Ads Top

පුදුමාකාර විනාකිරි වල ඇති විශේෂිත වූ වාසි 14.




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් දෙයක් . 





මේ පොස්ට් එකෙන් ඔයාලට දැනගන්න ලැබේවි එක දියර විශේෂයක් ගැන. ඒක අපිට කොහොමද එදිනෙදා ජීවිතයේදී එන ගැටළු වලට උත්තර ලෙස ඒවා භාවිතා කරගන්නේ කියලා. විනාකිරි තමා ඒ දියරය. එහි ඇති ඇන්ටිබැක්ටීරියා හා ඇන්ටිමයික්රෝබියා ගුණ නිසා අපිට පුළුවන් එය බොහෝ අවස්තාවන් සදහා භාවිතා කරන්න. පහල ඇත්තේ එවැනි අවස්තා කිහිපයකි...

ජලනල පිරිසිදු කරන්නට පුළුවන්. 

විනකිරිවල ඇති ඉහතා කි ගුණ නිසා අපිට පුළුවන් වෙනවා අපේ ජල නල වල පිරිසිදු කිරීම් කිරීමට. අඩු මිලකින් වැඩි පිරිසිදුවක් ලබා ගැනීමට මෙය මහත් උපකාරී වෙනවා.




ශීතකරණය පිරිසිදු කරන්න පුළුවන්. 

උණු වතුර ගැලුමක් හා විනාකිරි කෝප්ප 2ක් ගෙන ඒවා කලවම් කරගෙන ඔබේ ශීතකරණයේ ඇති පල්ලම් වර්ග පිරිසිදු කරගන්න පුළුවන්. තද පල්ලම් ඇත්නම් ඒවා ට විනාකිරි ස්වල්පයක් දමා ඇතිල්ලූ විට එයාවද මැකී යයි. අවසාන ප්‍රතිපලය වනුයේ අවම මහන්සියකින් හා අවම වියදමකින්ඔබේ ශීතකරණය පිරිසිදු වීමයි.




මුළුතැන්ගෙහි ඇති බට වල ගන්ධය ඉවත් කල හැකි වේ.

සාමාන්යෙන් මුළුතැන්ගෙහි ඇති බට ඉක්මනින් දුගදට හා ජරා වෙනවා. ඒවා සුද්ද කරන්න හරිම අපහසුයි. නමුත් විනාකිරි මගින් ඒවා පිරිසුදු කර දුර්ගන්ධයද ඉවත් කල හැකිය. විනාකිරි ඉවල්පයක් ඔබේ ජාල නලය හා ගමන් කිරීමට ඉඩ හරින්න..




නිවසේ ඇති දුර්ගධවල් ඉවත් කිරීමට හැකි වේ.

නිවසේ යම් හෝ දුර්ගන්ධයක් ආ විට බොහෝ අය කරන්නේ Air Freshener  භාවිතා කිරීමයි. නමුත් ඔබ දන්නවද ඒවා වෙනුවට විනාකිරි භාවිතා කල හැකි බව. Air Freshener වලින් සිදු වන්නේ තාවකාලිකව අදාල දුර්ගන්ශය ඇති වූ තැන සුවදවත් කිරීම පමණයි. නමුත් විනාකිරි භාවිතා කිරීමේදී අදාල දුර්ගනාදය සම්පුර්ණයෙන් මැඩපවත්වන්න පුළුවනි. ඔබට වින්කිරි ස්ප්‍රේ කිරීමටද පුළුවනි.




මල බැදුණු යකඩ පිරිසිදු කිරමට.

ඔබට ඔබේ මල පැදුනු අඩුවේ එය ඒවත් කිරීමට උවමනාද එහෙනම් කරන්න ඕනේ විනාකිරි ටිකක් එකේ  අතුල්ලලා දවසක් විතර තියන එකයි. පසුදා වෙද්දී ඔබට දිදුලන අඩුවක් ලැබේවි.




මයික්‍රෝ වෙවු පිරිසිදු කිරීමට.

මයික්‍රෝවේවූ උදුනේ විනාකිරි කෝප්පයක් ගෙන විනදී 3 රත් කරන්න. ඉන් පසු රත්කරන එක නවත්වා පය බාගයක් එක නිකන් තියන්න. ඉන් පසු විනාකිරි සහිත කෝප්පේ අරන් එක පිරිසිදු කර ඔබේ මයික්‍රෝවෙවුඋදුනදද පහසුවෙන් පිරිසිදු කරගන්න.




උළුවැහි පිරිසිදු කරගන්න. 

බොහෝ වෙලාවට දුවිලි රැදෙන තැනක්නේ මේක.. විනාකිරි ටිකක් අරන් ඒවා බ්‍රෂ් කර පිරිසිදු කරන්න. නැවත ඔබට අලුත් සේ පෙනන උළුවැහි ලැබේවි.




ඉතිරි වූ ගාන ගහපු ලේබල් ඉවත් කිරීමට.

අපි භාවිතා කරන සමහර උපරණ ගද්දි ඒවාට ලේබල් අලවලා දෙනවනේ. ඉතින් අපි ඒවා අයින් කරනවා නමුත් සමහර ලේබල් ලේසියෙන් ගැලවෙන් නැ. එතකොට කරන්න ඕනේ විනාකිරි ස්වල්පයක් එතනට ගාලා එක අතුල්ලා දාන එක විතරයි.




සිල්ව අඩංගු දේවල් වල දිලිසීම නැවත ලබාගැනීම.

මේ සදහා අපිට ඕනා කරනවා විනාකිරි හා බේකින් සෝඩා ටිකක්. විනාකිරි කෝප්පයකට බේකින් සෝඩා හැදී 2ක් දාලා කලවම් කරගන්න. ඉන් පසු සිල්ව උපකරණය ගෙන එය ගිල්වා තවන්න විනාඩි 15. ඉන් පසු එය එලියට ගෙන විනාකිරි පිස දමා විනාඩි 15 තියල පිරිසිදු උණු වතුරෙන් සෝදා හරින්න. එය සුමුදු රෙදි කැබැල්ලකින් පිරිසුදු කරන්න.




කාර් වලින් එන හදුනාගන්නට බැරි ගන්ධයන් නැති කිරීමට.

කාර් වලින් සාමාන්යෙන් විවිධ දුර්ගන්ද හමනවා. ඉතින් ඒවා ඉවත් කිරීමටද විනාකිරි භාවිතා කරන්න පුළුවනි.




රෙදි සුදුවන් සේ පිරිසිදු කරන්නට.

විනාකිරි කෝප්පයකට බේකින් සෝඩා කෝප්ප 4න් 1ක් දල කලවම් කරගෙන ඔබේ ඇදුම් සුදු කරගන්න.




 කුබි එන එක වලක්වන්න.

විනාකිරි ස්ප්‍රේ කරගන්න පුලුවන් වන සේ හදලා කුබු එන තැන් වලට විදින්න. ඒ වග්මේ දොරවල්, විදුලු හා කුබින්ව සොයාගන්න පුළුවන් හැමතැනටම එය විදින්න. කුබි කරදරයෙන් ගැලවෙන්න හොද පිලියමක් මේක. 




ලි වල ඇති වතුර පැල්ලම් ඉවත් කිරීමට.

එක සමාන කෝප්ප දෙකින් විනාකිරි හා එළවලු තෙල් එකතු කරගෙන කලවම්කරගන්න. ඉන්න පසු වතුර පැල්ලම ඇති ප්‍රදේශයට ගාන්න. මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් වන්නේ පදම් කල ගෘහ භාන්ඩ සහාය.




නාන ෂවර් එක පිරිසිදු කරගන්න පුළුවන්. 

විනාකිරි පුරවපු බැග් එකක් අරන් එක ෂවර් එකේ කට වටේට තියල බදින්න. ඉන් පස්සේ දවසකින් පසුව ඔබේ ෂවර් එකේ සම්පුර්ණ වතුර එන වේගය නැවත ඔබට ආපසු ලැබේවි.





අද ඔබ පුදුමාකාර විනාකිරි වල බලය ගැන හොද වැටහීමක් ගත්තා කියලා මම හිතනවා.. ඉතින් මේ පිළිබද ඔබේ අදහස් පහතින් දක්වන්න.. 

1 comment:

  1. හරිම පුදුමාකාර ක්‍රම ගොඩාක් කිව්වා.ස්තුතියි ඔබට.

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.