Ads Top





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් අලුත්ම පුවතක්. 







දැන් කියන්න යන්නේ ඉතාම වැදගත් අපේ ගාව දැන් නැතිවම බැරි දෙයක් ගැනයි. ජංගම දුරකථනය තමා එකේ ආරම්භක මාතෘකාව වන්නේ. දැන් ලෝකෙම හොලවලා ඉවරයි නේ මේ මාතෘකාව. හැබැයි මේ කියන්නේ විශේෂ දෙයක් දැනගන්න නම් කියවන්නම වෙනවා. කියවීම හොද ගති ලක්ෂණයක්නේ...

වර්තමානය වෙනකොට ජංගම දුරකථන ලෝකය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ආරම්භ කාලයේදී සිදු උනේ Call ගැනීම හා පණිවිඩ යවිමනේ. නමුත් දැන් ඒ දේවල් ඇතුලත්ව තවත් විශේෂාංග රාශියක් එකතු කරලා තියෙනවා.. සමහර දේවල් ගැන හිතද්දී අපටම පුදුමයි. අද කියන්න යන්නේ මම "ලෝකය වෙනස් කල දුරකථන 12" ගැනයි.


මේ තමා ලෝකය වෙනස් කල පලවෙනි ජංගම දුරකතය. මේක නමින් StarTec වන අතර මෙය 1996 දී තමා මහජනයාට දීල තියෙන්නේ. මේක බරින් ග්‍රෑම් 88 වෙනවා. මේක ගැන තවත් විස්තර ඕනේ නම් ඔබන්න - Click Here 



මේ දුරකතනයේ නම වෙනුවෙ Nokia 9000 නම් වේ. එක පලවෙනි සම්පුර්ණ Keyboard එකක් සහිත දුරකතනයකි. මෙය හැදුවේ 1996 ස්මාර්ට් ෆෝන් වල මුලික අදියර තමා මේ. මේක ගැන තවත් විස්තර මෙන්න - Click Here


මේ දුරකථනය නමින් Nokia 5110 වේ. පහසුවෙන් භාවිතා කරන්නට හැකියාව තිබ්බ වගේම හොද බැටරි ආයු කාලයක්ද තියෙන ෆොනේ එකකි. මේක හැදුවේ 1998 දිය. "everyone had one" කියන පරමාර්ථයක් ඇතුවයි මේක හදල තියෙන්නේ.මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here 


2000 වසරේදී නිර්මාණය කරන ලද මෙම දුරකතනය නමින් Sharp J-SH04 වේ. පළමු කැමරා ෆෝන් එකයි.මේකෙන් ගන්න පුළුවන් උනේ මෙගා පිස්කල් 0.1 චායාරුප පමණි. මේක ගනී වැඩි විස්තර මෙන්න - Click Here


මේ දුරකථනය නමින් Blackberry 6210 වේ. මේ තමා ස්මාර්ට් දුරකථන පෙරළියේ ආරම්භය. 



පලවෙනි හිනිම දුරකථනය. මේක හැදුවේ 2003 දිය. මේ දුරකථනය නමින් Motorola Razr V3 වේ. මේක ගැන වැඩි විස්තර මෙන්න.- Click Here


මෙය නමින් Palm Tree 650 වේ. මේක හැදුවේ 2004. මේක බ්ලැක්බෙරි සමාගමේ එකක් නොවන අතර මෙයද ස්මාර්ට් ෆොන් දුරකතයකි. මේකේ තිබ්බා වෙබ් බ්‍රවුසර් එකක්, කැමරාවක්, Music and Video Player එකක්. මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here


පලවෙනි TouchScreen දුරකතනයයි. මේක නමින් LG KE850 Prada ලෙස හදුන්වයි. මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here


මේ තමා කවුරුත් දන්නා Apple සමාගමේ Apple iPhone එක. ලෝක විශාල වෙනසක් කරපු දුරකතනයක් තමා මේක. මේක හැදුවේ 2007 දිය. මේක ගැන විස්තර මෙන්න - Click Here



මේ තියෙන්නේ පලවෙනි Android  දුරකථනය. මේක හැදුවේ 2008 දිය. මේකේ නම තමා T-Mobile G1 වේ.මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here


පලවෙනි LTE තාක්ෂණයෙන් යුත් දුරකථනය මෙයයි. මෙය නමින් Samsung SCH-R900 වේ. මේක හැදුවේ 2010 දිය.


වර්තමානයේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වන ගැලැක්සි සීරියස් එකේ ගැලැක්සි 3 දුරකථනය මෙයයි. මේක හැදුවේ 2012 දිය. මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here

අද ඉතින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා. ලෝකය වෙනස් කල දුරකථන 12. තව ඉස්සරහට හිතාගන්නත් බැරි ඒවා ඒවි... එතකොට මේකට ඒවත් එකතු කරන්න එපැයි. එහෙනම් මම ගියා..











No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.