Ads Top

උතුරු මැද පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ.. අද අපේ රටේ තියෙන තවත් සුන්දරම පළාත් ගැන කියන්නයි ආවේ. එහෙනම් කියවලාම බලන්නකෝ. 



අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන රැසකින් හා ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පලාතක් ගැනයි. එහෙනම් අපි යන් සුන්දර "උතුරු මැද" පලාතට. ඊට කලින් පහු ගිය ලිපි නොකියපු අයට මෙතනින් ඒවා කියවන්න පුළුවන්.

  1. ඌව පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  2. දකුණ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  3. සබරගමු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 1
  4. බස්නාහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  5. මධ්‍යම පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  6. නැගෙනහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  7. උතුරු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  8. උතුරු මැද පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  9. වයඹ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10

  1. උතුරු මැද පළාත ගැන කෙටි විස්තරයක් මෙන්න. 
                                         උතුරු මැද පළාත දිස්ත්‍රික්ක දෙකින් සමන්විත ආකර්ශනීය ආගමික ස්ථාන රැසකින් සමන්විත පළාතකි. අනුරාදපුර හා පොලොන්නරුව එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ අනුරාධපුර. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 10,472 කි.

උතුරුමැද පළාත ගැන වැඩිදුර කිවොත් මෙය වැව් වලින් සශ්‍රික හා ආගමික ස්ථාන බහුලව පවතින මෙන්ම ජාතික වන උද්‍යාන රැසකින් සමන්විත පළාතකි.

01. ශ්‍රී මහා බෝධිය
ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු ශාඛාවකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි.එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි

02. මිහින්තලේ පුදබිම
මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනාකලේ කලේ මිහින්තලයේදීය. 
වැඩි විස්තර සදහා - click here

03. විල්පත්තුව ජාතික වනෝද්‍යානය
ක්‍රි.ව. 1938 දෙසැම්බර් මස 25 වන දින ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද මෙය වර්තමානයේ අනවසර එළිපෙහෙළි රැසක් සිදුවන වනෝද්‍යානයකි. මෙය වයඹ හා උතුරු මැද පළාතත් දෙකටම හිමි වනෝද්‍යානයකි. ශ්‍රී ලංකාවා අවේනික සතුන් රැසක් හිමි මෙය ආරක්ෂා කිරීම අපගේ හා සියලුම රජයන්ගේ ජාතික වගකීමක් වේ. 

04. මින්නේරිය ජාතික වනෝද්‍යානය
ක්‍රි.ව.1997 අගෝස්තු 12 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද අතර, 1938 මුලින් ම වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශ කරන ලදී.මෙම ප්‍රදේශය ආරක්ෂා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ මින්නේරිය වැව අවට ජල පෝෂක හා අවට ප්‍රදේශයේ වනජීවී ආරක්ෂා කිරීමයි. වැව ඓතිහාසික වැදගත්කමක් සහිත අතර, මහසෙන් රජු විසින් ක්‍රි.ව. තුන්වන සියවසේ දී ඉදි කර ඇත. මෙම උද්‍යානය වියළි සමයේ මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල වාසය කරන අලි ජනගහනය සඳහා පෝෂණ බිමක් වේ.
වැඩි විස්තර - click here

05. ගිරිතලේ වැව් අසිරිය
දෙවැනි අග්බෝ රජු විසින් නිර්මාණය කරන ලද මෙය වර්ග කිලෝමීටර 24 ක් ආවරණය කරරයි. එමෙන්ම මෙහි ධාරිතාව අක්කර අඩි 19,000ක් පමණ වේ. උතුරු මැද පළාතේ සංචාරය කරන ඔබ මින්නේරිය හෝ වෙනත් වැවකින් නාවේ නැත්නම් ඔබේ ගමන සම්පුර්ණ නොවනු ඇත.

06. පරාක්‍රම සමුද්‍රය
"අහසින් වැටෙන එක දිය බිදුවකුත්, ප්‍රයෝජනයට නොගෙන මුහුදට යන්නට නොදෙමි" පැවසු මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් වන අතර මෙහි ධාරිතාව ඝන මීටර දසලක්ෂ 134.07 වේ. මෙය වර්ග කිලෝමීටර 71.71 ආවරණය කරයි. 
වැඩි විස්තර - click here

07. මාදුරු ඔය ජාතික වනෝද්‍යානය
අතිශය සුන්දර වනයකින් හා ඔයකින් සමන්විත මෙම ප්‍රදේශය මිනිස් සිත ආකර්ෂණය කරගන්නවා නියතයි. මෙය හෙක්ටයාර 58,850 පුරා විහිදී ඇත. මෙය අරඹ කර අත්හේ 1983 දිය. මාදුරු ඔය කතෝලික පුදබිම ගැන මම ලියු ලිපිය පහලින් කියවන්න පුළුවන්. අලි ඇතුන් හා විවිධ සතුන් නැරබිය හැකි සුන්දර ප්‍රදේශයකි. 

25 වන ජුබිලිය සමරන වන්නි මඩු දේවමාතා සිද්ධස්ථානය - මාදුරුඔය

08. දිඹුලාගල රජ මහා විහාරය
බෞද්ධයන් අතර මෙන්ම වෙනත් ආගමික අය අතරත් අතිශය ගෞරවාදරයට පත් වූ මෙම බෞද්ධ පුද බිමෙහි බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපි රැසකින් සමන්විතය. මෙය පිළිබද වැඩි විස්තර 

09. රාජාංගනය වේල්ල
කළා ඔය හරස් කොට නිර්මාණය කර ඇති මෙහි වේල්ලේ දිග මීටර 350 පමණ වේ. එම නිසා එම ජලකද හෙක්ටයාර 76,863.60 පුරා විහිලු අවට කුඹුරු වලට ජලය සපයයි.. මේ පලාත වැව් බැදී රාජ්‍ය ලෙසද හදුන්වනු ලැබේ. 

10. අටමස්ථාන
දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකා‍‍වේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට ‍බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය.
මෙහි විශේෂත්වය වන්නේ අතීත පොත් වලට අනුව හා ඉංග්‍රීසි රජයෙන් මෙම අටමස්ථාන වර්ග දෙකක් නිර්මාණය කර තිබීමයි. 

අතීත පොත් වල අනුව - තිස්සාරාමය, භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය , ජන්තාඝර පොකුණ, ශ්‍රී මහාබෝධීන් වහන්සේ ,පෝය ගෙය (ලෝවමාපාය),  ලහබත් ගෙය ,දාන ශාලාව ,රුවන්වැලි සෑය

ඉංගිරිසි රජයට අනුව - ශ්‍රී මහාබෝධීන් වහන්සේ , රුවන්වැලි සෑය , ලෝවාමහාපාය, ථුපාරාමය , මිරිසවැටිය, අභයගිරි දාගැබ , ජේතවන විහාරය , ලංකාරාමය

මෙහි වැඩි විස්තර සදහා click here or Click here

එහෙනම් නැවතත් වැදගත් ලිපියකින් මුණ ගැසෙමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.