝක බෞද්ධ කෞතුකාගාරය


ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ. එය මහනුවර ජාතික කෞතුකාගාරය‎ සහ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටුවා තිබේ.කෞතුකාගාරය තුල ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථාය, ජපානය, චීනය, කොරියාව, ඉනිදුනීසියාව, තායිලන්තය,. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට අදාල කෞතුක වස්තූන් දැකගත හැකි වේ. විස්තර click here

10. එල්ලෙන පාලම හල්ලොලුව


මේ පාලම ඉදිකරලා තිබෙන්නේ 1939 මැයි 06 වැනි දිනයි. මේ පාලම වසර 78ක් තිස්සේ මහජනයාට නිහඬව සේවය කලත් වර්තමානයේ ඒ අසලින්ම තනා ඇති විසල් පාලම නිසා මේ සුන්දර හෙල්ලෙන පාලමට අවධානය යොමුවන්නේ බොහොම අඩුවෙනුයි.



කෙටියෙන් කිවොත් මේ පළාතේ මෙන්ම අනෙක් පළාත්වලද සුන්දරත්වය ඉලක්කම් 10කින් නිම කල නොහැකිය, නමුදු ඔබට පහසුවෙන් යා හැකි ස්ථාන රැසක් මෙහි අඩංගු වේ. ඔබ දන්නවා ඔබ ගිහින් තියෙන ස්ථානත් පහතින් සදහන් කරන්න. අලුත් ලිපියකින් මුණ ගැසෙමු..



3 comments:

  1. හග්ගල උද්භිත උද්‍යානයට යොදා ඇති පින්තූරය පේරාදෙණිය උද්‍යානයේ වගේ.....!

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට. Update කරන ලදී.

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.