Ads Top

Mother Land Beauty - හෙළදිවයිනේ චමත්කාරය - සෙම්බුවත්ත වැව (Part 2)




ආයුබෝවන් යාලුවනේ. මෙන්න අපේ රටේ සුන්දරම තැනක් ගැන ඔයාලට දෙන දෙවැනි ලිපිය. කලින් ලිපිය කියවන්න ඇතිනේ කට්ටිය..




කියවපු නැති ළමයි මෙන්න මෙතනින් ගිහින් කියවන්න එහෙනම්.. 


Mother Land Beauty - හෙළදිවයිනේ චමත්කාරය 

සෙම්බුවත්ත වැව (Part 1)


කලින් කිව වගේම මේක මිනිස් මනසින් දැක්ක සිහිනයක යථාර්තයක්.. එහෙනම් දැන් කතාව බලමු.. 

මොනවද අපිට සෙම්බුවත්තේදී කරන්න පුළුවන් දේවල් 

01. බෝට්ටු සවාරි.
ලංකාවේ කොතනකවත් ඔබ නොදුටු බෝට්ටු සවාරියක් යන්න තෙම්බුවත්තේදී ඔබට හැකියාව තියෙනවා. ඒ ඇයි කිවොත් තේ වතු, පයින් ගස් යායවල්, පරිසරේ නිසා කුරුල්ලෝ රෑන්, මීදුමෙන් වැසෙන කදු පන්ති බලමින් ඔබේ සංචාරය සිදු කරන්න පුළුවන්. 

අවධානයට- වතුරට බහින්න එපා. වතුර සීතලයි හා ගබුරුයි නිසා අනතුරු සිදු වීමට ඉඩ ඇත.


නාන්න කැමති අයට ඔන්න Pool එකකුත් තියෙනවා. ඇති වෙන්න නාගන්න..




02. පයින් කලේ අස්සේ ආරක්ෂිතව සැරිසරන්න පුළුවන්.
අතිශය සුන්දර පරිසරයක් හිමි සෙම්බුවත්තේ තියෙන පයින් වනාන්තරයේ ආරක්ෂිතව ඇවිදින්න පුළුවන් මේ තැන සිනමාකරුවන්ට හා ආදරවන්තයන්ගේ ආකර්ෂණය නොමදව ලැබෙනවා කියලයි කියන්නේ. උස පයින් ගස් ලගින් යද්දී දැනෙන හැගීම අනිවාර්යෙන්ම විදගන්න අමතක කරන්න එපා..

Wedding වල Preshoot කරනට අයට නම් මේ තැන වඩාත් යෝග්‍යයි..




පරිසරය විදින්න කැමති, විවිධාකාර වූ කුරුළු විශේෂ රැසක් දකින්න පුළුවන් යටත් සෙම්බුවන්ත්ත කියන්නේ මනා තෝතැන්නක්..



03. සුන්දර පරිසරයට රාත්‍රියක් ගත කරන්නට හැකිය.
මේ ගැන වැඩි විස්තර පහත සදහන් දුරකථන මාර්ගයෙන් ඔබට ලබාගන්න පුළුවන්.. නිකමට හිතන්න මේ වගේ පරිසරයට උදැසන හිරු පායද්දි, හිරු බැසයද්දී, පොඩි BBQ පාර්ටි එකක් දාද්දි දැනෙන වෙනස. (සම්බන්ධතා විස්තර පහතින් දෙන්නම්)



04. නායකත්ව පුහුණු හා වෙනත් ක්‍රියාකාරම් සදහා සුදුසු පරිසරය..
බොහෝ ක්‍රියාකාරකම් එකම තැනකදී ලබාගැනීමේ හැකියාව නිසා සෙම්බුවන්ත්ත විවිධාකර ආයතන තමන්ගේ පුහුණු කදවුරු ලෙස සෙම්බුවත්ත තෝරාගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් එහෙම තියෙනවා නම් ඔවුන්ව සම්බන්ධ කරගෙන ඒ දේවල් කරන්න.



ඔන්න ඕක තමයි සෙම්බුවත්තේ කතාව. සුන්දර පරිසරයක සුන්දර හැගීමක් විද ගන්නවා සේම ඒ සුන්දර පරිසරය ආරක්ෂා කරලා අයේ එන්න අමතක නම් කරන්න එපා.. මේ අපේ උරුමයක්. ඒ නිසා අනිවාර්යෙන්ම පරිස්සම් කරන්න. තව වැඩි විස්තර සදහා මේ Video දෙක බලන්න.











සම්බන්දතා 







වෙබ අඩවිය - www.sembuwattalake.com


ස්තුතිය - Travel with Chathura, Sembuwaththa.com, Google.

එහෙනම් තවත් සුන්දර ලිපියකින් මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.