Ads Top

CryptoCurrency Trading - මිලියන ගණන් සල්ලි මවන මුදල් Part 2



ආයුබෝවන් යාලුවනේ මෙන්න. අදත් ගේනවා වැදගත් ලිපියක්. අඩුපාඩු ඇත්නම් කියමු හොදේ..






Crypto Currency වල එකටම දැනගන්න ඕන වචන ටිකක් තියෙනවා. ඒවා එක්ක දැනගෙන යන එක තමයි වඩාත්ම හොද. මොකද හැමදේකම මුල දැනගෙන යන්න එපැයි. අද කතා කන්නේ Market Cap හෙවත් අපි හදුන්වන Market Capitalization. Crypto Currency  වලින් ටිකක් අතට ගිහින් මේක කතා කරලා එමු.

දැක්ක ගමන් හෙන බර වචනයක්. ඔකේ සිංහල තේරුම තමා වෙළෙදපොල ප්‍රග්ධනිකරණය. සරල කරලා කිවොත් මේකයි කතාව. ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙදපොලේ මගේ ආයතනය "DushSoft Lanka" එකේ කොටස් තියෙනවා. දැනට මගේ ආයතනයේ කොටස් 100ක් මන් නිකුත් කරලා තියෙන්නේ. එක කොටසක් මිල රුපියල් 10යි. එතකොට මගේ කොටස් 10ම වටිනාකම,

ආයතනයේ කොටස් ගාන  X කොටසක මිල = Dushsoft Lanka ආයතනයේ Market Cap එක.
100                                  X       10              = රුපියල් 1,000.00




හිතන්න මෙහෙම මගේ ආයතනය දියුණු උනොත් අනිවාර්යෙන්ම මගේ කොටස් වල මිල ඉහල යනවා. ඒ වගේම ඒ කියන්නේ මුදලුත් ඉහල යනවා. පහල තියෙන පින්තුරෙන් මේ ගැන හොද අදහසක් ගන්න පුළුවන්.



ඒ වගේම තමා මෙන් මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් කොටසක වටිනාකම අඩු වෙලා කොටස් ගාන ඉහල ගියොත් අදාලම සමාගමේ Market Cap එක ඉහල යනවා. Market Cap එක ඉහල යනවා කියන්නේ ආයතනයේ සල්ලි තියෙනවා. ඒ කියන්නේ ලදී දියුණුවකට ලක් වෙයි හිතෙනවා.. මොකද අදාල සමාගමට නිපැයුම් ඉදිරිපත් කරන්න මුල්‍ය වත්කම තියෙන නිසා. අයෝජක විශ්වාසය තියෙනවා.



Market Cap එකෙන් ආදාල සමාගමේ වටිනාකම හා වර්ධනය ඉක්මනින්ම පැහැදිලි කරනවා. ආයෝජකයන්ගේ විශ්වාසය ඒ සමගම වෙත ඇදෙනවා. මොකද ආයතනයේ Market Cap එක ඉහල නිසා. 

ප්‍රධාන වශයෙන් Market Cap එක අනුව සමාගම් වර්ගීකරණයට ලක් කරනවා. මේ තියන්නේ ඒ වර්ග 3.



Small-Cap Companies.

  1. ආයතනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 50 සිට බිලියන දෙක අතර වේ.
  2. අලුතින්ම ආපු සමාගම් මේවයි.
  3. ඉතින් කොටස මිල ඉතාම අඩුයි. තාම ළදරු අවධියේ නිසා.
  4. සාමාන්යෙන් Traders & Investors Target කරනවා මේ වගේ ආයතන.
  5. හේතුව කෙටි කාලයකදී මේවගේ ප්‍රධාන වශයෙන් ඉහල මට්ටමේ ආර්ථික දියුණුවකට යන නිසා.
  6. ඉහල Profit එකකට යන්න පුළුවන්.
  7. ඉක්මනින් කඩා වැටෙන්න උනත් පුළුවන්
  8. Small Cap Company ඉහල Risk ඉහලයි.
  9. ආයතනයේ මුල් කාලේ නිසා නඩත්තු හා අනෙකුත් වියදම් වැඩි නිසා අවසියකුත් වෙනවා
  10. ආයතනයේ ප්‍රතිපත්ති හා දැක්ම තුලින් ආයතනය කොයිබට යයිද කියල දල අදහසක් ගන්න උදව් වෙනවා.

Medium-Cap Company

  1. ආයතනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 සිට බිලියන 10 අතර වෙයි. 
  2. මෙය Small Cap එක පහුකරන් ආපු මධ්‍යම පරිමාණයේ ආයතන වේ.
  3. Small Cap සමාගම් වලට වැඩ Medium Cap සමාගම් වල Risk එක අඩුයි. 
  4. Medium Cap සමාගම් වලට හොද Capital එකක් තියෙනවා.
  5. ආර්ථිකය හොදින් ගියෝතින් Medium Cap සමාගම් හි හොද වර්ධනයක් සිදු වෙනවා.
  6. Trader & Investers ලාට මේක ගැන හොද අදහසක් ආයතනයේ Financial Statement වලින් ලේසියෙන්ම ලබාගන්න පුළුවන්
  7. හැබැයි මේ ආයතනය Small Cap සමාගම් වගේ ඉක්මනින් දියුණු වෙන්නේ නැ. හෙමින් සැරේ වැඩේ වෙනෙන්.
  8. ආයතනයේ වියදම් Small Cap සමාගම් වලට සාපේක්ෂව අඩුයි.

Larger-Cap Company

  1. ආයතනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10+ වේ.
  2. මේවා Blue Chip ආයතන ලෙසද හදුන්වනවා..
  3. අරක්ෂකරිම යෝජනා සිද්ද කරනන් පුළුවන් මේ වගේ ආයතන වල වගේම ස්ථාවර profit එකක්ද ගන්න ලේසි.
  4. අදාල Market එකේ ආර්ථික පරිසරයෙන්ද මේක ආරක්ෂාකාරී වෙනවා.
  5. මේවගේ ආර්ථික වර්ධනය හොයන්න ලේසිම නැ.  සමාගමේ ගබුරුම තැනට බහින්න ඕනේ. මේවා Analysis කරන්න.
  6. ඉක්මන් වර්ධනය නම් වෙන් නැ. එත් ස්ථාවරයි. Risk එක කලින් කිව දෙකටම වැඩ ගොඩක් අඩුයි.
  7. ඒ වගේම තම මේවගේ කොටස් ඉතාම මිල අධිකයි.
  8. මේ ආයතන වල ලාභය සතරම වෙන්නෙත් නැ. මොකද කාලෙකට මේවා වර්ධනයක් වෙනවා අනිත් කාලෙට පොඩ්ඩක් පහලට එනවා. හැබැයි ගොඩක් අවදානම් නැ කලින් කිව දෙක තරම්.

දැන් සාරාංශය. පහල තියෙන පින්තුර බලන්න. 














දැන් බලමු මේක කොහොමද Crypto Currency වලට සම්බන්ධ වෙන්නේ කියල. 

ඒ වගේම හොදට මතක තියාගන්න Crypto Currency Market එකෙන් BTC කියන්නේ එක Coin එකක් විතරයි. අද වෙද්දී ඒ Market එකෙන් BTC තමන්ගේ ආධිපත්‍ය තියන් ඉන්න ප්‍රතිසතය මේකෙන් බලාගන්න..


ඔන්න ලින්ක් එක එකෙන් බලාගන්න. - Click Here



ඔන්න එක උදාහරණයක්. පොස්ට් එක දිග වැඩි ඒ නිසා කතාවේ ඉතුරු ඊට ඊලග කොටසට දැන්නම්..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.