මීදුමෙන් වැසි යන සුන්දර හපුතලේ සවාරි 5
02. බඹරකන්ද දිය ඇල්ල - Babarakanda Waterfalls
හැමෝම දන්නා විදිහට ලංකාවේ උසම දියඇල්ල ලෙස හදුන්වන මෙය ඔයාලගේ හපුතලේ සංචාරයට එකතු කල යුතුම ස්ථානයකි. ජිවිතේ එක පාරක් හරි මෙය ලාංකිකයන් වසයෙන් නැරබිය යුතුම තැනකි.
03. Adisham Bungalow
මෙය හපුතලේ නගරයට ආසන්නව පිහිටි 1931 දී Sir Thomas Lester Villiers කියන බ්‍රිතාන්‍ය වැවිලිකරු විසින් නිර්මාණය කරන ලද වර්තමානයේ St. Benedict’s Monastery ලෙස භාවිතා කරන ලස්සන වටපිටාවක් සහිත සුන්දර තැනකි.
04. දඹතැන්න තේ කර්මාන්ත ශාලාව - Dambatenne Tea Factory
ලංකාවේ ඉතා ප්‍රසිද්ධම තේ කර්මාන්ත ශාලාවක් වන මෙය 1890 ඩි ස්ථාපිත කරන ලද්දේ සර් තෝමස් ලිප්ටන් විසිනි. ඔහු ලිප්ටන් තේ වෙළෙද නාමය ලෝක ප්‍රසිද්ද කල පුද්ගලයා වේ. මෙහි ඔබවට විවිධ තේ රස, ඒවා නිෂ්පාදනය කරන ආකාරය ගැන විස්තරාත්මකව දැනගත හැකිය.
හපුතලේ යනවා නම් අනිවාර්යෙන්ම උදේම යන්න මීදුමෙන් පිරුණු හපුතෙල් නගරයේ ඇවිද හවසට ලස්සන ඉර බැසීමක් සමගින් ඔබේ නිවාඩුව හොදින් ගත කරන්න...
එසේ නම් අලුත් ලිපියකින් ලගදීම මුණ ගැසෙමු...




No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....