Ads Top

ඇල්ල අවට සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔබට හොදම තැන් - පළමු ලිපිය


ආයුබෝවන් යාලුවනේ. එහෙනම් අදත් සංචාරක ලිපියක් සමගින් සම්බන්ධ වෙමු.




ශ්‍රී ලංකාව නමැති සුන්දර රටේ ලස්සනම තැනක් තමා හපුතලේ ඇල්ල කියන ප්‍රදේශය. දෙස් විදෙස් සංචාරකයින්ගේ සංචාරක තොටුපොළක් ලෙස එය හොදකරම ප්‍රසිද්දයි. අද අපි බලමු ඇල්ලේ යන ඔබට සංචාරය කිරීමට ලැබෙන ස්ථාන ගැන..


01. Lipton's Seat

ලංකාවේ පළාත් 5ක් එකවර නැරබිය හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්දියට පත් වන මෙම ස්ථානය බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට පැමිණි ජේ. ලිප්ටන් මහතා විසින් අරඹ කරන ලද දඹේතැන්න වතුයාය ඇරබීමත් සමග ඔහුගේ නිදහස් කාලය මෙහි ගෙවීම සදහා සැකසු සුන්දර 360 view එකක් තියෙන ස්ථානයකි. 



02. Adisham Bangalow 

යටත් විජිත සමයේ නිර්මාණය වූ මෙය අලංකාර ගෘහ නිර්මාණ රැසකින් සමන් විතය. මෙය සාන්ත බෙනිඩික් පියතුමන්ලාගේ යටතේ පාලනය වන සුන්දර ස්ථානයකි. 



03. Nine Arch Bridge 

ශ්‍රී ලංකාවේ Iconic Landmark එකක් ලෙසද මෙය හැදින්විය හැකිය. ඒ තරම් මේ ස්ථාන ප්‍රසිද්දිය ට පත් වී ඇත. කෝච්චියක් එන වෙලාවට උස් ස්ථානයට ගොස් එය බැලීමේ හැකියාවක් ඇත. 



04. Ravana Waterfall 

ලංකාව දියඇලි අතර තවත් සුන්දර ස්ථානයක් ලෙස හැදින්විය හැකි දියඇල්ලකි. 


05. Ravana ගුහාව

ඇල්ල නගරය සිට කි.මී 2.5 පමණ දුරින් පිහිටා ඇති මෙය ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණුව අසලින් යායුතු අතර රාවණා ඇල්ල පුරාණ රජමහ විහාරස්ථානයට සම්බන්ධ  ස්ථානයකි රාවණා ගුහාව . රාවණ රජු සීතා කුමරිය රැගෙන විත් සඟවා තබාගෙන සිටියේයැයි කියන ගුහාව රාවණා ගුහාව ලෙස ප්‍රසිද්ධය. ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණුව අසලින් රාවණා රජමහ විහාරයට යන මාර්ගයේ ගමන් කොට මී. 600 ක දුරින් මෙම ස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානය වලගම්බා රජදවස ඉදිවුවත් මෙයින් මෙම ගුහාවේ සිට දෝව රජමහ  විහරස්ථානයට උමගක් ඇති අතර දැනට එම උමං කවුළුව වසා ඇත.

එහෙනම් ලිපියේ අලුත් කොටසකින් මුණ ගැසෙමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.