Ads Top

කොරෝනා වෛරසය හා අප - වෛරසයට අභියෝග කරන Super Hero වන ප්‍රතිශක්තිකරණය



ආයුබෝවන් යාලුවනේ. දැන් ලියන්න යන්නේ ලෝකෙටම වසංගතයක් සේ පවතින් කොරෝන වෛරසයට අභියෝග කරන අපේ Super Hero ගැනයි.




ශරීරය කියන්නේ හරියට රටක් වගේ. එක ආරක්ෂා කිරීමට විශේෂිත වූ කොට්ටාසයක් ඉන්නවා. ඉතාම බලවත්, ක්‍රියාශීලි, වේගවත් දරුණු කොටසක්. රට පළමුව සේ රකින අභිමානවත් මිනිසුන්ට එහා ගිය කොටසක්. අන්න එහෙම කොටසක් අපේ ඇගේත් ඉන්නවා. එයා නමින් ප්‍රතිශක්තිකරණය(immunization) ලෙස හදුන්වන්න පුළුවන්. 
ශරීරයේ සෛල මිලියන ගණනකට අසාදනය වූ බිලියන ගණනක වෛරස විජබිජ ඔබේ පෙනහළු ආක්‍රමණය කර තියෙද්දී සටන් පෙරමුණට පැමිණෙන ඔබගේ ප්‍රතිශක්තිකරණය බලසේනාව ගැන අපි කතා කල යුතුමයි. 

01. මොකක්ද මේ ප්‍රතිශක්තිකරණය කියන්නේ ? 
02. ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ මොනවගෙන්ද හා එයාට මොකක්ද කරන්න පුළුවන් ? 
03. කොරෝනා වෛරසය හා අපේ Super Hero හෙවත් ප්‍රතිෂක්තියේ සටන 

01. මොකක්ද මේ ප්‍රතිශක්තිකරණය කියන්නේ ? 


මිනිස් ශරීරයට බලපෑම් කරන ආසාදන , විෂ, වෛරස හෝ, බැක්ටේරියා වර්ග හා සටන් කරමින් සැමවිටම ඔබේ නිරෝගිතාවය වෙනුවෙන් කැප වෙන විශිස්ටම ගනයේ Super Hero කෙනෙකි. ඔබ අනිවාර්යෙන්ම අත්දැක ඇති දෙයක් ලෙස මෙය හදුන්වා දිය හැකිය. 

02. ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ මොනවගෙන්ද හා එයාට මොකක්ද කරන්න පුළුවන් ? 

මේ විශිෂ්ට පද්ධතිය විශේෂිතව වූ කොටස් රැසකින් නිර්මාණය වුවකි. පහත සදහන්ව ඇත්තේ ඒ දේවල් වේ. 

i. සෛල 
ii. පටක 
iii.අවයව
iv. රසායනික සංයෝග (අණු)

එතකොට අපේ Super Hero ට මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ අපේ මේ රෝග වලට. 

i. ශරීරයට තර්ජනය වන ඕනෑම දෙයක් හදුනාගැනීමේ හැකියාව
ii. ඒ වෙත ශක්තිමත් ප්‍රහාරයක් එල්ල කරමින් එය විනාස කිරීමේ හැකියාව
iii. රෝගකාරකය ඉවත් කර ශරීරය සුව කිරීමේ හැකියාව
iv. අපේ Super Heroට හොද මතකයක් තියෙනවා. අයෙමත් මේ වගේ තර්ජනයක් අවොත් කරන්න ඕන දේ ගැන. (සමහර වෙලාවට මෙය දින 10ක කාලයක් වෙන්නත් පුළුවනි, සමහර විට ජිවිත කාලය පුරාම)

තව දුරටත් දැනගන්න මේ වීඩියෝ එක බලන්න 



03. කොරෝනා වෛරසය හා අපේ Super Hero හෙවත් ප්‍රතිෂක්තියේ සටන 

කොරෝනා වෛරසය අපේ සෛල එක්ක එකතුවෙලා අපිට හානි කරන විටදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉදිරියට පැමිණ,

ඔවුන් සතුව තියෙන විශේෂිත වූ ප්‍රහාරක අවි හෙවත් ප්‍රතිශක්තිකරණ සෛල පැමිණ කොරෝනා අසාදනය වූ සෛල හා සටන් කරයි. ඔවුන්ව ක්‍රමානුකුලව පාලනය කිරීමකද සිදු වෙයි. එහෙන්ම වෛරසය හා සටන් කරන සමහර ප්‍රතිශක්තිකරණ සෛල ව්‍යකුලතවයකටද පත්වීමට ඉඩ ඇත. අන්න එතැනදී නිවැරදි තොරතුරැ ලබාදෙමින් හරි මාර්ගයට ගෙන්න උදව් කරන්නේ Cytokines නමැති කුඩා තොරතුරු ප්‍රෝටීනය හරහාය. 

නිවැරදි විධාන ලැබුන පසු ඉදිරිපෙළ අපගේ ප්‍රතිශක්තිකරණ බලඇණියට සහය වීමට අමතර බලඇණි රැසක් එකතු වෙයි.  ඒ අතරින් විශේෂිත වූ බලඇණි දෙකක් හෙවත් සෛල වර්ග දෙකක් ගැන කියන්න ඕනේ. එනම්.


i.  Neutrophils Cell 
 මෙය දහස් ගණන් පැමිණ සතුරන් විනාස කිරීමට අවශ්‍ය එන්සයිම පිට කරනු ලබයි. මෙය සුදු රුධිරානු වල කනිකාමය ගණයට අයත් වේ.




ii.  Killer T Cell 
මේක අයිති වෙන්නේ නිර්කනිකාමය ගණයටයි. 
මෙය විසින් අසාදිත සෛල සොයාගෙන විනාස කරනු ලබයි. 


කෙසේ හෝ විශාල වශයෙන් ප්‍රතිශක්තිකරණ සෛල පැමිණ අසාදිත සෛල විනාස කිරීමේ කාර්ය දිගටම සිදු කරගෙන යයි. සමහර අවස්තාවලදී වැඩි හානියක් සිදු වූ විටකදී පෙනහළු සෛල  නිසා දිගුකාලික අබාධිත තත්වයන් වලටද යා හැකිය.

නමුත් බොහෝ දුරට ඒ තත්වයට යන්නට කලින් නැවත ප්‍රතිශක්තිකරණය යලිත් ඔහුගේ පාලනයට ප්‍රතිශක්තිකරණ සෛල හා පද්ධතියේ පාලනය ලබා ගනී. 

ප්‍රතිශක්තිකරණය දුර්වල අය හට එය වර්ධනය කිරීම සදහා බෙහෙත් වර්ග හා ස්වසනය සදහා උපකාරී වන යන්ත්‍ර භාවිතා කරමින් ප්‍රතිශක්තිකරණයට මෙය සටන් කර විසද ගැනීම සදහා සහයෝගය ලබා දෙනවා. 

ඉතින් ප්‍රතිශක්තිකරණය ඔබේ පැවැත්මට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයකි. සැමවිටම මනා පාලනයකින් මෙන්ම හොද කළමනාකරණයකින් පවතින Super Hero කෙනෙකි. 

ඉදිරියේදී තවත් විස්තර කතා කරමු.  

(තොරතුරු සොයා ගත්තේ අන්තර්ජාලය භාවිතා කරමින් බැවින් කිසියම් හෝ අඩුපාඩුවක් හෝ වැරද්දක් ඇත්නම් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි)

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.