Ads Top

සබරගමු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10


ආයුබෝවන් යාලුවනේ.සුන්දර මාතෘභූමිය ගැන ලියන තුන්වන ලිපිය. කියවලා බලන්න ඔයාලත්.. 

මෙන්න මම කලින් ලිව පොස්ට්. කියවපු නැති අය බලන්න. මේ තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත්ම නැත.. අවිවාදයක් නොමැත.


අද කතා කරන්න යන්නේ පෙර සේම සුන්දර පළාතක් වන සබරගමු පළාත.. මේ පළාත ගැන කියද්දී අපිට අමතක නොවන ස්ථාන රැසක්ම තියෙනවා.. බලමු ඒ මොනවද කියා..

සබරගමු පළාත ගැන කෙටි හැදින්වීමක්
                           සබරගමුව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත ආකර්ශනීය ස්ථාන රැසකින් සමන්විත පළාතකි.. කෑගල්ල හා රත්නපුර එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ රත්නපුරයයි. රත්නපුරේ කියපු ගමන් ශ්‍රී ලංකා මැණික් ගැන අමතක කල නොහැකිය. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 4968කි. 

01. බුදුන්ගේ ශ්‍රී පාදස්ථානය

මධ්‍යම කදුකරයේ ඇති ප්‍රධානම කන්දක් ලෙස සමනල කන්ද හැදින්විය හැකිය. මේක කේතු හදිය. උස මීටර 2215කි. අතීතයට අනුව සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව වැඩිය බුදු රජාණන් වහන්තේගේ තේ-වන වැඩමවීමේදී එතුමන්ගේ සිරිපතුල පිහිටුවා ඇති බවට බෞද්ධයන් විස්වාස කරයි. මෙය පුජනිය භූමියක් බැවින් ඒ ගෞරවය ලබා දෙන්න. එහෙන්ම අතිශය සුන්දර වටපිටවකින් සමන්විත මෙහි ඒ සුන්දරත්වය රකින්න.

02. බෝපත් ඇල්ල

බෝපත් හැඩයකින් සමවිත මෙම දිය අල්ල සංචාරකයින්ගේ- ආකර්ෂණය නොමදව ලැබෙන ස්ථානයකි. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය. දිය ඇල්ලේ උස අඩි 98කි

03. පින්නවල අලි අනාථාගාරය

අලි ඇතුන් රැකබලාගන්න ලංකාවේ ඇති එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරය. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙය දේශීය විදේශීය සංචාරයක් නොමදව සිටිනා ස්ථානයකි. අක්කර 25කින් සමන්විත මෙහි අරඹය ක්‍රි. ව. 1975 වේ.

04. සිංහරාජ වනාන්තරය
ලෝකේ සුන්දරම වනාන්තරයන් වලට නොදෙවෙනි අප රටේ ජීවනාලිය මෙන්ම අපේ රටට අවේනික බොහෝ දෑ සහිත යුනිස්කෝ ලෝක උරුමයක් වන මෙය විශාලත්වය වර්ගකිලෝමිටර 88.64කි. ශ්‍රී ලාංකිකයින් ලෙස ඉදිරි අනාගතයට සුරක්ෂිත කල යුතුම වනාන්තරයකි (අනෙක් වනාන්තර සේම). සංචාරක තෝතැන්නක් ලෙස අවිවාදයෙන් පැවසිය යුතුයි.

05. ආදී මානවයා විසු බෙලිලෙන් නැරබීම
අදින් වසර 25,000  සිට ශ්‍රී ලංකාවේ ආදීමානවයා විසු බවට සාක්ෂි රැසක් හමු වූ ස්ථානයකි. මෙය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර ලෝකෙ අනෙකුත් රටවල් වලට නොදෙවෙනි අතීතයක් ඇති ජාතියකි.

06. Water Rafting කිරීම, කිතුල්ගල 

වික්‍රමාන්විත වැඩ කරන්න ආස අය උදෙසාමයි. Water Rafting කිවම හැමෝම දන්නවා. වර්තමානයේ ඉතා ජනප්‍රිය ස්ථානයක් වෙන කිතුල්ගලදී මෙය පහසුවන් විදිය හැකිය.

07. උඩවලව ජාතික උද්‍යානය

සබරගමුව හා ඌව පළාත් හි මායිම පිහිදවත්. විශාලත්වය හෙක්ටයාර් 30 821කි. දේශය විදේශීය සංචාරකයින් රැසකගේ ඇස් ගැටෙන ස්ථානයකි. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සත්ව කොට්ටාස රැසකගේ නිජභුමියකි.

08. කිරිදිඇල්ල

මීටර 116 උසින් සමන්විත ලංකාවේ තියෙන ප්‍රධාන දිය ඇල්ලකි. සුන්දරත්වය නොමදව ලැබෙන සංචාරක අකර්ශනයෙන් පිරි ස්ථානයකි.

09. සමනලවැව වේල්ල
ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනයට භාවිතා කරන 1992 දී නිර්මාණය වූ ජපන් හා එක්සත් රාජධානියේ මුල්‍ය ආධාර උපයෝගී කොට නිර්මාණය වුවකි. උසින් මීටර 110 දිගින් මීටර 530කි. වළවේ ගග හරස් කරමින් නිර්මාණය කරන ලද්දකි. ජලාශයේ ධාරිතාවය වර්ග මීටර 218,000,000 තරම් විශාලය

10. රත්නපුර මැණික් 
ලෝකයේ මැණික් කර්මාන්ත ක්ෂේත්‍රයේ දිදුලන නාමයක් උරුම රත්නපුරය ඔබ පැමිණියහොත් ලෝකෙම පුදුම කරන මැණික් ගරනා ආකාරය නැරබිමත් (සංචාරක ආයතන මගින්) විවිධාකාර වූ මැණික් මිලදී ගැනීම උවද පහසුවෙන් මෙහිදී කලහැකිය.


අතිශය මනරම් වූ මේ දිවයිනේ තවත් සුන්දර පළාත් ගැනයි මේ කිවේ. ඔයාලත් දන්නවා ඇති සබරගමු පළාතේ සුන්දර ස්ථාන ගැන. එහෙනම් එවා පහතින් සදහන් කරන්න.. අපේ උරුමන් රැකිය යුත්තේ අපිමයි..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.