Ads Top



ආයුබෝවන් යාලුවනේ. අද මම ඔයාලට ගේන්නේ මම ගිය ගමනක් ගැනයි. මේ රටේ අසිරිය දකින්න ආස අයටම හමයි මේ ලිපිය.


පසුගිය අගෝස්තු මාසයේ 19 වන දින (2019.08.19) මහනුවර නගරයට යාබදව තියෙන ගලහා කියන නගරයේ ෆිනෑන්ස් වත්ත කියන තැනටයි ගියේ. පෞද්ගලික ගමනක් උනත් මම එක සංචාරක ගමනක් විදිහට හරවා ගත්තා. මොකද ඒ තරම් ඒ පරිසරය සුන්දර බව නිසා.



මනරම් කන්දක් උඩ පිහිටි මෙම කුඩා වත්ත, පුංචි පුංචි තේ වතු වලින්ද ලොකු ෆයිනස් ගස් වලින් පිරුණු කදු මුදුනකින් හා වටපිටාව බලද්දී අම්බුළුවාව ද දකින්නට ලැබෙන අතිශය සුන්දර දසුන් මවන තැනක් බව සනාත උනා.

සුන්දර බෞද්ධ පරිසරයකින් හෙබි මේ ප්‍රදේශය හවස් යාමයේ කදු පාමුල තිබු බණ ගෙදරක ශබ්දයෙන් මුළු පරිසරයම ඔපවත් වී තිබුණි. 



රාත්‍රිය එළබෙන විට අප සිටින තැන සිට අනෙක් කදු දිහා බලද්දී පුංචි පුංචි එලි දල්වෙලා තියෙන අපුරුව දකින්න වටිනාම අවස්තාවක්. කදු මුදුනක ජිවිතය සිතල හා මීදුමෙන් පිරි මෙන්ම වැහි දිය පොදෙන් තෙත් බරිත වෙන බව අප සැවොම දන්නා කාරණයකි. ඉතින් ඒ අත්දැකීමද මට මනාව දකින්නට ලැබුනා. 



තවත් විශේසත්වය වන්නේ මේ මේ අවට ජනයාගේ අවමංගල කටයුතු වලදී මිනිය වළලනු ලබන්නේ අර කදු මුදුනේ තියෙන ෆයිනස් කාලයේ එක්තරා ස්ථානයකි. අපහසු ගමන් මාර්ගයට මෙය තිබුනද ඔවුන් එයද සිදු කිරිමට මැලි කමක් නොදක්වති.


මා හා දැනගන්නට ලැබුන තවත් දෙයක් වුයේ මේ කදු මුදුනේ සිටින "බලු දිවියා" පිලිබදවයි. අතීතයේ එසේ බල්ලන් හා අනේ සතුන් ආහාරයට ගනිමින් සිටි බලු දිවියකු මෙහි වාසය කර ඇති බව මෙහි සිටිය අය පවසති. නමුත් දැන් පවත්නා එලිය හා ජනාවාස වීම නිසා එසේ සතෙකු නැති බවද ඔවුන් සදහන් කළේය.  (මේ බව හොයන්නට මම කදු මුදුනට ගියද මටද එය දකින්නට නොලැබුණි, කැදවාගෙන ගිය මාර්ග උපදේශකයෝ දෙන්නාගේ බය නිසා.)


කදු මුදුනේ එක පැත්තක කිසියම් හෝ සතෙකු ලගින ගුහාවක්ද තියෙන බවද දැනගන්නට ලැබූ නමුත් කැදවාගෙන ගිය ඩබල මේ ගැන නොදත්ය.

කෙසේ නමුතු සුන්දර දවස් තුනක සංචාරයකින් පසුව මගේ මේ "නුවර අහස යට" ගමන අවසන් විය. 
මෙහි සංචාරය කරන ඔබට හොටෙල් පහසුකම් ද ඇත.



මගේ මව්බිම ලෝකයේ සුන්දරම මව්බිමයි. මන්දයැයි පැය කිහිපයකින් ඔබට සිතල කාලගුණය ලබන්නට උඩරට පළාතටද, මුහුදු වෙරළ අත්විදින්නද පහසුවෙන් හැකි නිසාමය. මේ රට දියුණු කිසිම කිසිම අපහසුවකින් තොරවල කල හැකි නමුදු සිටිනා පාලකයින් නුගත් හා කළමනාකාරිත්වය පිළිබද කිසිම හැගිමක්වත් නැති අය වූ නිසාමය. 

එසේ නම් නැවතත් සුන්දර ලිපියකින් මුණ ගැසෙමු.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.