Ads Top

ආයුබෝවන් යාලුවනේ ඔයාලා දන්නවද මමත් දැන් භාවිතා කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතියයි.. ඔන්න අද මම කියන්න ආවේ වින්ඩොව්ස් 8 හි ආරම්භක වැඩසටහන් වන Startup මුදුකාංග Enable හෝ Disable කරන්නේ කොහොමද කියලා කියල දෙන්නයි යන්නේ.. කරන්නේ තියෙන්නේ මෙන්න මේකයි..


එකටම තියෙන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතියේ ඇති Run වැඩසටහන විවර්ත කරගැනීමයි.. ඒ සදහා වින්ඩොව්ස් බටනය ඔබා Run යන්න ටයිප් කරන්න.. එවිට එම වැඩසටහන විවර්ත වේ.. ඉන් පසු එයට "msconfig" යන්න ටයිප් කරලා ඔකේ කරන්න..


එවිට ඔබට මෙවැනි වින්ඩෝවක් විවර්ත වෙයි.. ඉන් පසු එහි රතු පාටින් පාට කර ඇති "Startup" බටනය ඔබන්න..


ඉන් පසු "Open Task Manager" යන්න ඔබන්න(රතු පාටින් පෙන්වා ඇති ආකාරයට.)


එහිදී ඔබට ඔබේ පරිගණකයේ  වැඩ කරන "Startup"  වැඩසටහන් පෙන්වනු ලබයි.. ඔබට අවශ්‍ය වන වැඩසටහන Enable හෝ Disable කරන්න.. එය කල යුත්තේ රතුපාටින් වර්ණ ගැන්වා ඇති බටනය මගිනි.. අවශ්‍ය වැඩසටහන තෝරා ගෙනයි මම වැඩ පිළිවෙලා කරන්න


තව මොන හරි දැනගන්න ඕනේ නම කියන්න..







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.