Ads Top

Desktop පරිගනකත් කුණු ගොඩට යන කාලයද මේ...... ?


කොහොමද යාලුවනේ අද මම ඔයාලට වැදගත් තොරතුරක් ගේනවා මේකත් කියවලා බලන්න

  
යතුරු ලියනයන්, රික්තක  නල හා ෆ්ලොපි තැටි මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණකද ඉක්මනින් වැඩ වී යනු ඇතැයි පරිගණක විද්වතකු වන ආචාර්ය මාක් ඩින් පවසයි..






 ඩෙස්ක්ටොප් පරිගණක වල මුලාරම්භය  සටහන් කල අයිබිඑම්  5150 පරිගණකය සැලසුම් කලේ මාක් ඩින්  ඇතුළු පිරිසය. අයිබිඑම් පරිගණකයට පේටන්ට් බලපත්‍ර නවයක් තිබුණි.. අදටත්  ඉන්  3 ක්ම හිමිකම ඇත්තේ ඔහු සතුවය.. එම නිසා මාක් ඩින් පරිකනක ක්ෂේත්‍රයේ වැදගත් පුද්ගලයකි..



ඔහු මේ පිලිබදව ප්‍රකාස කර තිබුනේ ඩෙස්ක්ටොප් පරිගණකයට වරස 30 සැමරුම ගැන ඔහුගේ බ්ලොග් අඩවියට සටහන් තබමින්ය..

 අයිබිඑම් 2120 පරිගණකය මුල් කෘතිය පළමුව වෙළද පොලට පැමිණියේ 1981 අගෝස්තු මාසයේදීය.. පරිගණකයේ සැලසුම් කරන කාලයේදී ම එය අභාවයට යනු දකින තෙක් තම ජිවත් ජිවත් නොවෙනු ඇතැයි සිතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.. වර්තමානයේ ටැබ්ලට් පරිගණකයෙන් වැඩ කරන ඔහුගේ අදහස වනුයේ අනාගතයේ ජනප්‍රියම පරිගණක මාදිලිය වනුයේ ටැබ්ලට් පරිගණකයයි.. 



ටැබ්ලට් පරිගණකය භාවිතය පිලිබදව වෙළෙදපොල ගැන සමීක්ෂණ පවත්වන ගාට්නර් () සමික්සන ආයතනය අනාගතයේ ටැබ්ලට් පරිගණකය ගැන පසුගිය අප්‍රියෙල් මාසයේ අනාවැකි පල කර තිබුනේ මෙසේය..මේ වසර අවසානයේ ලෝකයේ විකිණී යන ටැබ්ලට් පරිගණක ගණන හත් කොටියක් (මිලියන 70) වනු ඇතැයි ලෙසත් වසර 2015 වෙදි ඒය අවුරුද්දකට කොටි 30(මිලියන 300) දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.. එසේම ඩෙස්ක්ටොප් පරිගණකය ඉල්ලුම පහල යනු ඇතැයිද පවසයි..

මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රකාශක ෆ්‍රෑන්ක් ෂෝ පවසන පරිදි ඩෙස්ක්ටොප් වෙළෙදාම අඩු වී ගියත් එහි අභාවය අද හෙටම සිදු නොවන බව බිබිසි පුවත් සේවයට කියා තිබුණි.. මේ වසර තුල සාමාන්‍ය පරිගණක කොටි 40 විකිණී යනු ඇතැයි වෙළෙදපොල සමීක්ෂණ වාර්තා අනාවැකි පළකරයි..

මේ පිලිබදව තවත් සමීක්ෂණ ආයතනයක් වන අයිඩිසි ආයතනය කියන පරිදි විකිණී යන ඩෙස්ක්ටොප් පරිගණක වලින් වැඩි හරියක් කාර්යාල ප්‍රයෝජනයට යොදා ගන්න බවත් සාමාන්‍ය ජනයා අතර ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් පොන් බවිත කරයි..



ලගදීම මීලග ලිපිය බලාපොරොත්තු වන්න.....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.