Ads Top

ජලය යටදී දිලිසීමේ හැකියාව ඇති සත්ව විශේෂ 180ක් විද්‍යාඥයන්ගේ අනාවරණයට ...






ආයුබෝවන් යාලුවනේ මෙන්න මන්  දෙයක්...







අලුත් දේවල් දැනගන්න කැමති අයට තමා මේ විශේෂනගේය.. මේ සදහා මට උදවු කල බුද්ධි ප්‍රබෝධ ටත් මගේ හද පිරි ස්තුතිය...මෙන්න කතාව..


මුහුදු ජල්ලීන් (Jelly Fish) හා කොරල් වැනි වාසනාවන්ත ජීව විශේෂ කිහිපයකට ආලෝකය උරාගනිමින් වෙනත් වර්ණ ආලෝකය විහිදවීමේ වාසනාව පවතිනවා.මෙම සංසිද්ධිය bioflurenscene ලෙස හැඳින්වෙන අතර පසු කාලයේදී එවැනි ජීව විශේෂ 180ක් පමණ සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව සිටිනවා.




සාමාන්‍ය ආලෝක තත්වයන් යටතේ අපට හුරුපුරුදු ජීව විශේෂ රාශියක් ගැඹුරු ජලයේදී සම්පූර්ණයෙන් වෙනස් ලෙස දිස් වීමට සමත්කම් දක්වනවා. දෘශ්‍ය වර්ණාවලියේ නිල් වර්ණය හැර බොහෝ කොටසක් ජලය  විසින් උරාගනු ලබන අතර තවද  බොහෝ ජීවීන්ට  ආලෝකය උරා ගනිමින් තැඹිලි,රතු හා neon කොළ වැනි වර්ණවලින් ප්‍රභාමත් වීමේ හැකියාව  පවතිනවා. මෙම සංසිද්ධිය පියවි ඇසට හසු කර ගැනීමට නොහැකි බැවින් බරුක් සරසවියේ හා ස්වභාව ඉතිහාසය පිළිඹඳ ඇමරිකානු කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් නිල් පැහැති ආලෝක කදම්භයන් හා කහ පැහැති චායා පෙරණ(filters) යොදා ගනිමින් නිල් පැහැය මගහරවා ජීවීන්ගේ  දීප්තිය පමණක් කැමරා කාචයට හසු කරගැනීමට සමත්ව සිටිනවා. මෙහි දැක්වෙන්නේ ඒ පිළිඹඳ වීඩියෝවකි.

මෙම සොයාගැනීමත් සමග විද්‍යාඥයන් විශ්මයට පත්ව සිටින්නේ  Eels Lizardfish වැනි මත්ස්‍යයින්ට මෙන්ම මොරාටද මෙම අපූරු හැකියාව පවතින බැවිනුයි. කාණ්ඩ 50කට අයත් දීප්තිමත් ජීව විශේෂ 180ක් මේ වන විට අනාවරණය කර ගැනීමට ඔවුන් සමත්කම් දක්වා තිබෙනවා.






මෙම ජීව විශේෂයන්ට එකිනෙකා අතර සංනිවේදනකටයුතු හා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට එකී දීප්තිමත්භාවය ඉවහල් වන බව විද්‍යාඥයන් මේ වන විට මත පල කර තිබෙනවා.මෙම අපූරු සොයා ගැනීම   PLoS One ජර්නලයේ ජනවාරි කලාපයෙන් වාර්තා කර තිබු අතර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ජීවින්  තම විද්‍යාගාර වෙත අලුත් රසායනික සංයෝග එක් කරනු ඇති බවයි.


ඔබේ අදහස් ද මෙහි දමා යන්න...

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.