Ads Top

Paypal පාවිච්චි කරන්නන්ට සුබ ආරංචියක්.





ආයුබෝවන් යාලුවනේ මෙන්න ලංකාවේ අපිට වැදගත් ආරංචියක්. 





Paypal ගැන අද වන විට ලංකාවේ ගොඩක් අය දන්නවා ඇති. ඔන්ලයින් ගනුදෙනු කරන බැංකුවක් වගේ එක.. කාලයක් තිස්සේ මේ ගනුදෙනු අපිට සිදු කරන්න බැරි උනා Paypal සමග. ඉන් පසු සම්පත් බැංකුවත් හා සමග එකතු වී මහා බැංකුව මෙය අපිට හදුන්වා දෙනු ලැබුවා.. දැන් තියෙන අලුත්ම ආරංචිය ගැන දැනගන්නවා නම් පහල තියෙන ටික කියවන්නම වෙනවා..

සම්පත් බැංකුව හා එක වී ආරම්භ කල Paypal සේවා තවත් බැංකු 3 හා සම්භන්ධ කිරීමට මහා බැංකුව ක්‍රියා කරනවා කියල ආරංචියක් ලැබී තියෙනවා.. මේක ඉතින් අපිට හොද ආරංචියක්. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි. නමුත්, දැන් අපි උත්සාහ කරන්නේ මෙරට බැංකු හතරක් මගින් මෙම සේවාව මෙරටට හඳුන්වා දීමටයි. පසුව, මෙම සේවාවට මෙරට සියළුම බැංකු සම්බන්ධ කිරීමට අපි අදහස් කර තිබෙනවා.“
ඉන්දියාවේ ඇති Paypal ශාඛාව හා මේ පිළිබද සාකච්චා කර ඇති බවට මහ බැංකුව පවසා තියෙනවා.. 
ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් ඇත.
පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.
එහෙනම් මේ වගේ උණුසුම් පුවතක් සමගින් අයෙත් එකතු වෙමු...

2 comments:

  1. Eka hodai....ekanisa mudal yawima witharak thibuna eka labaganimatath puluwan wenawa...

    ReplyDelete
  2. ලගදීම ලැබෙයි කියල හිතමු.. දුන්නොත් ගොඩක් හොද දෙයක්..

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.