Ads Top

ඇල්ල අවට සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔබට හොදම තැන් - දෙවන ලිපිය




ආයුබෝවන් යාලුවනේ එහෙමං අපේ ඇල්ලේ සවාරියේ දෙවැනි ලිපිය




පසුගිය ලිපිය කියවන්න බැරි උනා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න 


එහෙනම් දෙවැනි ලිපිය ලියන්නත් පටන් ගමු. 

01. Flying Ravana Mega Zipline

ත්‍රාසය ජන ක්‍රීඩා වලට  ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්ථානයකි. පහල ඇති පින්තුර අනුසාරයෙන් ඔබට මේ පිළිබද හොද අදහසක් ගත හැකිය.



02. Pilkington Point

බණ්ඩාරවෙල නගරයෙන් දුම්රියපල දෙසට දිවෙන මාර්ගය පූනාගල පාරයි. පූනාගල කුඩා කඩමන්ඩිය ට ළඟාවීමට මෙයින් හැරී ගමන්කළ යුතුය. මෙය නිල වශයෙන් අවසාන වන්නේ කොස්ලන්ද නගරයේ දී A4 මාර්ගයට වැටීමෙනි. මෙම මාර්ගයේ බණ්ඩාරවෙල සිට කොස්ලන්ද දෙසට පැමිණීමේදී පූනාගල වතුයාය හමුවේ, මෙම වතුයාය හරහා දිවෙන Pilkington point road නම් වූ ප්‍රපාතයක් අයිනෙන් දිවෙන, ඉතා ක්ෂිණ වූ මාර්ගය ඔස්සේ ගමන්කර පිල්කින්ටන් කෝවිල වෙත ලඟාවිය හැක, එහිසිට පා ගමනින් Pilkington point කරා යා හැක. මෙහි සිට බැලු කල්හි, අලිකොට ආර, හඳපානාගල වැව, ලුනුගම්වෙහර ? ජලාශය ආදී විවිධාකාර වූ ජලාශ ද, කතරගම දෙසට විවිධාකාර වූ කඳු ගැට ද මැනවින් දර්ශනය වේ.



03. Devil staircase - යක්ෂයාගේ පඩිපෙල

යක්ෂයාගේ පඩිපෙල නමින් හදුන්වන මෙම මාර්ගය ,ශ්‍රී ලංකාව තුල සංචාරය කරන්නෙකුට හමුවන භූ විෂමතා වන් ගෙන් අධිකම මාර්ගයක් ලෙස දැක් වීමට හැකියි. මෙම මාර්ගයට ප්‍රවිෂ්ට වීම සදහා ඔහිය බොරලන්ඳ මාර්ගයේ,   ඔහිය දුම්රියපොළේ සිට හෝටන්තැන්න දෙසට ගමන් කර  26km කණුව අසලින් වමට හැරී ගමන් කලවිට දැවැන්ත පඩිපෙලක් ආකාරයට සෑදුණු මාර්ගයකි මේ මාර්ගය දිගේ 15km පමණ ගිය කල කොළඹ -බදුල්ල (99 බස් පාරේ) කලු පහණ හංදිය හමුවේ. මාර්ගය අති දුෂ්කය , පාර වැරදීමට අනන්ත ඉඩ ඇත. මාර්ගයේ දී හමුවන්නවුන්ගෙන් වැඩිමනක් දමිල වතු කම්කරුවන්ය.



04. Nil Diya Pokuana - නිල් දිය පොකුණ (දැනට තාවකාලිකව වසා ඇත 18.02.2023)

ඇල්ල - වැල්ලවාය පාරෙ කරඳගොල්ල කිට්ටුව පාරකින් කිලෝමීටර් තුනක් ඇතුළට ගියහම පොකුණ කිට්ටුවට යන්න පුළුවන්.පොකුණ තියෙන තැනට යන්න නම් මීටර් හාරසීයක් විතර කැලේ ඇතුලටත් යන්න ඕන.(පොකුණ බලන්න යන්න මාර්ගෝපදේශකයෙක්ගේ සහය අනිවාර්‍යයි).එතන ඉඳං මීටර් තුන්සිය පනහක් ගුහාව ඇතුලෙන් තමයි ගමන.සංචාරකයෙක් අනිවාර්‍යයෙන්ම යායුතු තැනක් තමයි මේක.


05. Ella Rock

හිරු උදාව නැරබීම ඇති තවත් සුන්දර ස්ථානයකි. ඇල්ලේ සංචර්යා කරන ඔබ අනිවාර්යෙන්ම යා යුතු තැනකි.


06. බඹරකන්ද දිය ඇල්ල

බඹරකන්ද දිය ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇල්ල වන අතර එය ලෝකයේ උසින් වැඩිම දිය ඇලි අතර 299 වන තැන ගනී. මෙහි උස මීටර 263ක් එනම් අඩි 863කි. එසේම මෙම දිය ඇල්ල සුන්දරත්වය අතින් ලංකාවේ පමණක් නොව ලෝකයේම සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රියය. මෙම දිය ඇල්ල ‘බඹරකැලේ’ ඇල්ල යන නමින්ද හදුන්වනු ලබන අතර මෙය නිර්මාණය වන්නේ වලවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔයෙනි. හෝර්ටන්තැන්නෙන් ආරම්භ වන වලවේ ගග පසුව කුඩා අතු ගංගා කිහිපයකටම වෙන්වන අතර එහි එක් අතු ගංගාවක් වන්නේ මේ බඹරකන්ද ඇල්ල නිර්මාණය කරන කුඩා ඔයයි. ඇල්ලේ පහලදී නැවත කුඩා ඔය වලවේ ගග හා එකතු වේ. ඔබ මේ දිය ඇල්ල නැරඹීමට පැමිණේ නම් ඒ සදහා කොළඹ – බදුල්ල මාර්ගයේ එනම් A4 මාර්ගයේ ගමන් කළ යුතුය. කොළඹ සිට ගමන් කරනවිට බෙලිහුල්ඔය පඹහින්න පසුකල විට හමුවන කලුපහන හන්දියෙන් බැස එතැන් සිට කිලෝමීටර 5ක් පමණ ගමන් කළ විට ඔබට මේ සුන්දර බඹරකන්ද දිය ඇල්ල හමුවේ.



එසේ නම් අදට ලිපිය අවසන් අලුත් ලිපියකින් මුණ ගැසෙමු.


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.