Ads Top

මොනවද මේ Forex/Binary Bot or EA කියන්නේ ?



ආයුබෝවන් යාලුවනේ. මෙන්න මේ කාලේ ජනප්‍රියම මාතෘකාවක් වන Binary Forex හි එක පැතිකඩක් ගැනපොඩි විස්තරයක්...




කීප දෙනෙක් අහල තිබ්බ Bots or Ea ගැන. ඔකේ ඇත්ත කතාව මේකයි. කිසියම් හෝ උපදේශ මාලාවක් අනුව වැඩ කරන රොබෝ කෙනෙක් කියමු. ඒ කිවේ සරලම මට්ටමේ රොබෝ කෙනෙක්. අපි මේක බය්නරි වලට ගත්තොත්. අපි එයට Trading strategy එකකුයි Money mangement strategy එකකුයි දෙනවා. දෙනවා කිවේ එක අදාල පරිගණක භාෂාව යොදාගනිමින් උපදෙස් මාලාවක් ලියනවා. සාමාන්යෙන් මේවා Run වෙන්නේ MT4 or MT5 මුදුකාංගය මතයි. හිතමු දැන් මෙහෙම. 

ඔයා එකට කියනවා රතු රේඛාවයි, කොළ රේඛාවයි cross වෙලා රතු රේඛාව උඩ ගියොත් ඔයා put trade එකක් දාන්න. විනාඩි මේ ගානක කියලා. බැරි වෙලාවත් එහෙම cross නොවුනොත් trade කරන්න එපා. 

ඔකේ කොළ රේඛාව ගැන කිවොත් එක cross වෙලා කොළ රේඛාව උඩ ගියොත් call trade දාන්න. අන්න ඒ විදිහේ rules එකක් දානවා. 

මේවා command ගණයට වැටෙන්නේ. software engineering කරපු අය මේ ගැන හොදට දන්නවා.. ඔය වගේම තමා money managment එකකුත් අපි එයාලට දෙන්නේ. පලවෙනි trade එක 5 ඩොලර්. win කලොත් 10යි ඊලග එක. loss උනොත් නවත්තන්න හෝ 4 trade එකක් දාන්න. ඒ වගේ කියල අපි coding කරනවා. මෙය පැය 24ම උනත් වැඩ කරන්න පුළුවන් රොබෝ කෙනෙක්. 

ඉතින් මෙයට දන්නේ මෙච්චරයි. 
  • දීලා තියෙන command ටික කරන එක නොනැවතී. loss උනත් එකයි win කලත් එකයි. එයාට ඔයා දුන්න command ටික කරගෙන එයා යනවා. 
  • මනුස්සයෝ වගේ උට තේරෙන් නැ. අද loss උනා වැඩි අදට නවත්ත ඕනේ කියලා. (හැබැයි ඔයා coding කරලා තිබ්බොත් දවසට මෙච්චර trade ගානයි දන්න අවසර තියෙන්නේ කියලා. ඒ ගානෙන් එහාට එයා වැඩ කරන නැ, මොකද එයාගේ command වලින් එයාගේ trade ගැන limit කරපු නිසා) 
  • සල්ලි කියන්නේ උට ගණිතමය දෙයක් පමණයි. අපිට වටිනවා උනාට උට එක නියක් ඉලක්කමක්. 
  • ඔය දීලා තියෙන සියලුම command එයා හරියටම කරනවා වරදින් නැතුව. එක 100% sure. මොකද ඌ රොබෝ කෙනෙක්. උට ඔලුවක් නැ හිතන්න බැ.” අද ලොස් වැඩි නවත්තමු බන්” “අද වින් කළා මදි තව trade කරමු.” 
දැන් බලමු මේකේ වාසි අවැසි ගැන. අපිට වටින්නේ එකයි. 

වාසි. 
  1. පැය 24ම එකදිගට මෙයාව run කරන්න පුළුවන් පරිගණකය පැය 24ම on කරලා තියන්න ඕනේ. නැත්නම් vps එකක් හරහා. මොකක් vps. ඒ මොකක්ද ? - මේක කියවලා අදහස ගන්න - https://goo.gl/9akhnB 
  2. හොද Bot or EA එකක් උනොත් නොනවතෝ Profit තමා. අයේ නවත්තනවා බොරු. හිතල්ලකෝ දවසකට උබට පරිගණකයේ ඉන්න පුළුවන් පැය 2යි. එකෙනුත් උබ trade දාන්නේ chart 2ක් බලලා. ඒ පැය දෙකට උබට සෙට් වෙන්නේ trade 10k කියලා. එත් මෙයාලට පුළුවන් ඔයා කැමති තරමක් chart on කරගෙන පැය 24ම ඒවගේ trade කරන්න. (තමන්ගේ account balance මත chart ගාන ගැන අදහසක් ගන්න වෙයි.) 
  3. හොද Bot or EA කෙනෙක් නම් හොද money management එකක් පාවිච්චි කරලා ඔයාලගේ account balance එක ඉහල නංවලා දෙනවා. 

අවාසි. 
  1. Market News වගේ අදාල currency Pair වලට බලපාන දෙයක් ආව ගමන්. chart එකේ දිසාව හොයාගන්න බැරි වෙන්න movement වෙනස් වෙනවා. මිනිස් මනසට තෙරුන් ගන්න පුළුවන්. දැන් යන market එක ඒ තරම් හොද නැ පැත්ත ගහලා ඉන්න එක හොදයි කියල(එත් හොද coder කෙනෙක් නම් market news time වලදී trade hold කරවන්න code කරවන්න පුළුවන්. එත් එහෙම ඒවා මන් තාම දැකලා න) 
  2. එකදිගට ලොස් වෙනකොට අපි පාවිච්චි කරන money management strategy එකක් තමා “martingale strategy” අන්න එහෙම කරලත් එක දිගට ලොස් ආවොත්. account එක විනාඩි ගානකින් උනත් loss කරවන්න පුළුවන්. 
  3. කලින් කිව වගේ සල්ලි කියන්නේ උට ගණිතමය ඉලක්කමක් පමණයි. ලංකාවේ අපි සාමාන්යෙන් trade start කරන්නේ 10$ 20$ 50$ 100$ 500$ උපරිම. සාමාන්යෙන් Bot or EA එකෙන් එක්ක වැඩ කරනවා නම් ලොකු invest එකක් ඕනේ. එයට දරාගන්න පුළුවන්. forex කරන අය උනත් Bots or EA එක්ක වැඩ කරද්දී එයාලගේ invest එක 500,1000 ඉදන් ඉහලට වැඩ කරන්නේ. මොකද risk එක ගැන හිතන නිසා. ඒ වගේම එයාලගේ tradesize එක උනත් පොඩි. මේ වගේ 0.01, 0.05, 0.1 වගේ lots.ඉතින් ලංකාවේ අපිට bots or ea ලේසි නැ. 

මේ පොස්ට් එක උපුටාගෙන වෙන තැන්වල පල කිරීම සපුරා තහනම්.. මේක ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න.. මේ පොස්ට් එකට comment කරලා.

එකතු වෙන්න අපේ Facebook Group එක 
Binary Option Sri Lanka

Group පොස්ට් එක 
මොනවද මේ Bot or EA කියන්නේ ?

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.