Ads Top





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් පරිවර්තනය කිරීමක්. 







අපි හැමෝම පාවිච්චි කරන දෙයක් තමා දත් බෙහෙත් කියන්නේ. මුලික වශයෙන් අපි සිදු කරන්නේ අපේ දත් ටික පිරිසිදු කරගන්න එකනේ. නමුත් අපි නොදන්නා වැඩ රාශියක් එකෙන් ගන්න පුළුවන්. දත් මැදීමට අමතර දේවල් ටිකක්. පහත තියෙන්නේ එක ගැනයි.මේ ගැන ලිපියක් නොදුටු ලෝකය බ්ලොග් අඩවියේ (Harendra Keerthi) ලියලා තිබ්බා නමුත් එකේ තිබ්බේ 5යි මම එකට අමතර තව 9 එකතු කළා. ඒ වගේම Harendra Keerthi අයියට ස්තුතියි  කරනවා 

වතුර බොන භාජන පිරිසිදු කරන්න පුළුවන්.



ප්ලාස්ටික් බෝතල් හා උණුවතුර බෝතල් නැවත භාවිතා කිරීමට සමහරු අකමැත්තක් දක්වනවා. නමුත් සාමාන්යේන් අපි කරන්නේ වතුර බෝතලේ හෝදන එකනේ. නමුත් එක සාර්ථක නැ. විෂබීජ විනාස වෙන් නැ. නමුත් දත් බේත් වලට ඒ කාර්ය පුළුවනි.කරන්නේ තියෙන්නේ දත්බෙත් ටිකක් පහත ආකාරයට ගෙන ඔබේ බෝතලය පිරිසිදු කරගැනීමයි.

දියමන්ති හා රත්තරන් පිරිසිදු කරන්න පුළුවන්.



            සමහර පිරිසිදු කාරක වලින් දියමන්ති හා රත්තරන් වල පැහැයට බලපෑමක් ඇති කරනවා. නමුත් එකට හොදම විසදුම දත් බේත් වේ.සුරන් නැතිව සුමට විදිහටයි මෙය සිදු කල යුත්තේ.


පැල්ලම් ඉවත් කරන්නක් ලෙසට භාවිතා කිරීම.



            දත් බේත්වලට පුළුවන් විවිධ වර්ගයේ පැල්ලම් ඉවත් කරන්න. ලිප්ස්ටික් , සමහර යුෂ වල පල්ලම් හා සෝස් මගින් ඇති වන පැල්ලම් ඉවත් කල හැකිය.


වාහන වල හෙඩ් ලයිට් පිරිසිදු කරන්න පුළුවන්.



            සාමාන්යෙන් වාහනයක හෙඩ් ලයිට් ලේසියෙන්ම දුවිලි බදිනවා ඒ වගේම සිරීම් වලට භාජනය වෙනවා. නමුත් දත් බේත් වලට පුළුවන් නැවත එයට දිලිසීමක් ඇති කරන්න.පළමුව හෙඩ් ලයිට් එක වතුර හා සබන් දමා පිරිසිදු කර ඉන් පසු දත් බේත් භාවිතා කර පොලිෂ් කරන්න පුළුවන් රෙදි කැබැල්ලකින් හෝ පැඩ්එකකින්.

සපත්තු ඔප දමන්න පුළුවනි.



            කළු හෝ සුදු පාට සපත්තු ව්ලාට නිතරම විවිධ පල්ලම් ඇති වෙනවා. නමුත් දත් බේත් මගින් එක ඉවත් කිරීමට හැකියාවක් තියෙනවා.

ඇණ මගින් ඇති වූ සිදුරු වසන්නට පුළුවන්.



            අපි බිත්ති වලට ඇණගහව විවිධ දේවල් සදහා නමුත් ඊට පස්සේ ඒවගේ සිදුරු ඇති එවනවා ඒවා වැසීමට දත් බේත් භාවිතා කල හැකිය.

විදුරු පිස්නයක් ලෙසද භාවිතා කල හැකිය.



            සාමාන්යෙන් විදුරු සහිත දොරවල වල විවිධ කුණු වර්ග රැස්වන ඉඩ කල වැඩි.එතකොට වීදුරුවේ තුබූ සැබෑ ස්වභාවය නැති වෙනවා නමුත් දත් බේත් භාවිතා කරලා එකත් විසදගන්න පුළුවනි.

DVD  හා CD පිරිසිදු කරන්නත් භාවිතා කරන්න පුළුවන්.



            ඉරි ගිහින් තියෙන හෝ කිලිටු වී ඇති තැටි පිරිසිදු කිරීමේ හැකියාව දත් බේත් එක හා සතුය.



මෙච්චර කල් දනන් හිටියට වැඩ දෙයක් අද දැනගත්තානේ. තමන් විතරක් දැනගෙන මදි නේ අනිත් අයටද මේ ලිපිය පෙන්වන්න. හැමෝටම Share කරන්න. එහෙනම් මම ගියා යේ වැදගත් ලිපියකින් හමුවෙමු.


4 comments:

  1. දත් මදින්න ගන්න බැරිද? :D

    නියම ලිපිය.ජය වේවා.....!!!

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  2. ස්තුතියි @vishwajith පුළුවන් නේද සහෝ උඩින්ම තියෙන්නේ එක තමා...

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.