Ads Top

25 වන ජුබිලිය සමරන වන්නි මඩු දේවමාතා සිද්ධස්ථානය - මාදුරුඔය


ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මන් ගොඩක්ම ආස තැනක් ගැන පොඩි අතීතාවර්ජනයක්..




වන්නි මඩු දේවමාතා සිද්ධස්ථානය - මාදුරුඔය
ඉතිහාසය 1994-2018

පොලොන්නරුව පුජානාගාරය පසුකර මඩකලපුව මහා මාර්ගයෙන් දකුණට හරි අරනගන්විල නගරයෙන් වයි හන්දියෙන් කිලෝමීටර 13 පසු කර ඉදිරියට යන කවර අයකුට හෝ  නෙත ගැටෙන්නේ මාදුරුඔය ධිවර ගම්මානයයි.. තොඩුවාව, අඹකදවිල, ඉරණවිල, කුඩාමඩුවැල්ල හා හලාවත ආදී ප්‍රදේශයන්ගෙන් මිරිදිය ධිවර කටයුතුකරහා පැමිණි ධිවර ජනය මෙහි වෙසෙති. දේශීය ආරය මනා පිලිබිමු කරමින් පොල් අතු වලින් සකස් කරන ලද මාදුරුඔය දෙව් මැදුරකි. "මාදුරුඔය වන්නිමඩු මෑණියෝ" යන අන්වර්තයෙන් හදුන්වන මෙම දෙව්මැදුර අද වන විට දියුණු වූ දේවස්ථානයක් බවට පත්ව හමාරයි.





උතුරේ ඉරණමඩු ප්‍රදේශයේ ධිවර රැකියාවේ නියැලී සිංහල ජනයට එකල පවතී කලබලකාරී තත්වය නිසා උන් හිටි තැන් අහිමිවිය. එහි ප්‍රතිපලයක් ලෙස එම පිරිස කරගම්මන(එරඩුවටමුල්ල) ප්‍රදේශයට 1983 ජුලි 4 වන දා පැමිණියහ. තම ධිවර රැකියාව හොදින් කරගැනීමේ අරමුණින් 1986-1987 කාලයන්හිදී වර්තමානයේ මාදුරුඔය ධිවර ගම්මානයට පැමිණියහ. මෙහි පැමිණි පිරිස් අතර තොඩුවාව , කුඩමදුවැල්ල, ඉරණවිල, අඹකදවිල හා හා හලාවත ජනය විය.

මේ ධිවර ජනයා ගැන තොරතුරු දැනගෙන පළමුව ඔවුන් වෙනුවෙන් පැමිණියේ පොළොන්නරු මීසම් සේවක ගරු ගිල්බට් පෙරේරා නි.ම.නි. පියතුමන්ය. ගම්වාසීන් හා පියතුමන් එක්ව ධිව්‍ය පුජාව පැවැත්වුයේ ගමේ රැස්වීම් පැවති කුඩා ශාලාවෙවය. ඉන්පසු 1994 ජනවාරි මාසයේදී පොළොන්නරු මීසම් සේවක ගරු බෙනඩික්ට් පෙරේරා පියතුමන් පැමිණ කුඩා පොලතු මඩුවකින් යුත් දෙව්මදුරක් සකස් කර එකෝ පළමු දිව්‍යපුජව පවත්වන ලද්දේ 1994 අප්‍රේල් මස තුන්වන ඉරුදින අනුරාධපුර රදගුරු හෙන්රි ගුණවර්ධන නි.ම.නි. හිමිපනයන් විසිනි.

 ඉන්පසු මාදුරුඔය ජනතාව විසින් තම වාර්ෂික මංගල්‍ය මහා පුජාව පැවැත්තුවේ දැඩි ආශාවෙන් හා භක්තියකින් යුතුය. 1994 සැප්තැම්බර් මස 1 වන දින මංගල්‍ය සදහා කොඩි ගසක් වෙනුවෙන් ගසක් කැපු බවද සදහන් වේ. රදගුරු හෙන්රි ගුනවර්තන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරු මීසම් සේවක ගරු බෙනඩික්ට් පියතුන්ගේ මෙහෙයවීමෙන් පලුගස්දමන මීසම් සේවක ගරු කැලිස්ටස් මෙන්ඩිස් පියතුමා. හබරණ මීසම් සේවක ගරු ලින්ටන් ජෝශප් පියතුමා, ගරු ෆිලික්ස් පියතුමා, ගරු ආනන්ද විතානගේ පියතුමා ඇතුළු තවත් පියතුමන්ලා රැසකගේ සහභාගිත්වයෙන් මාදුරුඔය වන්නි මඩුමෑණියන්ගේ පළමු මංගල උත්සවය 1994 ඔක්තෝබර් මස 3 වනදා පවත්වන ලදී. එතැන් පටන් සැම වසරකම ඇති උත්කර්ෂවත් අන්දමින් මාදුරුඔය මඩුමාතා වාර්ෂික දිව්‍යමෙහෙය පවත්වමින් තිබේ.

වර්ෂ 1997 සිට පොළොන්නරු මිසමට පත් වූ මීසම් සේවක ගරු නිමල් මදුරප්පෙරම පියතුමා 1998 අප්‍රේල් 12 වන දින(පාස්කු ඉරුදින) නව දෙව්මැදුරේ මුල් ගල තැබිය. ඒ ආරම්බය අද දක්වා අතිසාර්ථක ලෙස මාදුරුඔය මඩුමාතා වාර්ෂික දිව්‍යමෙහෙය තොඩුවාව, ඉරණවිල, කුඩාමඩුවැල්ල, අඹකදවිල, හලාවත හා තවත් නොයෙකුත් ප්‍රදේශවලින් කතෝලික හා අනෙකුත් ජනයාගේ එකමුතුවෙන් ඇති සාර්ථක ලෙස සමරන ලදී.

මෙවර මාදුරුඔය මඩුමාතා දේවස්ථානය අවුරුදු 25 ක රිදී ජයන්ති මංගල්‍ය සාර්ථක ලෙස පවත්වන ලදී.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.