Ads Top

ලෝකේ තියෙන හොදම පරිගණක විද්‍යා විශ්වවිද්‍යාල 10.







මෙන්න අද මම ගෙනාවේ ගොඩක් වැදගත් දෙයක් කියවලාම බලන්න.. 





දැන් මම ගෙනාවේ ඉතාමත් වැදගත් දෙයක්... ලෝකේ තියෙන හොදම පරිගණක විද්‍යා විශ්වවිද්‍යාල 10 ගැනයි මේ ලිපිය... කියවලම බලන්නකෝ මේ ගැන...

01. Massachusetts Institute of Technology



Cambridge, United States of America
Score : 96.70

මෙය කෙටි නාමයෙන් MIT ලෙස හදුන්වයි.මෙහි ආරම්භය සිදු උනේ 1861 දිය. මොවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ උසස් නිපුනතාවයකින් යුත්ත තොරතුරු තාක්ෂණ හා විද්‍යා අධ්‍යාපනයක් ලබා දීමයි. සිසුන් 10 000 පමණ මෙහි අද්‍යාපනය සිදු කරනවා... එක සිසුවකුන්ගෙන් අය කරගන්න මුදල වනුයේ ඩොලර් 40 000 සිට ඉහළටයි.


02. Stanford University



California, United States of America
Score : 92.10


මෙය ආරම්භ වෙලා තියෙන්නේ 1885 දිය. මෙහි අධ්‍යාපනය සදහා ඇත්තේ Arts and Humanities, Engineering & Technology, Life Science and medicine, Natural Science and Social Science and Management යන දේවල් ය. එක සිසුවකුගෙන් අය කරගන්නා මුදල වන්නේ ඩොලර් 60 000 සිට ඉහළටයි..



03. University of Oxford 




Oxford, England
Score : 92.00

ඉංග්‍රීසි සදහා වන පරණම විශ්වවිද්‍යාලය මෙයයි.. 2011-2012 අතරේදී මෙම විශ්ව විද්‍යාලයේ අදායම වනුයේ යුරෝ මිලියන 1, 016,  1 (£1,016.1m) වේ. 22 000 ක පමණ සිසුන් ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබයි.සිසුවකුගේ වාර්ෂික ගාස්තුව වනුයේ ඩොලර් 14 000 කි.


 04. Carnegie Mellon University



Pittsburgh, United States
Score : 90.50

"My heart is in the work" තම මෙහි ආදර්ශ පාටය. 12 000 සිසුන් ප්‍රමාණයක් හා 5000 කට වඩා කාර්ය මණ්ඩලයක් ඇතුලත් වේ. 


 05. University of Cambridge



Cambridge, England , United Kingdom
Score : 89.80

ලෝකය පුර සිසුන් 18 000 ක්ද 9000 වැඩ කාර්ය මණ්ඩලයක්ද මෙහි සතුය. සිසුවකුගෙන් Course  එකක් සදහා අය කරන මුදල වනුයේ ඩොලර් 14 730 කි.

 06.Harvard University



Cambridge, Massachusetts, United States
Score : 88.40

ලෝකයේ තියෙන ඉතාමත් ගෞරවාන්විත විශ්ව විද්‍යාලයකි මෙය. මෙහි ආරම්භය වන්නේ 1636 වේ. උසස් අද්‍යාපනය සදහා ඇමරිකාවේ තියෙන පරණම විශ්වවිද්‍යාලය මෙයයි. බිල් ගේට්ස් හා මාක් සුකර්බග්  අධ්‍යාපනය ලැබුවේ මෙහිදීය. අවාසනාවට ඔවුන් ව අයින් කළා මේ ආයතනයෙන්.. සිසුන් 21 000ක් මෙහි අධ්‍යාපනය ලබයි.එක සිසුවකුගෙන් අයකරන මුදල වන්නේ ඩොලර් 59 950 සිට ඩොලර් 65 150 දක්වය.

 07.University of California 



Oakland, California, United States
Score : 88.00

230 000  සිසුන් ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබයි. 207 000 ක පමණ ආචාර්ය මණ්ඩලයක් සිටි. එක සිසුවකුගෙන් අය කරනු ලබනැ මුදල වනුයේ ඩොලර් 39 990 කි.


 08.National University of Singapore



Singapore 

Score : 87.20

ආසියාවේ තියෙන ප්‍රසිද්ධම විශ්ව විද්‍යාලයකි.  මෙහි මෙහෙවර වනුයේ "To transform the way people think and do things through education, research and service" වේ.35 000 ක සිසුන් ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබයි. එක සිසුවකුගෙන් අය කරනු ලබන මුදල වනුයේ ඩොලර් 13 000 කි .2 000 ට අධික ආචාර්ය මණ්ඩලයක් මෙහි සතුය, 

 09.ETH Zurich 



Zurich, Switzerland 
Score : 87.10

ඉතාමත් උසස් ගනයේ විශ්ව විද්‍යාලයක් ලෙස මෙය හදුන්වයි. යුරෝපයේ හොදම විශ්ව විද්‍යාලය ලෙසද මෙය පත් වී ඇත. 

 10.University of Hong Kong



Pok Fu Lam, Hong Kong
Score : 84.00

මෙය පිහිටවනු ලැබුවේ 1911 දිය. මෙය අධ්‍යාපන කේන්ද්‍ර 10 සමන්විත වන අතර 3000 කට අධික පාලන මණ්ඩලයක් සිටි. 27 000  අධික සිසුන් ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබයි. මෙහි ආදර්ශ පාටය වනුයේ  "Wisdom and Virtue" වේ.වසරකට ඩොලර් 41 900 ක් එක සිසුවකුගෙන් අය කර ගනු ලබයි.. 



උපුටා ගැනුම - Wikipedia

ඔන්න එහෙනම් අද පොස්ට් එක ඉවරයි... අදහසක් දාලම යන්න

4 comments:

  1. National University of Singapore hoday wage :-d

    ReplyDelete
  2. ඕවට ලබන ආත්මෙවත් යන්න දැන් ඉඳලම පිං කරන්න පටන් ගන්න ඕනි. :))

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්.... ;(( ;(( ;(( ;((

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.