Ads Top

කොරෝනා වෛරසය හා අප - Covid19 සතුරාගේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම



ආයුබෝවන් යාලුවනේ. එහෙනම් දැන් පටන් ගනු කොරෝනා වෛරසය හා අප ලිපියේ දෙවැනි කොටස. කොටස් කිහිපයක් ඔස්සේ මේ ගැන වඩාත් හොදින් දැනුවත් කිරීමයි අරමුණ.



මේ ලිපි මාලාවේ පලවෙනි ලිපිය ඔබ කියවන්නට නොලැබුණා නම් මෙතනින් බලන්න. 


මාතෘකා ඔස්සේ මේක ගැන හොද දැනුමක් ලබා ගමු.

01. මොකක්ද මේ වෛරසයක් කියන්නේ ?
02. කොරෝනා වෛරසය ශරීරයට ඇතුළුවන ආකාරය
03. කොරෝනා වෛරසයේ හැසිරීම 


01. මොකක්ද මේ වෛරසයක් කියන්නේ ?


වෛරසයක් යනු ජානමය ද්‍රව්‍ය හා ප්‍රෝටීන කිහිපයකින් ආවරණය වූ ජීවි හා අජීවී ලක්ෂණ දෙකම පෙන්නුම් කරනු ලබන කුඩා අංශු විශේෂයකි. 

i. තවත් ජීව සෛලයකට ඇතුලත් වී වර්ධනය විය හැකිය
ii. බැක්ටේරියා වලට ප්‍රතිකාර කරනවාට වඩා අපහසුයි වෛරස සදහා ප්‍රතිකාර කිරීම.
iii. බැක්ටෙරියාවක්  සෛලයක් ඇතුලට ගියහොත් එහි වර්ධනය සිදුවන්නේ දෙකේ ගුණාකාර ලෙසටයි. නමුත් වෛරසයක් ජීවි සෛලයක් තුලදී විශාල වශයෙන් බෙදීමකට ලක් වෙනවා. එම නිසා එය බහු කාණ්ඩයට අයත් වෙනවා.
iv. වෛරස වල සැමවිටම පවතින්නේ DNA හෝ RNA යන දෙවර්ගයෙන් එක් වර්ගයක් පමණි. 

ඉහත රුපයේ ඇත්තේ වෛසරයක තියෙන මුලික දේවල් වේ. ඒ ගැන එකින් එක හදුනා ගනිමු

i. Envelope Protein හෙවත් ග්ලයිකොප්‍රෝටීන කන්ඩ - මේකෙන් වෙන්නේ. සෛලයේ හා වෛරසයේ සම්බන්ධතාවය ගොඩ නැගීමයි. 

ii. Envelope හෙවත් පොස්පොලිපිඩ ආවරනය - මේකෙන් වෙන්නේ වෛරස තුල තියෙන RNA ටික ආරක්ෂා කිරීමයි. 

iii. Viral Genome හෙවත් වෛරස් ගෙනෝමය - ඒ කියන්නේ වෛරසයේ තුල තියෙන ප්‍රවේනික ද්‍රව්‍ය වල එකතුවයි. DNA හෝ RNA වල. 

iv. Nucleocapsid හෙවත් කැප්සිඩය - එකෙන් වෙන්නේ ගෙනෝමය ආවරණය කර ආරක්ෂා කිරීමයි

v. Viral Tegument හෙවත් වෛරස් ආවරනය - මේකෙන් වෙන්නේ වෛරසය ආවරණය කර ආරක්ෂා කිරීමයි. 

මේකෙන්ම පේනවනේ වෛරසය ඉතා කුඩා උනත් එකේ තියෙන ආරක්ෂක ව්‍යහය.ස්ථර කීපයක්ම තියෙනවා වෛරසයේ ගෙනෝමය ආරක්ෂා කරන්න. 


02. කොරෝනා වෛරසය ශරීරයට ඇතුළුවන ආකාරය


මෙය ශරීරයට ඇතුළුවිය හැක්කේ ඔබේ අත් වලින් හෝ නාසයෙනි. කොරෝනා රෝගියකු ස්පර්ශ කිරීම හෝ වෛරසය ඇති අයකු සමග සමීපව කතා කිරීමේදී ඇති වන කෙල බිදිති වලිනුත් විය හැකිය. පළමුව මෙය ඔබේ මුඛය තුලින් ඇතුළු වී එහි ගමනාන්තය ලෙස බඩවල්, ප්ලිහාව හා පෙනහළු වේ. 

03. කොරෝනා වෛරසයේ හැසිරීම 

ඒ අතරින් පෙනහළු බරපතල ම ස්ථානයක් ලෙස හදුන්වා දිය හැකිය. පෙනහළු වලින් පිටත Epithelial සෛල වලින් ආරක්ෂක පවුරක් සේ සිටි.  මේක ශෛල බිලියන ගණනකින් සමන්විත ස්ථරයකි. 

කොරෝනා වෛරසය ඔබේ පෙනහළුවලට බලපෑම් කිරීමට නම් මෙන්න මේ Epithelial ආරක්ෂක සෛල තුලින් ගමන් කල යුතු වේ. Corona Virus  එක RNA ගණයට අයත් වෛරස වර්ගයක් බැවින් හා අපේ පෙනහළුවල තියෙන  Epithelial ආරක්ෂක සෛල මගින් පිළිගන්වන්නේ DNA විතරක් නිසා RNA ටික DNA බවට පරිවර්තනය වීමක් වෙනවා. ඉන් පසුව අපේ අරක්ෂකයාව නොමග යවමින් Cell එක හා සම්බන්ධ වෙලා එය ඇතුලට කොරෝනා වෛරසයේ රෝග බිජ ටික ඇතුල් කරනු ලබයි. 

ඇතුළු වූ රෝග බිජ තවදුරටත් වර්ධනය වෙමින් ශෛලය පුරාම විහිදෙනවා. (රෝග බිජ එකකින් දෙක ගානේ නිපදවනවා සැහෙන ප්‍රමාණයක්) අනතුරුව විශාල වශයෙන් නිර්මාණය වූ වෛරස බිජ ටික ඒ සෛලයෙන් පිටතට ඇවිත් අනෙකුත් සෛල වලට බලපෑම් කිරීමට පටන් ගන්නවා. අනතුරුව පෙනහල්ල පුරාම මේ රෝග බිජ පැතිරෙන්න පටන් ගන්නවා.. 

සරල විදිහට කිවොත්. කිසියම් හෝ සතුරෙකු විසින් අපේ මව්බිමට පැමිණ අපේ භාෂාව, හැසිරීම්, ආහාර රටාව හදුනාගෙන හැඩගැසෙමින්. සතුරාට උවමනා ලෙස අපේ රටේ මිනිස්සුන්වත් සතුරා සිතන පරිදි වෙනස් කොට රට විනාස කිරීමේ කාර්ය සිදු කරන්න යනවා. 

ඔය මොන සතුරාටත් විරුද්ද වෙන කොට්ටාසයක් ඉන්නවා. අන්න ඒ අය ගැන තමා ඊලග ලිපිය වෙන් කරන්නේ. 

සතුරා අනාත කොට විනාස කර කෑලි වලා කඩා විනාස කරන  "Super Hero" හෙවත් "සුපිරි වීරයාගේ" කතාව ඊළගට බලාපොරොත්තු වන්න. 



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.