Ads Top

ඔබ සැමට කිරියෙන් පැණියෙන් උතුරන ශ්‍රී සුබ නව වසරකම වේවා....!!




ආයුබෝවන් මිතුරනේ...මෙන්න ශ්‍රී සුබ නව වසරට සියල්ලන්ටම ආසිරි දෙන්න පොස්ට් එකක්.. 








එක වසරක නිමවා තවත් වසරක අරබුමයි. හරිම පුදුමයි. ජිවිතේ ගලා යනවා. අපි ඒ පස්සෙම යනවා. 2013 කියන තවත් එක සුන්දර අවුරුද්දක් පහු කරලා 2014 කියන අලුත් අවුරුද්දට පිය නගනවා. පහු ගිය ජිවිත කාලයේ සිදු වූ සියලුම දේවල් දැන් මතක් කරද්දී හිතට සතුටක් වගේම දුකකුත් දැනෙනවා.. ජිවිතේ කියන්නේ එක නේ. කොච්චර ලස්සන දේවල් උනාද.. අපි කොච්චර සිනසුනද.. දුක් වුනාද.. නමුත් දැන් ඒවා අයිති 2013 වූ සොදුරුබර අතීතයටයි. 




පසු ගිය වසරර්ට Bye කියලා අලුතින් ආරම්භ වෙන නව වසරට අපි සැම සතුටින් මුහුණ දෙමු. ඒ වගේම දැඩි අධිෂ්ටනයක් ඇතිව 2014 අවුරුද්දේ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා හිතේ තියන් සතුටින් පා තබමු...


ලබන්නාවූ අසිරිමත් ආශීර්වාද සහිත ශ්‍රී සුබ නව වසරට සැවොම එක සිතින් පතමු මේ වසරේ සියලුම දේ ඉතාමත් හොදින් වගේම කිරියෙන් පැණියෙන් උතුරන ශ්‍රී සුබම සුබ නව වසරකම වේවා කියා...

ලංකාවේ අපේ අදහස් වෙබ් අඩවියේ ඇඩ්මින් වන මා ද ඔබ සැමට ශ්‍රී සුබ ආසිරිමත් නව වසරකම වේවායි එක සිතින් සුබ පතමි...



2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.