Ads Top

අයිස්ලන්තය හා ග්‍රීන්ලන්තයේ නම් පටබැදුනේ මෙහෙමයි.

ආයුබෝවන් යාලුවනේ අද මන් ගේනවා රටවල් දෙකක් අතර තියෙන අපුරු සිදුවීමක්. මෙන් එහෙනම්



ග්‍රීන්ලන්තය කියන්නේ අයිස්වලින් හා හිම වලින් වැසි පවතින අපුරු රටක්. එත් අයිස්ලන්තය කියන්නේ හිම හා අයිස් තියෙනවා වගේම තමා තෘනබිම් වලින් පිරුන රටක්. හරි නම් වෙන්න ඕනේ ග්‍රීන්ලන්තය අයිස්ලන්තය ලෙස හදුන්නුවොත් තමයි. එත් මෙන් මේකයි කතාව.. 



Greenland ඒ නම ලැබුනේ "Eric The Red" කියන දරුණු පුද්ගලයකින් කියලයි කට්ටිය කියන්නේ. මේ පුද්ගලයාගේ ඇත්ත රට තමයි නොර්වේ. ඔහුගේ පියාව ඝාතනය කිරීම නිසා ඔහුවයි ඔහුගේ පවුලයි නොර්වේ වලින් පිටුවහල් කරනවා. ඔවුන් සියලු දෙනාම එකටම පදිංචියට එන්නේ සුන්දර අයිස්ලන්තයට. නමුත් එහෙදි Eric ට සුබදායි වාතාවරණයක් හිමි වන්නේ නැත. එහිදී ඇති උන එක එක ආරවුල් නිසා ඔහුට මිනිසුන් කිහිපයක්ම මර දැමීමට සිදු වෙනවා. කෙසේ හෝ වසර තුනකට පසුව ඔහු ව අයිස්ලන්තයෙනුත් පිටිවහල් කරනවා. 


කෙසේ හෝ ඔහු බෝට්ටුවක නැගී අවුරුදු 3ක කාලයක් පුරා අයිස්ලන්තය අවට හදුනා නොගත් ප්‍රදේශ ගවේසනය කරන්න යනවා. අයෙමත් ඔහු අයිස්ලන්තය පැමිණ ඔහු සොයාගත් අලුත් දුපතක් ගැන සදහන් කරනවා.Eric මේ ප්‍රදේශය ගැන අතිශයෝක්තියෙන් අයිස්ලන්තයේ මිනිස්සුන්ට් කියනවා. පසුව ඔහු මේ දුපත Greenland කියලා නම් කරන අතර අයිස්ලන්තයේ ජිවත් වෙන මිනිස්සුන්ගේ සිත්හි මේ ස්ථානය ගැන ලොකු හීනයක් මවලා පෙන්නනවා. එයාලව එහෙට ඇදලා ගන්න. Greenland කිවම අමුතුම දිව්‍යමය බවක්, අමුතු ලස්සනක් පේනවනේ. කෙසේ හෝ ඔහුගේ මේ උපාය සාර්ථක වෙලා ඔහුව අනුගමනය කරමින් අලුත් නවාතැනේ පදිංචියට යන්න ගොඩ දෙනෙක් කැමති වෙනවා. පසුව තම Greenland හි මිනිස්සු ජනාවාස උනා කියලා කියන්නේ.


අයිස්ලන්තය සොයාගන්නවා කියන්නේ Floki Vilgeroarson කියන පුද්ගලයි. Greenland හොයාගත්ත පුද්ගලයාගේ ප්‍රතිවිරුද්ධ ගතිගුණ තියෙන චරිතය තමයි Floki Vilgeroarson කියන්නේ. අවන්කභාවයෙන් පිරි පුද්ගලයකු ලෙසයිස් අලකෙන්නේ. Eric වගේම තමයි දෙන්නම උපන්නේ නොර්වේ. කෙසේ හෝ ඔහුට සිත්ගන්න සුළු අපුරු දිවයිනක් ගැන අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ඔහු එක හොයාගෙන පවුලේ අයයි මිතුරන් සමග සංචාරය කරලා.



එහෙත් සිදු උනේ අවාසනාවකි. ඔහුගේ එක් දියණියක් Shetland Islands දිවයින අසලදී දියේ ගිලි මියගිහින් තියෙනවා. ඒ වගේම තවත් දියණියක් බටහිර දෙසට ගමන් කිරීමට අකමැති වෙලා Faroe Islands අසල ප්‍රදේශයක විවාහ වී එහි ජිවත් වෙලා කියලයි කියන්නේ. කෙසේ නමුත් ඔහුට මේ අපුරු දිවයින සොයා ගවේසනය කිරීම ආසාව නැවතුනේ නැත. 


පසුව කතාවට අනුව ඔහු ගවේෂණය කරන අතර තුරේදී ලොකු කපුටෝ 3 දෙනෙක් මුදා හැරලා තියෙනවා. ඔවුන් තමන්ට හරි මාර්ගය පෙන්නාවි කියන අධිස්ථානය අතැතිව. පළමු වන්නා දියණිය විවාහ වූ Faroe Islands දිවයිනට අපහු ගිය අතර,, දෙවැන්නා මඩ දුරක් පියබා ගොස් ආපහු ඔහු ගමන් කරපු බෝට්ටුවට පැමිණ ඇත. එහෙත් තුන්වැන්නා උතුරු දිසාවට ගමන් කලේ ඔහුට සුබදායි ආරන්චියක මල්පල පෙන්වමිනි. තුන්වැන්නා ආපසු අවේ නැත. ඔහු එය හොද සලකුණක් ලෙස සිතා ඒ ඔස්සේ ගමන් කිරීමට සුදානම් විය. 

මේ ගමනදී ඔහු ග්‍රීෂ්ම සෘතුව සහිත ලස්සන උණුසුම් මනරම් දේශයක් සොයාගන්නා ලදී. කොලපාට තෘණ බිම් සහිත මේ බිමේ ඔවුන් නැවතුන අතර ටික කලකින් සිත කාලය ඇරබුනු ඔවුන්ට බොහෝ පීඩාවන් වලට මුහුණ දෙන්නට සිදු විය. 

පසුව වසන්ත පැමිණෙයි. Floki ඇතුළු කඳම උසම කන්දට නැග්ගේය. එහිදී ඔහුට විසල අයිස්තාටක පිරි ලස්සන ප්‍රදේශයක් දැක ප්‍රීතියෙන් ඔහු නව අයිස්ලන්තය පිහිටවීමට තීරණය කළේය. 

වසන්ත කාලයේදී Floki ආපසු නොර්වේ රටට පැමිණියේය ඔහු ලද අපහසුකම් ශාරීරික පිඩා ඔහු එළිදරව් කරන ලදී(අයිස්ලන්තයේ සුන්දරත්වයට වඩා ඔවුන් විදපු ශාරීරික දුක ගැන). ඒ දිවයින පදිංචි වීමට හොද තැනක් නොවේය කියා ඔහු මිනිස්සුන්ට කිවේ තමන්ගේ කාලය නිකරුනේ නස්තිකිරීමට අකමැති නිසාමය. 

ඔහු අයිස්ලන්තයේ එක ප්‍රදේශයක් දැක එය ජිවත් වීමට නුසුදුසු යයි පැවසුවත් අයිස්ලන්තයේ සමහර පැති මිනිස් වාසයට සුදුසු යයි සොයාගත්තේ පසුකාලීනව අයිස්ලන්තයේ පදිංචි වූ අයටයි. ඔහු එක කොටසක් දැක ඒ මනරම් දිවයින ප්‍රතික්ෂේප කලත් තව ටිකක් සෙව්වා නම් ඔහු මේ දිවයිනේ පදිංචි වනවා නො අනුමානයි. 

වර්තමාන Greenland පාලනය වන්නේ ඩෙන්මාර්ක් රජය යටතේය. ඒය 3/4 ප්‍රදේශයක් මුලුමනිම අයිස්වලින් වැසි පැවති. එත් එය නම් කල Eric එය මිනිස් වාසයට සුදුසු උණුසුම් පරිසයක් හා හරිත වර්ණයෙන් පිරිඇතැයි කියා මිනිසුන් පෙලබවා සිහින ලෝකයක් මැව්වේය. එබැවින් එය Greenland ම විය.  

එත් අයිස්ලන්තය නම් කල Floki එය තනිකරම අයිස්වලින් පිරි දේශයක් කියා, මිනිස් වාසයට නුසුදුසුයි කියලා ප්‍රතික්ෂේප කරපු නිසා මිනිසුන් තුල ගොඩ නැගුනේ අයිස් පමණක් පිරි දේශයක් කියාය. ඉතින් ජනාවාස වීමට Floki ගේ කාලයේ අයට බැරි උනේ ඔහුගේ තිබු  අඥානවන්ත කම බවයි කියන්නේ. එත් සැබවින්ම අයිස්ලන්තය යනු මිනිස් ජනාවාසයට සුදුසු රටකි. Floki එක ප්‍රදේශයක් දැක මුළු දේශයම ප්‍රතික්ෂේ කලේ ඔහු තුල තිබී ඒ නොහැකියාව වෙන්නට ඇති. 

උපුටා ගැනුම - Anitastravelstories


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.