Ads Top




ආයුබෝවන් යාලුවනේ. සැහෙන කාලෙකට පස්සේ ලියන අලුත්ම ලිපිය. 




"මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට"
                                                   Malini Bulathsinhala

අද 2022 අප්‍රියෙල් 14 දින වන විට ශ්‍රී ලංකාව නම් අතිශය මනරම් අලංකාර, සම්පත් පිරි මේ සුන්දර දිවයින ලෝකයේ හමුවේ බිද වට්ටවා ඇති පසුබිමක ජරා ගොහොරු දේශපාලන හිගන්නන් එළවීම සදහා තරුණ පරපුර ඉදිරියට පැමිණ ඇත. වසර 74 අධික කාලයක් රටේ සම්පත් විනාස කරමින්, රටේ ධනය සුරා කමින් සැප විදින දේශපාලන හිගන්නන්ගේ අවසානය තව ටික කාලයකින් නිමවනු ඇත. 

හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි. 
හෙට බිහි වන නායකයොත් පුංචි අපි තමයි. 
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි. 
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි...
 
ගෝල්ෆේස් පිටිය හා ජනාධිපති ලේකම් කාර්යාලය සිසාරා තරුණ මහලු ළමා සැවොම එක්වී පොද බැදී සිටින්නේ මේ අපේ පුංචි මුතු ඇටය තව දුරටත් හොරුන්ගේ අතට පත්වීමට ඉඩ දෙන්නේ නැත යන්න පවසමින්ය. 



අනාගතේ දවසක මේ ලිපිය දකින ඔබ ඒ අරගලයේ ප්‍රතිපල දකිනු නොඅනුමානයි. මවුරට කිසිදා පරාජය කිරීමට ඉඩ දිය නොහැකිය. 

#gohomegota2022 නමින් Hashtag තාක්ෂනිකවද, ගෝල්ෆේස් අවට GotaGoGama ලෙසින් ලංකාවේ අඩුම කාලයකින් නිර්මාණය වී අතිශය දියුණු වෙමින් පවතින  අපි හැමෝගෙම නිදහස් අරගල ගම්මානය බිහි වී ඇත. අද වනවිට ලක්ෂ සංඛ්‍යාත ජනයා එහි රැස්ව පවතින ආණ්ඩුව හා 225ම එළවීමට සුදානම්ව සිටි. 


මේ අරගලයේ නිමවා අනාගත නව ශ්‍රී ලංකාවක් වනවා නොඅනුමානයි. කිසිම පක්ෂයකින් සංවිදානය නොවී, සාමාන්‍ය ජනයා  පමණක් රැස්වී කරන මේ අරගලයට දෙස් විදේශ මාධ්‍ය හා සංචාරකයින් පවා සහබාගි වී සිටි. 










දිනෙන් දින මේ අරගලය වර්ධනය වනවා මිසක් පසු බසින්නේ නැත. මන්දයත් වර්තාතමාන තාරුණ්‍ය හා ගැටෙන්නට දේශපාලන සොරුන්ට හැකියාවක් නොමැත. ලගදීම සුබ ආරංචියක් එනවා නොඅනුමානයි. 

ඔබත් අනිවාර්යෙන්ම අරගලයේ නියමුවකු වන්න. 

ඔබ සැමට සුබම සුබ හා ජයග්‍රාහී අරගලයක් වේවා.. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.