Ads Top

අත් දෙක අල්ලාගෙන මෙලොව එලිය දුටු අසිරිමත් දරු උපතක්(Video)





ආයුබෝවන් යාලුවෙනේ මෙන්න අමුතු සිදු වීමක් .





මවු පදවිය කියන්නේ ඉතාම ශ්‍රේෂ්ට තැනක් කියලා අපි හැමෝම දන්නවා. නමුත් මේ කියන්න යන්නේ අමුතු සිදු වීමක්. අම්ම කෙනෙක්ට ලැබුන පුංචි බබාලා දෙන්නෙක්ගේ පිහිටීමක් ගැන. මේ බබාලා දෙන්න ඉපදෙද්දීම හිටියේ ඇත දෙක එකට අල්ල ගෙන බවයි වෛද්‍යවරුන් කියන්නේ. 

මේ දරු උපත සිදු වුයේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රදේශයෙනි. ඒ ඔහියෝ වල තිබේ Akron Beacon රෝහලේදීය.  තව දෙයක් කියන්න ඕනි මෙවැනි උපත් ඉතාම දුර්ලභ කියලා. 

අතින් අල්ලාගෙන උපන් මේ බබාලා දෙන්නා "Monoamniotic Birth" නමැති දුර්ලබ උපතක් තමා ලබා තියෙන්නේ.

Monoamniotic Birth යනු එකම කුටිරයක වැඩෙන නිවුන් දරුවන් කියාය. සාමාන්යෙන් එකම කුටිරක දරුවන් දෙදෙනකු වැඩෙන්නේ ඉතාම දුර්ලබ අවශ්තවකදීය. 

ජිලියන් තිස්ල්වයිට් සහ ජෙනා තිස්ල්වයිට් යන මේ බාබාලා දෙන්නගේ අම්මා වන්නේ සාරා තිස්ල්වයිට් වේ.

සාරා පවසන පරිදි සිය නිවුන් දැරියන් අත් අල්ලාගෙන මෙලොවට බිහිවූ බව තමන්ට අදහාගත නොහැකි තරම් සතුටක් දැනුනු බවයි. 

මේ උපතේ තවත් විශේෂත්වයක් වන්නේ පෙකිනි වැල් 2 කින් මවට සම්බන්ධ වී සිටීමත් සියලුම අංග සමාන වීමත්ය. 

පහත වීඩියෝවෙන් ඔබට මේ ගැන වැඩි තුරටත් තෙරුන් ගත හැකිය. 








ඉතින් අපි මේ පුංචි බබාලා දෙන්නටත්, ඔවුන්ගේ මවු පියන් දෙන්නටත් සුබ පතමු.

උපුටාගත්තේ BBC -US twin baby sisters born holding hands

එහෙනම් අයෙත් අලුත් දෙයක් සමගින් මුණ ගැසෙමු.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.