Ads Top

අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun) දෙවන දිග හැරුම..

ආයුබෝවන් යාලුවනේ.. අද මම කියන්න ආවේ අපි කලින් ලිපිය හෙවත් අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun) එකේ දෙවැණි ලිපිය තමා මේ.. බලමුකෝ අපේ සුර්යා ගැන තවත් විස්තර ටිකක්...







01.ඔරෝරා බොරියාලිස්
                              ඔරෝරා බොලියාස් හෙවත් උත්තරාලෝකය කියලා කියන්නේ අහසේ ඇති වන වර්ණවත් දීප්තිමත් ආලෝකයටයි. ආරෝපණ අංශුවලින් පිරි සුර්ය සුළං අපේ වායුගෝලයට ඇතුළු වෙද්දී චුම්භක ක්ෂේත්‍රයට බලපෑමක් ඇති වෙනවා. එවිට අහසේ "ඔරෝරා බොරියාලිස්" දීප්තිමත්ව හා පැහැදිලිව දකින්න ලැබෙන්නේ උත්තර ධ්‍රැවයටයි.


02.හිරු දැල්
             හිරුගෙන් විහිදෙන ගිනි ජාලා හැදින්වෙන්නේ සුර්ය ජාලා(හිරු දැල්) කියලයි. මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සුර්ය ජාලාව කිලෝ මීටර හාර ලක්ෂ දෙදහසක් දුරට විහිදී තිබෙනවා. එය පෘතුවියේ සිට සදුට ඇති දුරටත් වඩා වැඩිය..


03.හිරුගෙන් හමන උණුසුම් සුළං
                                      සුර්යගෙන් නිකුත් වන විදුලි ආරෝපණ අංශුවලට කියන්නේ සුර්ය සුළං කියලයි. මේවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙලවරේ ඉන්න කුරු ග්‍රහයා ප්ලුටෝ(දැන් මෙය ග්‍රහයකු ලෙස නම් කර නැත) තරම් දෙගුණයක් ඇතට විහිදී යාමට පුළුවන් බවයි කියන්නේ. ඔයාලා 2012 චිත්‍රපටයට නැරබුවනම්, ලෝකය විනාශ වී යන්නේ මෙවැනි සුර්ය සුළං විහිදී යාමක් නිසා කියල දන්නවද. සුර්ය සුළං විහිදී ගොස් පෘතුවි කුහරයේ උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහල ගිහින් තමයි 2012 චිත්‍රපටයට අනුව භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් අඩිය ඇති වන්නේ.


04. හිරු ලප
            හිරුගේ පෘෂ්ටයේ විවිධ තැන්වල වායු අනෙක් තැන්වලට වඩා සිසිල වූ අවස්තා වලදී ඒවා දිස්වන්නේ අදුරු ලප ලෙසටයි.. මේවා හදුන වන්නේ "හිරු ලප" ලෙසිනි. හිරු ලපයක් කොයි තරම් විශාලද කියනවනම් එක හිරු ලපයක් පුරවන්න නම් පෘතුවි අටක් ඕනා වෙනවා.


05.යුද්ධය නැවතු සුර්යග්‍රහණය 
                                    සුර්ය ග්‍රහණයක් ඇති වන්නේ හිරු සදු හා පෘතුවිය එක එල්ලේ පිහිටන අවස්ථාවේදී සදුගෙන් හිරු වැසි යන විටයි. සුර්ය ග්‍රහණ නිතරම දකිනට නොලැබේ. විශේෂයෙන් පුර්ණ සුර්ය ග්‍රහණයක් කී.පු. 585 දී ලීඩියා හා මිඩ්ස් හමුදා අතර මහා යුද්ධයක් හටගත් වෙලාවේ සුර්ය ග්‍රහණයක් සිදු උනා. ඒ සමගම යුද්ධයත් නැවතුන. දෙපිරිසම අතරේ සාමය ඇති උනා. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.