Ads Top

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්.. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතාම වැදගත් දෙයක්.. ඒ කිවේ අන්තර්ජාලය භාවිත කරන අයට මේක ගොඩාක්ම විශේෂයි.. මේ තම අප විසින් යන එන, සොයා බලන වෙබ් අඩවි, වෙබ් පිටු නොපෙන්වීමට හේතු හා ඒවාට පිළියම් ගැන පොඩි විස්තරයක්..



 අන්තර්ජාලය තුල වෙබ් අඩවි හා වෙබ් පිටු නොපෙන්වීමට විවිධ හේතු ඇත. එවැනි අවස්ථා වලදී එම පිටුව පෙන්වන්නේ එරර්(Error) මැසේජ් සමගය..මෙම පණිවිඩ හදුන්වන්නේ එරර් මැසේජ් (Error Message) නමිනි..මෙවැනි පණිවිඩ තුලින් වෙබ් පිටුවේ පමාවිමට හේතු දක්වයි.. එම එරර් මැසේජ් පෙන්වන්නේ යම් අංකයක් සහිතවයි.හතර(4) මුලින් ඇත එරර් අරබෙන්න හේතුව වනුයේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර් එක භාවිත කිරීම නිසාය. පහේ(5) ඉලක්කම සහිතව මුලින්ම ඇරබෙන එරර් මැසේජ් ඇති වීමට හේතු වන්නේ ඉන්ටර්නෙට් සේවා සපයන සර්වර් වල ඇති වරදක් හෝ අන්තර්ජාලයේ සම්බන්ධතාවයේ වරදක් ඇති විටය..

දැන් අපි බොහෝ විට අපට දක්නට ලැබෙන දෝෂ හදුනා ගනිමු..

01. 400 Bad Request error

මෙම එරර් එක මගින් අදහස්  වන්නේ පරිශීලකයා ඉල්ලා සිටින වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ ටයිප් කරන ලද වෙබ් ලිපිනය ට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් සැදී නැති බවය.. මෙම එරර් එක නිවැරදි කිරීමට නම් වෙබ් ලිපිනයෙහි නිරවද්‍යතාව සොයා බැලිය යුතුය.. විශේෂයෙන්ම මේහිදී වෙබ් ලිපිනවලට අදාල ඉලක්කම්,සංකේත ආදිය පිලිබදව සැලකිලිමත් විය යුතුය..




02. 401 Unauthorized error

මෙවැනි එරර් මගින් අදහස් වන්නේ පරිශීලකයාට අවශ්‍ය වෙබ් අඩවියට හෝ පිටුවට ඇතුළු වීමට අවසර නොමැති බවයි.. මෙවැනි වෙබ් අඩවි හෝ පිටුවලට ඇතුළු විය හැක්කේ එහි ලියාපදිංචි වුවායින් පසුව ලැබෙන username හා password මගිනි..




03. 403 Forbidden error

මෙමගින් අදහස් වනුයේ පරිශීලකයාට ඇතුළුවීමට උත්සහ කරන වෙබ් අඩවිය හෝ පිටුව ට අවාර නැති බවයි. මෙහිදී කල යුත්තේ එම වෙබ් අඩවියේ
ලියාපදිංචි වීමයි..



04. 404 Page not found


මෙමගින් අදහස් වනුයේ පරිශීලකයා ඇතුළු වීමට උත්සහ දරන වෙබ් අඩවියේ  හෝ වෙබ් පිටුව යම් තාක්ෂණික අපහසුතාවයකට පත් වී ඇති බවයි.. මෙවැනි විටදී නැවත පෙර පිටුවට ගොස් නැවත පැමිණීම හෝ එහි සිට Refresh කිරීමයි..
   වෙබ් ලිපිනය ටයිප් කිරීමෙන් පසුව මෙය සිදු වුයේ නම් වෙබ් ලිපිනය නැවත පරික්ෂා කල යුතුය.. වෙබ් අඩවියේ ලිපිනයෙහි යම් වෙනසක් තිබීම හෝ එම පිටුව හෝ අඩවිය මකා ඇති බවය.. 




05. 408 Request Time Out error

මෙමගින් අදහස් වනුයේ පරිශීලකයා විසින් වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී ඇති වූ දෝෂයකි.. අන්තර්ජාලයේදී ඇති ඇතැම් වෙබ් අඩවිවල ලිපින වෙත ක්ලික් කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවැනි අවස්ත වලදී සිදුවන ප්‍රමාද නිසා මෙය ඇති වේ..මෙය නිවැරදි කිරීමට නම් නැවතවරක් ක්ෂණිකව ක්ලික් කර එම වෙබ් අඩවිය හෝ පිටුව වෙත ඇතුළු වීමට උත්සහ කල යුතුය..




06. 500 Server error

මෙමගින් අදහස් වනුයේ අන්තර්ජාලයේ ඇති සර්වර් වල ඇති දෝෂ නිසාය.. මේවා බොහෝ විට අන්තර්ජාල සේවා සපයන ආයතනවල පවත්වා ගෙන යනු ලබන සර්වර් වල සිදුවන වැරදි නිසා වේ. ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත් වී නැවත සම්බන්ධ වීමට උත්සහ කල යුතුය..



07. 502 Server Overload error

මෙහිදී සිදුවන්නේ පරිශිඅකය භාවිත කරන සර්වර් එකේ ඇති කාර්යබහුලත්වය වැඩි වී ඇති බව හා එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පිරිසක් එයට සම්බන්ද වී ඇති බවයි..  මෙහිදී කල යුත්තේ මදකට අන්තර්ජාලයෙන් ඉවත් වී නැවත සම්බන්ද වීමට උත්සහ කිරීමයි..



08. 503 Service Unavailable error

මෙමගින් කියවෙනුයේ අන්තර්ජාල සේවා සපයන්නාගේ(ISP- Internet Service Provider) සම්බන්දතාවය යම් වරදක් හෝ ක්‍රියා විරහිත වී තිබෙන බවයි.. පරිශීලකයාට සම්බන්දතාවය නතර කර දමා ඇති අවස්ථාවලදී මෙම පණිවිඩය ලැබෙන අතර එහිදී ISP හට දැනුම් දීමෙන් මෙම දෝසය නිරාකරණය කල හැකිය..



 නැවතත් වැදගත් දෙයක් සමගින් මුණ ගැසෙමු...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.