Ads Top

නොමිලේ විදුලිය ලබා ගන්න (Free electricity)


හායි යාලුවනේ කොහොමද ඔයාලට ඔන්න ඉතින් මම අද අලුත් වගේම වෑදගත් ලිපියක් ලියන්න හිතුවා. එ තම "විදුලියත් නොමිලේ නිපදවිය හෑකි ක්‍රමයක්". මෙ තමා එකේ විස්තරය.....


වාතයේ ඇති විද්‍යුත් තරංග උරාගෙන ඉබේම විදුලිය  ඉබේම විදුලිය තනන උපකරණයක් සාදයි..

සාමාන්යෙන් රුපවාහිනී, ගුවන් විදුලි, ජංගම දුරකථන වැනි විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් තරංග උපයෝගී කරගෙනය.. මේ හැම සන්නිවේදන උපන්ගයක්ම තම වැඩ කටයුතු කරන්නේ නොයෙක් සංඛ්‍යත ඇති විද්‍යුත් තරංග ඇසුරෙනි.. නමුත් මෙම තරංග විනාශ වන්නේ නැත.. ඒවා නොයෙක් තැන විසිරි පැතිරී තිබේ.. සාමාන්යෙන් අප ජිවත් වන්නේ විද්‍යුත් තරංග සහිත තරංග සාගරකය කිවොත් නිවැරදිය.. ඉතින් මේ දස දෙස පැතිරී තියෙන තරංග තුලින් විදුලිය නිපදවීමේ ක්‍රමයක් සොයාගෙන ඇත.. ඒ ඇමෙරිකාවේ ජෝජියටෙක් ආයතනයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු පාසලේ පර්යේෂකයින් දෙදෙනකු වන මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් හා ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් යන අය වේ.. ඔවුන් කියන පරිදි සන්නිවේදන කටයුතුවලට බාධා නොවන අයුරින් මෙම ක්‍රියාවලිය සිදුවන බවය.. 






ඔවුන් නිපදවා ඇත්තේ විශේෂ  වර්ගයේ ඇන්ටනා(Ultra-wide band) වර්ගයකි.. විද්‍යුත් චුම්බක තරංග මෙම ඇන්ටනාවට ගැටුණු විට විදුලිය උපදී.. ඒ විදුලිය ඍජු ධාරාව (DC) සිට ප්‍රත්‍යවර්ත ධාරා (AC) විදුලිය බවට හැරවිය හැකිය.. මෙම සුවිශේෂී ඇන්ටනාව සවිකරන ඕනෑම උපාංගයක් සාමාන්‍ය පරිසරයේදී වෙනත් විදුලි සැපයුමකින් තොරව එම විශේෂිත ඇන්ටනාව හි විදුලිය මගින් ක්‍රියාත්මක වීමයි.. 
මේ වන විටත් එම ඇන්ටන විශේෂය යොදා ගෙන ඉබේම ක්‍රියාත්මක වන රෑහෑන් රහිත සංවේදක (Wireless Sensor) නිපදවා හමාරය.. මෙම ඇන්ටන විශේෂය තව තවත් දියුණු කරමින් වැඩි විදුලි ධාරාවක් ලබා ගැනීමට ඔවුන් උත්සහ කරයි.. 



මෙම ඇන්ටනාවේ ඇති සුවිශේෂී තාවයක් වනුයේ අනෙක් ඇන්ටන වගේ නොවේ කුරු සහිත එකක්ද නොවේ.. මෙය නැමෙනසුලු ප්ලාස්තික් කඩදාසියකින් මුද්‍රණය කල හැකි රටාවකි.. එ නිසා විදුලිය උපදවා දෙන මේ උපාංගය තුලටම සවිකළ කල හැකි වීමයි..




මෙහි වටිනාකම ඇති මහත්ය.. කිසිම වියදමක් නොමැතිව විදුලිය නිපදවා ගත හැකිය.. ජංගම දුරකථනවලට මෙය සම්බන්ද කිරීමෙන් බැටරි බැසයමක් නැත.. ඒ මන්දයත් එහි බැටරියක් අවශ්‍ය නැති නිසාය.. ඔරලෝසු, සෙල්ලම් බඩු, රේඩියෝ, ටීවී පමණක් නොව පරිගණක යන්ත්‍ර වැනි උපකරණ සදහාද  මෙම තාක්ෂනය බවිත කල හැකි බව අමෙරිචානු පර්යේෂකයෝ පවසයි..
වැඩි විස්තර සදහා පිවිසෙන්න CLICK




ඉතින් මෙවැනි තාක්ෂණයක් බවිත කරමින් බලශක්ති අර්බුධ්වලට විෂදුම් සොයාගත හැකිය..

මීලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න....  

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.