Ads Top

Dialog Sim එකට රුපියල් 100ක් දාගෙන විනාඩි 48ක් කතා කරමුද ?


ආයුබෝවන් යාලුවනේ. අද මම කියන්න අවේ Dialog එකේ පොඩි වැඩක් ගැනයි. කියවලම බලන්න.




ගොඩක් අය කියන දෙයක් තමා Dialog එකට Card එකක් හෝ Reload එකක් දාලා කතා කරන්න වෙන්නේ කෙටි කාලයක් කියලා. ඉතින් අද ඒ කෙටි කාලය අපිට දැනෙන්න වැඩි කරගමුද ? මෙන්න මෙහෙම වැඩේ කරන්නේ.

මේ වැඩේ කරන්න නම් මුලිකව අවශ්‍ය වෙනවා මෙන්න මේ ටික
  • Dialog Sim පතක්.
  • Android දුරකතනයක්.

මුලින්ම කරන්න ඕනේ "My Dialog" app එක Download කරගන්න එකයි. පහතින් එකට ලින්ක් එක දීල ඇති. 


ඊට පස්සේ ඔයාගේ විස්තර දීලා App එකට Login වෙන්න. 
ඊට පස්සේ App එකේ ටිකක් පහතට ගියාම තියෙන "My Plan" තෝරාගන්න 


එතනින් එන Window එකෙන් ඔයාට කැමති විදිහට , කැමති දේවල් ලබාගන්න පුළුවන්. උදාහරණ විදිහට මෙන්න මෙහෙම හිතන්න.

මං ගාව තියෙන රුපියල් 100න්,
  • මට විනාඩි 48ක් කතා කළහැකි ඕනෑම ජාලයකට.

                    එහෙම නැත්නම් 

  • SMS 363 යවන්න පුළුවන්

                    එහෙමත් නැත්නම් 
  • "Daytime Only" මොබයිල් data 559mb ගන්න පුළුවන් 

                    එහෙමත් නැත්නම් 
  • "Nighttime Only"මොබයිල් data 5.2GB(5279mb) ගන්න පුළුවන් 



මං ඔතන දකින වාසිම දේවල් වෙන්නේ,
  • Calling Package
  • SMS Package
  • Night time Data Package 
එක විතරයි. 

ඕවගේ Usage එක උනත් බලාගන්න පුළුවන් හරියටම. හොර බොරු කරන්න වෙන්නේ නැ Calling and SMS package දෙකේදී නම්. Data ගැන නම් මට කියන්න බැ.


මොකද Calling හා SMS වලදී අපිට Phone එකෙන් හරි විස්තර ගන්න පුළුවන්. 

තව ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් අහන්න.  කරලම බලල වාසි ගොඩක් තියෙනවා.. එහෙනම් ආයේ පස්සේ දවසක මුණ ගැසෙමු. හැමෝටම ජය වේවා..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.