Ads Top

පරිගණකයේ වේගය වැඩි කරගත හැකි ක්‍රම Speed Up My Computer...........



දැන් මම ගේනවා ඔයාලට පොඩි පරිගණක උපදෙසක් කිහිපයක්ම...... මේ ලිපිය කියවලම බලන්නකෝ එකේ වටිනාකම.. 

දැන් ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ලග පරිගනයකයක් තියෙනවනේ.. ඉතින් එක හොදයි ලෝකේ දියුණුවට.. ඉතින් පරිගණකයක් ගත්තම තියෙන වේගය හැමදාම තියෙන නැනේ..  එතකොට එක පාවිච්චි කරන අයට එපා වෙනවනේ.. නම් එක හරියට නිසි ආකාරයට භාවිත කරමින් තියාගත්තොත් එකේ වේගය රද පවත්වා ගන්න පුළුවන්... ඉතින් ඒ සදහා තමා මේ උපදේශ  ටික...





පරිගණකය වේගවත් කිරීම සදහා උපදේශ 10 ක් නොමිලේ..


01. පළමු උපදේශ   -- ඔබගේ Recycle Bin හෙවත් අනවශ්‍ය පයිල්  ඉවත් කරන කුණු භාජනය නිරතුරුව    පිරිසිදු කරන්න..  

02. දෙවන උපදේශ -- ඔබ භාවිත කරන පරිගණකයේ Desktop එක  ඇති  කෙටි මාර්ග (Shortcut) අඩුවෙන් තබා ගන්න..  ඔබ භාවිත කරන මුදුකාංග විවර්ත කර ගැනීම සදහා ""Start menu"" භාවිත කරන්න..

03. තුන්වන උපදේශ --  ඔබගේ C:\ drive එක හෙවත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇති Patition එකේ මතක ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් තබා ගන්න.. උදාහරණ වශයෙන් C= 40GB, 80GB, 100GB තබා ගන්න...


04. හතරවන උපදේශ --  පරිගණකයේ ප්‍රතිවයිරස් මුදුකාංගයක් ස්ථාපිත කර එක නිසි ලෙස යාවත්කාලින(Update) කර ගන්න... එමගින් ඔබගේ පරිගණකයට එන වයිරස් නැසිය හැකිය.. එය තුලින් පරිගණකයේ වේගය වැඩි කර ගත හැකිය..




05.පස්වන උපදේශ -- හැමවිටම ඔබගේ Browser  එකේ History හා Cookies  පිරිසිදු කරන්න..


06. හයවන උපදේශ --Disk Cleanup හා Defragmenter  යන දෙකම සතියකට සැරයක් වත් භාවිත කරන්න.. එමගින් ඔබගේ මතකය ඉතිරි වෙනවා සේම ඔබගේ Folders And File නිසි ලෙසේ තැම්පත් වෙනවා..



07. හත්වන උපදේශ -- ඔබගේ පරිගණකය Boot වෙන වෙලාවට ඕපන් වන (startup program) වැඩසටහන් වසා තබන්න(Disable)


08. අටවන උපදේශ -- ඔබගේ පරිගණකයේ System Properties එකේ Performance  එක ලෙස "“Adjust for best performance”" ලෙස  තබාගන්න..


09. නවවන උපදේශ -- පරිගණකයේ හැමදාම හැදෙන %temp% and %tmp%Folders  මෙවැනි පයිල් ඉවත් කර පිරිසිදු කර ගන්න.. 


10. දසවන උපදෙස -- බාවිතාකර නිම වූ හා පාවිච්චියෙන් තොර ඕනෑම පයිල් එකක් පරිගණකයේ තබා ගැනීමෙන් පරිගණකයේ වේගය අඩුවේ.. එම නිසා එවැනි භාවිතයෙන් තොර දේ ඉවත් කරන්න(Delete)....



මෙවැනි ක්‍රම තුලින් ඔබගේ පරිගණකයේ කාර්යක්ෂම භාවය වැඩි කර පරිගණකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න මීලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න........!!!!!!!

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.