Ads Top

Mother Land Beauty - හෙළදිවයිනේ චමත්කාරය - සෙම්බුවත්ත වැව (Part 1)



ආයුබෝවන් යාලුවනේ. ඔන්න අද ඉදන් පටන් ගන්නවා ශ්‍රී ලංකාවේ ඔබ නොදුටු සුන්දරත්වය ලෝකෙටම පෙන්වන්න. එහෙන්ම ලෑස්ති වෙන්න.



ශ්‍රී ලංකාවේ සමහර තැන තියෙනවා ලෝකේ තියෙන සුප්‍රසිද්ධ ස්ථාන වලට සමාන තැන. එකම දේ ස්වභාදහම ලෝකේ හැදුව. මිනිස්සු එක පවත්වාගෙන යන විදිහ අනුවයි එකේ පැවැත්ම තියෙන්නේ. නවසීලන්තය, ස්විස්ටර්ලන්තය වගේ (කතාවට අනුව) රටවල් තමන්ගේ රටේ පාරිසරික පද්ධතිය ගැන ගොඩක් අවධානය දෙනවා. සුළු ස්ථානයක් උනත් විශ්මිත ස්ථානයක් කරලා ලෝක ප්‍රසිද්ධ කරනවා. හිතලා බලන්න අපේ රට ගැන. එහෙනම් අද කතාව ආරම්භ කරමු. ලිපි දෙකකින් සමන්විත මෙය විස්තර ගොඩක් තියෙනවා කියන්න.

මාතලේ දිස්ත්‍රික්කේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ අල්ලකටුව වත්ත ග්‍රාම සේවා වසමේ සෙම්බුවත්ත වැව ගානක් මේ කතාව. මේක අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. 



මේක ස්වභාවික දෙයක් නෙවේ. Radley Dissage කියන රාජ්‍ය නිලධාරියා ඔහු දන්නා තැනක් ගැන හීනයක් මවලා අද ඒ තැන ඒ හීනෙ තැනට ගේනවා. මේකයි මුල් කතාව. 



එත් මේකේ අතීතය ගැන බලමු. ඉස්සර ලංකාවේ සුද්දෝ ඉද්දි මෙන්න මෙතන එයාල Polo සෙල්ලම කරලා තියෙනවා. ඒ කියන්නේ පහල පින්තුරේ වගේ. පසු කලෙක Factory එකට විදුලිය නිෂ්පාදනය කරගන්න මෙතන භාවිතා කරලා තියෙනවා කියලයි කියන්නේ.



මුලික දේවල් දන්නවනේ. එහෙනම් දැන් කතා කරමු කොහොමද මෙතනට යන්නේ කියලා. යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. Google Map විදිහට දෙන්නම් කට්ටියට අදුනගන්න ලේසි.

ඔබ එන්නේ මාතලේ සිට නම්, මාතලේ සිට ඇල්කඩුවට එන්න ඕනේ එතනින් ඇල්කඩුව Tea Factory පාරේ ගියාම ඔයාලට අදාල තැනට ගියහැකි. නාමපුවරු තියෙනවා ඒ නිසා බය වෙන් එපා.

When you travel from Matale you have to take the Elkaduwa road on the left side.Then you have to reach the Elkaduwa junction which is a small city. From Elkaduwa,you have to take the Hunugala road. There will be a 2- 3 km drive on the Hunugala road to the beautiful Sembuwaththa Lake. (Don’t worry – you will be guided by the name boards from Elkaduwa junction) 



නැත්නම් ඔබ එන්නේ නුවර සිට නම් මෙන් මේ විදිහට අවහැකි.

There is another alternate way that you can reach this place is from Kandy. Go to Waththegama through Katugastota and Madawela . Take take the Matale road. After travelling 500 m , get the Elkaduwa road ( Hunnas Falls Hotel road ) on your right side. From Elkaduwa , travel 2-3 km along Hunugala road.




ඒ වගේම තමයි හොදින් මතක තියාගන්න. අල්කදුවේ සිට මේ පාර වංගු බහුලයි. ඒ වගේම තමයි මෙහෙ කාලගුණය ඒ නිසා ප්‍රවේසමින් යන්න. 

දැනට මේ විස්තර ටික ඇති ඊලග පොස්ට් එකෙන් මෙන්න මේ දේවල් බලාපොරොත්තුවන්න.


  1. සෙම්බුවත්තේ මොනවද තියෙන්නේ 
  2. දැනට එයාලා මොනවද කරන වැඩසටහන් හා ක්‍රියාකාරකම්
  3. දැනට සෙම්බුවත්තේදී කරලා තියෙන විසේස දේවල් 
  4. නැවතුම් හා කෑමබීම ගැන
  5. ඇයි අපි සෙම්බුවත්තේ යන්න ඕනේ 
පොස්ට් එක මෙන්න මෙහෙම අවසන් කරමු. ඇයි මන් මේ තැනට පුංචි නවසීලන්තය හා ස්විස්ටර්ලන්තය කිවේ  





අපේ Photograpers ලා මේවා ගැන හොද අවධානයක් තිබ්බොත් ලෝකෙට අරන්ගියහැකි අපේ නම.එත් ගොඩක් දෙනෙකුත් මේ සුන්දරත්වය තම කැමරා කාචයට අසුකරගන්න කැමැත්තක් නැ වගේ. ඉස්සරහට බලමු ටව විස්තර ටිකක්. පුළුවන් හැමෝම Share කරන්න. හැමෝටම දැනගන්න

රන්දම්වල් නට්ටියගේ Theme Song එකේ ප්‍රධානම රුපරචන ස්ථානයක්. ටිකක් බලන්න තෙරුන් යයි සුන්දරත්ට්වය.


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.