Ads Top


ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මම ඔයාලාට වැදගත් දෙයක් කියලා දෙන්න බැලුවා. දැනගන්න ගොඩක් වටින දෙයක්.

Smart Phone, Tab ඒවා බිම වැටුනොත් ඉතින් ඉදලා හමාරයිනේ.. Touch හෝ වීදුරුව ගියොත් ටිකක් වැඩිපුර ගානක් යනවා එක හදාගන්න (මොකද මගෙත් එහෙම උනා. ඊයේ තමා හදාගත්තේ) ඉතින් අද මම කියන්නේ Tempered Glass කියන දුරකථන ආවරණය ගැනයි. 

 Tempered Glass නිර්මාණය කරන්නේ පදම් කරපු විදුරු වලිනි. එමෙන්ම මේය නිර්මණය කරන්නේ උණුසුම සහ වේගවත් සිසිලන ක්‍රියාවලියක් තුලින් වේ. සාමාන්‍ය විදුරු වලට වඩා ශක්තිමත් වේ. 

ගොඩක් අය කරන්නේ ෆෝන් එකක් අරගෙන එකට ස්ටිකර් එකක් ගහගන්න එක නේ. එත් ඔයාලා Tempered Glass එකක් දාගත්තොත් ලැබෙන වාසි පහතින් දැනගන්න..

  1. Tempered Glass දැම්මාම ස්ටිකර්ස් ඕනේ නැත.
  2. ලේසියෙන් සිරෙන ඒවා සිද්ද වෙන්නෙත් නැත.
  3. හරිම පහසුවෙන් එක ස්ථාපනය කරගන්න පුළුවන්.
  4. බිම වැටුනත් Damage වෙන්නේ Tempered Glass එකටයි. Display එක ආරක්ෂා වෙනවා. 
  5. ඇනයකින්, පිහියකින්, යතුරකින් සිරුවත් සිරෙන්නෙම නැති තරම්ය. (පහත වීඩියෝව බලන්න)
  6. මේක Damage කරන්න නම් ලොකු බලයක් ඕනේ (ඒ කිවේ ඇණයක් අරගෙන මිටියකින් ගහන්න ඕනේ)


 Tempered Glass එක Damage උනොත් මෙන්න මේ වගේ තමා. කෑලි කෑලි වලට කැඩෙන් නැ, වෙන් වෙන් නැ. ඒවා බැදී පවතිනවා.




මේ ගැන අදහසක් දුන් Dasuntha Thilina සොයුරාට මගේ හදපිරි ස්තුතිය.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.