Ads Top

ශ්‍රී ලංකාවේ කලාවේ නවතම පෙරලිය "නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල" Nelum Pokuna

සුබ උදාසනක් යාලුවනේ... ඉතින් අද දවස ගැන ඔයාල මොකක්ද හිතන්නේ.. අද දවස ගැන රටක් වශයෙන් සිතුවොත් නම් විශේෂි අපිට.. මොකද ලංකාවේ විශාලම රගහල විවර්ත කිරීම අද දිනේදී සිදු වේ. චීන සමුහාන්ඩුවෙන ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස මෙය ලැබී ඇත..  


ශ්‍රී ලංකාවේ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල පිළිබද කෙටි සටහනක්..


මෙය පොළොන්නරුවේ පිහිටි ඓතිහාසික නෙලුම් පොකුණ ආකෘතිය කර ගෙන මෙය නිම වී ඇත..  






මෙය ජෝන් ද සිල්වා සමරු රගහල කලා භවන ජාතික කෞතුකාගාරය සෞන්දර්ය විශ්ව විද්‍යාලය අතර පිහිටි නොමෑඩ්ස් පිටියේ වර්ග කිලෝමීටර 21760 භුමි භාගයක ඉදි වී ඇත.. මෙයට චීන රජය විසින්  රුපියල් බිලියන 3.08 ආධාර වශයෙන් ලබා දී ඇත..


නවීනතම රගහලක තිබිය යුතු අංග සියල්ලම සමන්විතව තනන ලද මෙහි ප්‍රධාන ප්‍රක්ෂකාගාරයේ ආසන 1288  කින්ද, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන වේදිකා කොටස් 4 කින් යුතුව ඉහලට පහලට චලනය කලා හැකි ආකාරයට නිම වී ඇති මේහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3 රග දැක්විය හැකි පරිදි ප්‍රදාන ප්‍රක්ෂනගරයට අමතරව තවත් ප්‍රක්ෂකාගාර 2 මෙහි ඇත.. එමෙන්ම වාහන 500 පමණ නැවත තැබිය හැකි වාහන අංගනයක්ද , පුහුණු ශාලාවක්ද, පුස්තකලයකින්ද මෙය සමන්විතය...









ඉතින් මෙවැනි විශිෂ්ටගනයේ නිර්මාණ අප අටේ තව දුරටත් ඇතිවීමට කටයුතු කලා යුතුය.. කලාවට බෙහෙවින් ලග සම්බන්ධතාවයක් පවත්වන ශ්‍රී ලාංකිකයන් වන අපට මෙවැනි නිර්මාණ තුලුන් විශ්ව කලාවට විශාල සේවයක් කිරීමට හැකි වනු බව නිසැකයි.....................

මිලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න...............





No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.