Friday, August 23, 2013

Google Chrome හි උපරිම වේගය ලග කරගන්න මෙන ක්‍රම 6ක්



ආයුබෝවන් යාළුවනේ මෙන්න එහෙනම් තවත් වැදගත් ලිපියක්...  



අද මම කියලා දෙන්න යන්නේ ලෝකයේ මේ වන විට බොහෝ දෙනෙකු විසින් භාවිතා කරන Goolge සමාගමේ Google Chrome වෙබ් බ්‍රවුසර් එකේ වේගය තව දුරටත් වර්ධනය කරගන්නේ කොහොමද කියලා.. සුළු සුළු ක්‍රම මගින් සාමාන්‍ය වේගයකට වඩා ඉහල වේගයක් රදා ගැනීමටත්, ඔබේ තොරතුරු වල සුරක්ෂිතතත්වයත් මෙමගින් සුරැකේ... එහෙනම් බලමු කොහොමද එක කරන්නේ කියලා..

පලවෙනි පියවර

සැමවිටම නව සංස්කරණ භාවිතා කරන්න.. එවිට නව සංස්කරණයන් සතු සියලුම දෑ හිමි වේ.. Update කිරීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න. 





දෙවන පියවර 
ඔබේ Googlr Chrome සතු අනවශ්‍ය Extensions  ඉවත් කරන්න.. එවිට වෙබ් පිටු විවර්ත වීමේ වේගය හා Googlr Chrome හි වේගයද ඉහල යයි.. අනවශ්‍ය Extensions ඉවත් කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න..
Chrome හි දකුණු පැත්තේ උඩ තියෙන මේ Button  ඔබන්න... ඊට පස්සේ Settings තෝරාගන්න.. ඊට පස්සේ අනවශ්‍ය Extension එක ඉවත් කරන්න..


තුන්වන පියවර 
"Predict Network actions to improve page load performance" යන එක Enable කරගන්න... 
එක කරන්නේ Chrome හි දකුණු පැත්තේ උඩ තියෙන මේ Button  ඔබන්න ඊට පස්සේ Settings Page එකට යන්න. එකේ Show Advance Settings තෝරාගෙන එකේ Privacy යටතේ තියෙන  "Predict Network actions to improve page load performance" එකට හරියක් දාන්න..


හතරවන පියවර 
පසුගිය වෙබ් බ්‍රවුසින්ග් කල ඩේටා සුද්ද කරන්න.. එක කරන්නේ මෙහෙමයි.. chrome://settings/ යන්න Address bar එකේ Type කරන්න 


පස්වන පියවර 
Temporary Internet Files Delete කරන්න. එක කරන්නේ වින්ඩොව්ස් බටනය සමග R ඔබන්න.. 

ඊට පස්සේ මෙන්න මේ විධානය ලබා දෙන්න %temp% ඊට  පස්සේ එන වින්ඩොව්ස් එකේ ඇති Files "Shift+delete" බැටන ඔබා Delete කරන්න 


හයවන පියවර 
Files වේගයෙන්  Download කිරීම සදහා IDM වැඩි මුදුකාංගය පරිගණකයේ ස්ථාපිත කරගන්න මෙන්න එහෙනම් IDM මුදුකනගය...



එහෙනම් නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු....




Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....