Ads Top

බස්නාහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ. සුන්දර ශ්‍රී ලංකාවේ පළාත් ගැන මන් ලියන සතරවන ලිපිය මෙන්න.


මිට කලින් මං ලංකාවේ එක් එක් පළාත් ගැන සුන්දරත්වය ගැන ලිව ලිපි පහතින් බලන්න.
එකිනෙකට එකක් දෙවැනි නොවන සුන්දරත්වයකින් යුත් ශ්‍රී ලංකාවේ කාර්යබහුලම නගරය හිමි බස්නාහිර පළාත ගැනයි අද කතාව.


බස්නාහිර පළාත ගැන කෙටි හැදින්වීමක්.
                                                                සබරගමුව පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත ආකර්ශනීය ස්ථාන රැසකින් සමන්විත පළාතකි.. කොළඹ, ගම්පහ හා කළුතර එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි.. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 3684 කි. .


01. Galle Face
ක්‍රි. ව. 1859 ඩි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් හෙන්රි වෝඩ් විසින් මෙම අලංකාර බිම් තිරය අශ්වයන් පැදවීම හා ගොල්ෆ් ක්‍රීඩා කිරීම සදහා භාවිත කරන වර්තමයේ මෙහි විශාලත්වය හෙක්ටයාර් 5 පමණ වෙයි. 

02. දෙහිවල සත්තු වත්ත

ක්‍රි. ව. 1936 ඩි ආරම්භ වූ දෙහිවල ජාතක සත්ව උද්‍යානය 2008 වර්තාවක අනුව වාර්ෂිකව මිලියන 1.5 ක දේශීය විශේශිකයන්ගේ ආකර්ෂණය උරුම කරගත් වටිනා ස්ථානයකි. මෙහි සතුන් 3000ක් ද සත්ව විශේෂ 350ක් ඉන්නවා බව 2005 වාර්තාවෙහි සදහන් වේ, 

03. සීතාවක උද්භිද උද්‍යානය

අවිස්සාවේල්ල ඉලුකොවිට තිබෙන මෙම උත්භිත උද්‍යානය ලංකාවේ නිර්මාණය කල අවසාන උද්භිත උද්‍යානයයි. මෙය අරඹ කර ඇත්තේ 2014 වසරේදීය. සොබා දහම ආදරය කරන බොහෝ දෙනාගේ නෙත ගැටෙන මෙය නැරබීමට යා යුතුම තැනකි. 

04. ජාතික කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා විෂලතා කෞතුකාගාරය මෙය වන අතර මෙහි උඩරට රජවරුන්ගේ සිංහාසන හා ඔටුනු ආදී ආයිත්තම් වැලීම් සමන්විතය. අතීත ශ්‍රී ලංකාවේ ගෞරවනීය බව දැකගැනීමට ඔබ යා යුතුම තැනකි. ආරම්බය 1877 ජනවාරි 1 

05. කැලණිය රජමහා විහාරය

ඉතිහාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුන්ගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයට පත්‍ර වූ භූමියකි. ගෞරවනීය පුජනිය ස්ථානයක් බැවින් එහි ගරුත්වය ආරක්ෂා කරනට කටයුතු කරන්න. අතීත ශ්‍රී ලංකාව හා බෞද්ධ ඉතිහාසය ගැන අධ්‍යනය කිරීමට කදිම තැනකි. 

06. තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානය
ක්‍රි.ව. 1974 දී අභිෂේක ගන්වන ලද රෝමානු කතෝලික දේවස්ථානයකි. මෙය "ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකාව" ලෙසදහදුන්වයි. පිහිට තිබෙන්නේ රාගම තේවත්ත ප්‍රදේශයේය. 

07. රන්මුදු ඇල්ල
කොළඹ අසන්නේ කාර්ය බහුලව ඉන්න ඔබට දවසක නිදහසක් එක්ක ඇල්ලකින් නලා එන්න පුළුවන් පහසුම තැනක් තම මේක. පිහිට තියෙන්නේ 

08. Water World Lanka Kelaniya

ලංකාවේ නිර්මාණය කරන ලද ආකර්ශනම ස්ථානාවක් බවට දැන් මෙය පත්වී ඇත. බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය හිමි ස්ථානයකි. 

09.බෙල්ලන්විල විහාරය

මෙය පිහිටා ඇත්තේ කොළඹ නගර සිමාවෙන් කිලෝමීටර 3 පමණ දුරින් තියෙන බෙල්ලන්විල ගමෙහිය. සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, මෙම බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියව‍ස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමකි.

වැඩි විස්තර සදහා - Wikipedia

10. හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය - ගම්පහ 

අක්කර 43 ක ප්‍රමාණයක විහිදුනු අත්තනගල්ල ඔය ගලා යන අතිශය සුන්දර වටපිටවකින් සමන් විට සොබාදහමත් එක්ක ජිවත් වෙන්න අස ඔයාලට ගැලපෙන තැනකි.


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.